• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති රනිල්ගේ අනාගතය මොකක්ද? ආණ්ඩුව කොච්චර කල් යයිද? ඊළඟ පෙරළිය මොකක්ද? රටට හොඳ වෙයිද? නැති වෙයිද? ප්‍රවීණ ජ්‍යොතිෂවේදිනී කල්‍යාණි හේරත් මැණිකේ විග්‍රහ කරයි…

August 3, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ජනාධිපති රනිල්ගේ අනාගතය මොකක්ද? ආණ්ඩුව කොච්චර කල් යයිද? ඊළඟ පෙරළිය මොකක්ද? රටට හොඳ වෙයිද? නැති වෙයිද? ප්‍රවීණ ජ්‍යොතිෂවේදිනී කල්‍යාණි හේරත් මැණිකේ විග්‍රහ කරයි…
Share on WhatsAppShare on Facebook

අපේ රට මුහුණදී තිබෙන මේ අර්බුදකාරී තත්ත්වය තව කොපමණ කාලයක් පවතීද? ඉදිරියේදී රටේ සිදුවන ආන්දෝලනාත්මක සිදුවීම් මොනවාද? මේ ප්‍රශ්න දේශපාලන කෝණයෙන් විමසා බලමින් විවිධ පුද්ගලයන් ලබාදුන් පිළිතුරු ඕනෑ තරම් අද වන විට සමාජ මාධ්‍යවල හුවමාරු වෙනවා. නායකයන්ගේ අදූරදර්ශී පාලනය, වංචාව, දූෂණය ආදී නොයෙක් කරුණු මෙම අර්බුදයට බලපා ඇති බව එම පිළිතුරු අතර නිරන්තර කියැවෙනවා. එහෙත් අපේ රට අද මුහුණපා තිබෙන මේ අර්බුද සමුදාය දෙස ජ්‍යොතිෂ විද්‍යානුකූල කෝණයකින් බලමින් සිදුකළ විග්‍රහයන් දැකගන්නට ලැබෙන්නේ අල්ප වශයෙන්. අපි අද ඔබට ඉදිරිපත් කරන්නේ ප්‍රවීණ ජ්‍යොතිෂවේදිනී කල්‍යාණි හේරත් මැණිකේ මහත්මිය රටේ වත්මන් අර්බුදකාරී වාතාවරණය අළලා සිදුකළ වටිනා විග්‍රහයක්. අභිනව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිසා රටට මුහුණ දීමට සිදුවන භයානක ඉරණමක් පිළිබඳත් ඇය සිය විග්‍රහයෙන් පෙන්වා දෙනවා. කල්‍යාණි හේරත් මැණිකේ මහත්මියගේ මෙම අදහස් දැක්වීම අපි උපුටා ගත්තේ Sakwala Adaviya යූටියුබ් චැනලයෙන්.

රටේ ජනතාවටත්, ලෝකයේ ජනතාවටත් විවිධ තාඩන පීඩනවලට මුහුණ දෙන්න සිදුව ඇති කාලසීමාක අපි බලමු රටට ලෝකෙට මොකක්ද සිදුවෙන්න යන්නේ කියලා. අපි හිතනවා අපට විතරයි මේ ප්‍රශ්න තියෙන්නේ කියලා. නමුත් හොයලා බලනකොට ලෝකෙ බොහෝ රටවල් කුමන හෝ ආකාරයේ අර්බුදයකට මුහුණදීලා සිටිනවා. බටහිර රටවල් වගේම නැගෙනහිර රටවල්, ආසියාතික රටවල් පවා කුමන හෝ අර්බුදයකට මුහුණ දීලා තිබෙනවා. අපේ රට ගැන කතා කරනවා ඉතාමත් නරක විදියට ගොඩ එන්න බැරි තරම් බිමට අපි දැන් වැටිලා තියෙන්නේ.

