• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් එවපු ලියුමට විමල් වහා උත්තර යවයි! අපි එවපු යෝජනාව ඔබතුමා තේරුම් අරන් නෑ! ඔබතුමාගේ පරණ උපදේශකයන් එකතු වෙලා හදන යෝජනාවලට මහජන විශ්වාසය දිනාගන්න බැරි බව තේරුම් ගන්න! දැන්වත් පොදු වැඩපිළිවෙළක් හදන්න!

August 1, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
විමල් ආණ්ඩුවට සහාය දෙන්න ලෑස්ති වෙයි! රනිල්ට ලියුමක් යවයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එවනු ලැබූ ලිපියට පිළිතුරු ලිපියක් යොමු කිරීමට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පියවර ගෙන ඇත.

එම ලිපිය මෙසේය.

ගරු ජනාධිපති
රනිල් වික්‍රමසිංහ මහතා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.

ගරු ජනාධිපතිතුමනි,

ආර්ථික සහ සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන
සර්වපාක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම

ඔබතුමා විසින්  සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත යොමුකරන ලද උක්ත ශිර්ශය සහිත 2022-07-29 දින දරන ලිපිය ලදිමි. මා විසින් ඊට පෙර  “පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ රාජ්‍යය බිඳවැට්ටවීම සඳහා දියත් වන ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුමට ගොදුරු නොවීම සඳහා” යන ශීර්ෂය යටතේ 2022-07-28 දින ඔබතුමාට ලිපියක් යොමුකරන ලදී. නමුත් ඔබතුමා විසින් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත යොමුකරන ලද ලිපිය අනුව ආර්ථික අර්බුදය විසඳීම සඳහා අප විසින් ඉදිරිපත් කළ මූලික උපායමාර්ගික ප්‍රවේශය ඔබතුමා විසින් නිවැරදිව තේරුම් ගෙන නොමැති බව පෙනීයයි. ඔබතුමා සඳහන් කරන සර්වපාක්ෂික වැඩපිළිවෙළක් ඔබතුමාගේ පැරණි උපදේශකයින්ගේ එකතුවක් මගින් සකස් කිරීම හරහා දේශපාලන පක්ෂවල සහ මහජනයාගේ විශ්වාසය දිනාගත නොහැකි බව ඔබතුමා වටහා ගත යුතුය. කෙසේ වෙතත් ඔබතුමා විසින් ඒකපාර්ශ්වීය එවැනි වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට කිසිදු බාධාවක් තිබිය නොහැක. නමුත් ඔබතුමා අගමැති ධුරයට පත්වූ දින සිට ජනාධිපති වීමෙන් පසුව මේ දක්වා එවැනි වැඩපිළිවෙළක් ඒකපාර්ශවීය හෝ රටට ඉදිරිපත් කිරීමට අසමත් වී ඇත.

එම නිසා අර්බුදය විසඳීම මුල්කරගෙන වහාම සර්වපාක්ෂික සමුළුවක් කැඳවිය යුතු බව අපි නැවත අවධාරණය කරමු. ඊට පෙර ඔබතුමාගේ දැක්ම සහ උපායමාර්ගික ප්‍රවේශය මහජනයාට සහ ඉන්පසුව සර්වපාක්ෂික සමුළුවට ඉදිරිපත් කිරීමේ වරදක් නැත. සර්වපාක්ෂික සමුළුවක් වැදගත් වන්නේ දැක්ම, උපායමාර්ගික ප්‍රවේශය සහ ඊට අනුව වැඩපිළිවෙළ මෙන්ම මාර්ග සිතියමක් පොදු එකඟතාවයකින් යුතුව රටට ඉදිරිපත් කිරීම මගින් මහජන විශ්වාසය දිනා ගැනීම සඳහාය. එසේම ඒ මගින් ව්‍යාජ අරගලකරුවන් හෙවත් ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුමේ කුලීකරුවන් ලෙස ක්‍රියා කරන පිරිස් අත තිබෙන දේශපාලන අවිය නිෂ්ක්‍රීය කිරීම ද වැදගත් වේ. ඒකපාර්ශවීයව, හිතුවක්කාර ලෙස අර්බුදය විසඳීම සඳහා ක්‍රියා කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පාඩම් ඉගෙන ගැනීම ඒ සියල්ලටම වඩා වැදගත් වේ.

