ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් ඇතුළු දැනට අත්අඩංගුවට ගෙන සිටින අරගලයේ ක්‍රියාකාරීන් සියලු දෙනා නිදහස් කරන තුරු සහ දැනට පනවා ඇති හදිසි නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කරන තුරු ජනාධිපතිවරයා සමග කිසිදු සාකච්ඡාවකට සම්බන්ධ නොවන බව දමිළ ජාතික ජනතා පෙරමුණ පවසයි.
එම පක්ෂයේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා පැවසුවේ, ඒ පිළිබඳව ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවයි.
එය ඉදිරියේදී ලිඛිතව ඉදිරිපත් කෙරෙනු ඇත.
ලබන 10 වැනිදා පස්වරුවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා එම පක්ෂයට ආරාධනා කර තිබේ.
ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා සඳහන් කළේ, ගෝල්ෆෙස් අරගලය තවදුරටත් පැවතිය යුතු බව අග්‍රාමාත්‍ය ධුරය දරමින් සිටියදී ප්‍රකාශ කළ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් විමෙන් පසුව එය මර්දනය කිරීම, කිසිසේත් සාධාරණීයකරණය කළ නොහැකි බවය.