අපිට ඇයි මෙහෙම වුණේ? මේකට විසඳුමක් ඇත්තෙම නැද්ද? කවුරුත් අහන ප්‍රශ්නයක්. ඇත්ත වශයෙන්ම එහෙම වෙන්න බෑ. මොකක් හෝ විසඳුමක් තියෙන්න ඕනෙ. මෙතෙක් කල් පැවැති ග්‍රහචාරය එක්ක සිද්ධ වුණු දේවල් එකිනෙක අපි විශ්ලේෂණය කරලා බැලුවොත් ඉදිරියට මොකක්ද සිද්ධ වෙන්නේ? බොහෝ දුරට ලෝකෙ රටවල් මුහුණ දීලා තියෙන ප්‍රශ්නවලදී ග්‍රහචාරයේදී හුඟක් හේතු වෙලා තියෙනවා සෙනසුරු, කුජ, රාහු කියන ග්‍රහයන් වගේම පුද්ගලික කේන්ද්‍රවලට බල නොපෑවත් ලෝකායත කේන්ද්‍රවලට, රටේ කේන්ද්‍රයට යුරේනස්, නෙප්චූන් සහ ප්ලූටෝ යන ග්‍රහයන්ගේ හැසිරීම. ලංකා කේන්ද්‍රයේ ලග්නාධිපති කුම්භ ග්‍රහයා පසුගිය වකවානුව තුළ කෙටි කාලසීමක් ලග්නගත වෙලා සිටියා. ජනතාවට යහපතක් උදා නොවුණත්, පොඩි බලාපොරොත්තුවක් තියාගෙන, අද මොකද වෙන්නේ, හෙට මොකද වෙන්නේ කියන දෙගිඩියාවෙන් ඔවුන් සිටියා. ඒ තත්ත්වය අපේක්ෂා කරපු විදියට සිද්ධ නොවීම තුළ ඊළඟට මොකක්ද වෙන්නේ කියන එක අපට ලොකු ප්‍රශ්නයක්.

මේ අවස්ථාවෙදී ග්‍රහචාරය ඇතුළෙත් යම් යම් වෙනස්කම් සිද්ධ වෙනවා. මේ 2022 වසරේ ජූලි 19 වැනිදා සෙනසුරු ග්‍රහයා කුම්භ ලග්නයේ ඉඳලා ආපස්සට එනවා වක්‍ර වෙලා මකර රාශියට. මෙතෙක් කල් තනිවම හිටියා. දැන් යනවා මකරයට. මකර රාශියට ගියාම සෙනසුරුට එතැනදී සම්බන්ධ වෙනවා ප්ලූටෝ ග්‍රහයා. මේ දෙදෙනා අතර ලොකු සම්බන්ධතාවක් ගොඩනැගෙනවා. මේ දෙන්නම සිටින්නේ වක්‍ර වෙලා. ඒ විදියට වක්‍ර වුණාම සිදුකරන සියලු කටයුතු වේගවත්. ලංකාව ඇතුළත පවතින්නා වූ මේ අදූරදර්ශී ක්‍රමවේද, පාපී ක්‍රියාවන්, වංචනික ක්‍රියාවල්වලට දඬුවම් කිරීම් මේ 19 වැනිදායින් පස්සේ නිර්මාණය වෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ නිර්මාණය වීම තුළ නීතිය අවනීතියක් බවට පත්කර ගත්ත අයට ඉඩක් නැති වෙනවා. ඒකට හේතු වන්නේ 12 වැන්නේ ගමන් කරන සෙනසුරු අධිකරණයත්, නීතිඥවරුන්, ඒ හා සමාන ආයතනත් නියෝජනය කරන ග්‍රහයෙක් වීමයි. එතකොට මේ ග්‍රහයා ප්ලූටෝ සමග එකතු වෙනවා. මේ ග්‍රහයො දෙන්නට නිර්වචන දීලා තියෙන්නේ පාතාලය දෙවියො සහ යමයා වශයෙන්. මේ යමයා සහ පාතාලය දෙවියොයි කියන දෙදෙනා එකතු වුණාම ඒ දෙදෙනා හොඳ සංකලනයක් බවට පත් වෙලා පාපතර ක්‍රියාවන්ගෙන් යෙදෙන අය හැකිතාක් ඉවත් කරලා, නීතියේ බලය පිහිටුවලා, අදූරදර්ශී අය ඉවත් කිරීමට, ඔවුන්ට දඬඩුවම් කිරීමට, මහජනතාව ආරක්ෂා කිරීමට උත්සාහ කරනවා. කොහොමද මහජනතාව ආරක්ෂා කරනවා කියලා නිගමනයකට අපි එන්නේ? මේ 12 වැන්නෙන් නියෝජනය කරන්නේ මහජනතාව. මහජනතාව නියෝජනය කරන ග්‍රහයා සෙනසුරු. තමන්ගෙ කණ්ඩායම ආරක්ෂා කරගැනීමට, ඒ අය පීඩනයකට පත්වුණොත්, ඒ අය හිරිහැරයකට පත්වුණොත්, ඔවුන් රැකබලා ගැනීමේ වගකීම අයිතිකාරයට තියෙනවා. ඒ අයිතිකාරයා මේ විදියට ගමන් කරනවා. ඇත්තටම මේක මෙහෙම කරන්න පුළුවන්ද? 10 වැනි භාවය නියෝජනය කරන්නේ ආණ්ඩුව. 1948 පෙබරවාරි 04 වැනිදා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට වෙනස් වුණාට පස්සේ තමයි කුම්භ ලග්නයෙන් උත්පත්තිය ලැබූ ලංකා කේන්ද්‍රය ගැන කියවෙන්නේ. ඒ අනුව බලද්දී 10 වැනි භාවය අයත් වෙන්නෙ වෘශ්චික රාශියට. 10 වැන්නෙන් නියෝජනය කරන්නේ ආණ්ඩුව. වෘෂ්චික රාශියෙ ලග්නාධිපති කුජ. මේ අවස්ථාවෙ කුජ ගමන් කරන්නේ තුන්වැන්නට. තුන්වැනි භාවය වික්‍රමස්ථානය, එඩිතර බව, සතුරන් මර්දනය කරන්න පුළුවන් තැන, තමන්ගෙ ශක්තිය බලය පෙන්නුම් කරන තැන. එතැන කුජ ගමන් කරද්දී ආණ්ඩුවට ඕනෙ දෙයක් කරන්න පුළුවන් වෙන්න ඕනෙ. නමුත් බාධාවක් තියෙනවා.