ඊට අමතරව ආර්ථික අර්බුදය විසඳීම සඳහා විශ්වාසනීය සහ ප්‍රතිඵලදායක ක්‍රියාමාර්ග තුළ මහජන විශ්වාසය දිනා ගැනීම යනු ව්‍යවස්ථා සංශෝධනයක් මගින් දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා වන පූර්ව කොන්දේසියකි. එම කොන්දේසිය ඉටු කිරීමෙන් තොරව ව්‍යවස්ථා සංශෝධන සම්මත කිරීමට උත්සාහ කිරීම මගින් දේශපාලන අර්බුදය තවදුරටත් උත්සන්න විය හැක. විශේෂයෙන්ම නිසි මහජන සංවාදයකට වාතාවරණයක් නොමැති තත්ත්වයක් යටතේ අඩු තරමින් දේශපාලන පක්ෂ අතර එකඟතාවයක් ඇතිකර ගැනීම ඉතා වැදගත් වේ. කෙසේ වෙතත් අප රටේ සිදු කළ ව්‍යවස්ථා සංශෝධන සියල්ල පිටුපස යම් දේශපාලන බලවේගයක කූඨ සහ පටු දේශපාලන අරමුණු තිබූ බව ඔබතුමා ඉතා හොඳින්  දන්නා කරුණකි. ඊට අමතරව දැනට ගැසට් කරන ලද ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට ඇතුළු කිරීම සඳහා අප විසින් ඉදිරිපත් කළ සංශෝධන කිසිවක් ඇතුළු නොකර එය ගැසට් කිරීම මගින් පැහැදිලි වන්නේ සෙසු දේශපාලන පක්ෂවල මතයට ගරු කිරීමක් නොමැති බව නොවේද? එම නිසා පළමුවෙන්ම ව්‍යවස්ථා සංශෝධනයට අදාලව දේශපාලන පක්ෂ අතර පොදු එකඟතාවයක් ඇතිකර ගැනීම ඉතා වැදගත් වේ.

ඒ අනුව සර්වපාක්ෂික සමුළුවක් කැඳවා අර්බුදය විසඳීම සඳහා අවම පොදු වැඩපිළිවෙළක් සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා මාර්ග සිතියමක් රටට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස නැවත වතාවක් ඔබතුමාට අවධාරණය කරමි. ව්‍යවස්ථා සංශෝධනයට අදාල එකඟතාවය ඇතිකර ගැනීම සඳහාද සර්වපාක්ෂික සමුළුව මගින් අවස්ථාව සැළසෙනු ඇත. සර්වපාක්ෂික ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ එම වැඩපිළිවෙළ රටට ඉදිරිපත් කිරීමෙන් පසුව එය ක්‍රියාත්මක කිරීම සඳහා වන යාන්ත්‍රණයක් ලෙසය.  එසේ නොමැතිව හුදු ඔළුගෙඩි මාරුවක් මගින් මහජන විශ්වාසය තහවුරු කළ නොහැක. එම නිසා  ඔබතුමා විසින් එම අවම ජාතික වගකීම ඉටු කරන තෙක් ව්‍යවස්ථා සංශෝධන සඳහා  ඒකපාර්ශ්වීයව යෝජනා ඉදිරිපත් කිරීමට අදහස් නොකරන බව ඔබතුමාට ඉතා ගෞරවයෙන් දන්වා සිටිමි. එමෙන්ම ඔබතුමා සඳහන් කරන පාර්ලිමේන්තු කාරක සභා පත් කිරීම ද සර්වපාක්ෂික අවම පොදු වැඩපිළිවෙළෙහි කොටසක් මිස ඊට පරිබාහිර ක්‍රියාවලියක් නොවිය යුතු බව ද සඳහන් කරමි.

මෙයට
විශ්වාසී,

විමල් වීරවංශ (පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ
2022-07-30

SendShareShare
Previous Post

ඇමැතිවරු වැඩි කරලා ඔළුගෙඩි මාරු කරලා වැඩක් නෑ! තමන්ට වඩා රට ගැන හිතන්න! රටට බරක් නොවන ජාතික ඒකාබද්ධ වැඩසටහනක් හදන්න! විපක්ෂනායක දැනුම් දෙයි! (VIDEO)

Next Post

ගෝඨාව නග්ගපු මාධ්‍ය මේ රටට විනාශයක් කළා! දැන් එක එක්කෙනා ආණ්ඩුවට යනවා කියලා මාධ්‍ය අදත් තව විනාශයක් කරනවා! (VIDEO)

MORE NEWS

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

Load More
නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ගෙවුණු දින 7 ඇතුළත රට පුරා වෙඩිතැබීමේ සිදුවීම් 7ක් සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණ කරයි.Sri Lanka Latest News...

Read more
ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.