මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර ඉදිකිරීම සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 51ක ණය මුදලක් චීනයේ එක්සිම් බැංකුව විසින් අත්හිටුවා තිබේ.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය හමුවේ චීනයේ එක්සිම් බැංකුවෙන් මුදල් මුදා හැරීම ප්‍රධාන වශයෙන් අත්හිටුවා ඇති අතර මේ හේතුවෙන් එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජය අර්බුදයකට පත්ව ඇත.
ශ‍්‍රී ලංකාව විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීමට තීරණය කර තිබීමද චීනයේ මෙම තීරණයට බලපා ඇත.
කඩවත සහ මීරිගම අතර කිලෝමීටර් 37 ක දුරක ව්‍යාපෘතියේ සේවය කළ චීන ජාතිකයන් 500 ක් පමණ පිටත්ව යාමට පටන් ගෙන ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රදේශවාසීන්ගේ රැකියා 2000 ක් පමණ අනතුරට ලක්ව ඇත.
ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2020 සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරන ලද අතර එය 2024 අවසානය වන විට අවසන් කිරීමට ඉලක්ක කර ඇත.
මේ වන විට ව්‍යාපෘතියෙන් සියයට 32 ක් පමණ අවසන් කර ඇත්තේ ශ්‍රී ලංකා රජයේ රුපියල් බිලියන 33 ක පමණ මුදලිනි.