සතුරු බලයෙන් යුක්තව මේෂ රාශියෙ ගමන් කරනවා රාහු ග්‍රහයා. රාහුගේ කාර්යභාරය තමයි තමන් ඉන්න ස්ථානය නියෝජනය කරන දේවල් නැති කරලා දාන එක. එතකොට මෙතැන නියෝජනය වෙන බල පරාක්‍රමය, වීරත්වය, සහෝදරත්වය, බුද්ධිය වගේ දේවල් ඔක්කොම නැති කරලා දානවා. මේ සියල්ලටම විරුද්ධකාරයෙක් සතුරෙක් විදියට ක්‍රියා කරද්දී කුජගේ ශක්තිය හීන වෙන්න ගන්නවා. එතකොට කුජ කියන්නේ 10 නියෝජනය කරන තැන. 10න් නියෝජනය වෙන්නේ ආණ්ඩුව. ආණ්ඩුව නියෝජනය කරන භාවයෙ අධිපති කුජ ග්‍රහයා තුන්වැන්නේ ගමන් කරද්දී එතැනට බලපෑම් කරනවා රාහු. රාහු තනිවම නෙවෙයි බලපෑම් කරන්නේ යුරේනස් ග්‍රහයා එක්ක. මෙතැනදී බලවත් වෙන්නේ පාලකයො නෙවෙයි, පාලකයා විසින් පාලනය කරන්නා වූ කොටස්. වෘත්තීය සමිති, මහජනතාව, පහළ මට්ටමේ කණ්ඩායම් වගේ කණ්ඩායම්. නමුත් මේ අය පාලනය කරන්න බැරි ආකාරයට නැගී සිටිනවා ආණ්ඩුවට එරෙහිව. ආණ්ඩුවක් වුණාම පොලිසියක් තියෙනවා, ත්‍රිවිධ හමුදාවක් තියෙනවා. නමුත් ආණ්ඩුවට ඇයි ඔවුන්ව මර්දනය කරන්න බැරි? ග්‍රහ ලොව සෙන්පතියා ලෙස හඳුන්වන කුජ ග්‍රහයා අත්අඩංගුවට පත්වෙනවා රාහුගෙයි යුරේනස්ගෙයි. එහෙම වෙනකොට එතැනින් අපට අවබෝධ කරගන්න පුළුවන් වෙනවා රාජ්‍ය නියෝජනය කරන්නා වූ කුජ ග්‍රහයා රාහුගෙන් සහ යුරේනස්ගෙන් පීඩාවට පත්වීම තුළ රාජ්‍ය බලය යොදවලා ජනතාව මර්දනය කිරීමට ඉදිරිපත් වීමෙන් තවදුරටත් මේ රාජ්‍යය පිරිහීමට පත්වෙනවා. ආණ්ඩුව පිරිහීමට පත්වෙලා ඒ පාලකයන් අකැමැත්තෙන් වුණත් බලය අතහැර දාලා යන්න සිද්ධ වෙන මට්ටමකට පරිසරය රට තුළ නිර්මාණය වෙනවා. 2022 ජූලි 19 වැනිදායින් පස්සේ මේක ආරම්භ වෙනවා. 19 වැනිදායින් පස්සේ ඇරැඹෙන මෙම ක්‍රියාදාමය 2023 ජනවාරි 19 වැනිදා දක්වා පවතිනවා.

ආණ්ඩුව ඇතුළෙන්ම ආණ්ඩුවට එරෙහි කණ්ඩායම් නිර්මාණය වීම තුළින් පවතින රජයට යම් යම් බලපෑම් ඇතිවෙනවා. රටේ ආර්ථිකය විදේශය විනිමය පෙන්නුම් කරන්නේ දෙවැනි ස්ථානයෙන්. දෙවැනි භාවයෙන්. මීන කියන්නේ දෙවැන්න. දෙවැන්න අධිපති ගුරු ග්‍රහයා ධනස්ථානයේ ස්වක්ෂේත්‍ර බලයෙන් ගමන් කරනවා. ඒ ස්වක්ෂේත්‍ර බලයෙන් ගමන් කරන ගුරු 11 වැන්නත් නියෝජනය කරනවා. 11 කියන්නේ අයස්ථානය. එහෙම නම් මේ තැන්පත් ධනය ඇති කරන්නේ දෙකට. ලැබීම ඇතිකරන්නේ 11ට. 11 අධිපති ග්‍රහයා, දෙවැන්නේ ස්වක්ෂේත්‍රයෙන්, ඒ කියන්නේ යහපත් විදියට ගමන් කරනවා නම් ලැබෙන දේ තැන්පත් කරගන්න පුළුවන් වෙනවා. එහෙම නම් රටේ සංචිත වර්ධනය වෙන්න ඕනෙ. විදේශ විනිමය ගලාගෙන එන්න ඕනෙ. එහෙම දෙයක් ඇති නොවෙනවා නම් ඒකට බලපෑම මොකක්ද? ඒ බලපෑම තමයි ගුරු ග්‍රහයා, නෙප්චූන් ග්‍රහයාගෙන් පීඩාවට පත්වීම. ඒ පීඩාවට පත්වීම තුළ ගුරුට, ගුරුගේ ශක්තිය පෙන්නලා ආදායම් උපයා ගන්න බැරි මට්ටමකට පත්වෙනවා. ඒ කියන්නේ ලැබෙන්නේ නැහැ. ආදායම් උපයන මාර්ග අවහිර වෙනවා. එහෙම අවහිර වෙනකොට තැන්පත් ධනයක් සකස් කරගන්න බැරි වෙනවා. සංචිත නැති වෙනකොට තවත් රට බංකොලොත්භාවයට පත්වෙනවා. ඊළඟ කාරණය තමයි බරපතළ ආහාර හිඟයකටත් මුහුණ දෙන්න සිදුවෙනවා.

මෙවැනි ග්‍රහ බලපෑමක් අතර මේ අවස්ථාව වෙනකොට 09 වැන්නේ කේතු ග්‍රහයා ගමන් කරනවා. කේතුගේ බලපෑම 12 වැනි දෘෂ්ටියෙන් ලැබෙන්නේ 10 වැන්නට. 10 වැන්න කියන්නෙත් ආණ්ඩුවටමයි. කේතු එක තැන ඉඳගෙන බලපෑම් කරනවා නිවැරැදි විදියට කටයුතු නොකරන තැන්වලට දඬුවම් කිරීමට පරිසරය නිර්මාණය කිරීම සඳහා. එවැනි ආකාරයේ බලපෑමක් කේතුගෙන් සිදුවෙද්දී සෙනසුරු සහ ප්ලූටෝගෙන් අධිකරණයේ නීතිය ක්‍රියාවට නැගෙන නිසා ජනතාව හිතන්නෙ නැති ආකාරයකින් අධිකරණය බලවත් වෙලා පාපතරයන්ට දඬුවම් කරන තැනකට මේ ග්‍රහයාචරය හේතු වෙන බව මම ඔබට කියනවා.

අපි බලමු මේ ග්‍රහයන් හැසිරෙන ආකාරය විග්‍රහ කරද්දී ග්‍රහයන් ඉන්න නැකැත් සකස් වෙන්නේ කොයි විදියටද කියලා. සෙනසුරු ග්‍රහයා ඔය අවස්ථාවෙදී ගමන් කරන්නේ දෙනට නැකැතේ. දෙනට අයිති වෙන්නේ කුජට. කුජ මේ වෙලාවෙ ඉන්නේ තුන්වැන්නේ. කුජ ගමන් කරනවා සිකුරුගෙ නැකැතක. කුජ, සිකුරුගෙ නැකැතක ගමන් කරද්දී කුජගෙ ප්‍රතාපත් බව හුඟක් අවම වෙනවා. බොහොම දරදඬු, දැඩි ගති පැවතුම් තියෙන කෙනකුට ඉතා සුකුමාල සුන්දර ස්ත්‍රියක් ලැබුණාම ඔහුගේ නොනැමෙන ගතිය නම්‍යශීලී බවට පත්වෙනවා. ඒ හා සමාන දෙයක් තමයි තුන්වැනි භාවයේ ගමන් කරන කුජට සිද්ධ වෙන්නේ. ඔහු ගමන් කරන්නේ සිකුරුගෙ නැකැතක. ඒ නිසා ඔහුගෙ නම්‍යශීලී බවක් ඇතිවෙනවා. අර එඩිතර බව, ක්‍රියාශීලී බව බොහොම අකර්මණ්‍ය තත්ත්වයකට පත්වෙනවා. මේ වෙනකොට රටේ නායකයාගේ කේන්දරයට කුජගෙ මේ අකර්මණ්‍ය බව බලපානවා. ඔහු ගනු ලබන තීන්දුවලින් ජනතාව තවත් පීඩාවට පත්වෙන්න පටන් ගන්නවා. මෙවැනි වාතාවරණයක් නිර්මාණය වීම තුළ පැහැදිලිවම රට අරාජිකත්වය කරා තවදුරටත් ගමන් කරමින් ජනතාව සමස්තයක් වශයෙන් වීදි බසින යුගයක් මෙම ජූලි 19 වැනිදායින් පස්සේ ඒකාන්තයෙන්ම නිර්මාණය වෙන බව මේ ග්‍රහ පිහිටීම අනුව අපට පෙන්නුම් කරන්න පුළුවන්.

මෙවැනි අවස්ථා ඉතිහාසයෙන් ඕනෙ තරම් හඳුනාගන්න පුළුවන්. 1953 වර්ෂයේත් මෙවැනි ග්‍රහ බලපෑමක් තිබුණා. 1964 දෙසැම්බර් මාසෙත් මෙවැනි ග්‍රහ බලපෑමක් තිබුණා. නමුත් එදා ඒ කාලසීමාවලදී ඇතිවෙච්ච බලපෑම්වලට වඩා දරුණු ආකාරයේ බලපෑමක් මෙවර ප්‍රබල විදියට බලපවත්වලා තියෙනවා මේ සෙනසුරු – ප්ලූටෝ එකතුව නිසා. ගුරු සිටින තැන නෙප්චූන් ගමන් කිරීම නිසා. කුජ ග්‍රහයාට රාහු සහ යුරේනස්ගෙන් බලපෑම් ඇතිවීම, කුජ ග්‍රහයා සිකුරුගේ නැකැතක ගමන් කිරීමෙන් ඔහුගේ වීර වික්‍රමාන්විත බව අකර්මණ්‍ය වෙලා නොකළ යුතු දේට යොමුවීම නිසා, කේතු 09 වැන්නේ ගමන් කරමින් ආණ්ඩුව නියෝජනය කරන 10 වැන්නට 12 වැනි දෘෂ්ටිය හෙළමින් ඒ තැන්වලට බලපෑම් කිරීම මෙවැනි අසුබදායී බලපෑම් ඇතුළත මේ පාලන තන්ත්‍රයේ ස්ථාවරත්වය ආරක්ෂා කරගන්න බැරි වෙනවා කියන එක තමයි අපට කියන්න පුළුවන්. ඒ නිසා මෙතැනදී මහජනතාව බලවත් වෙනවා. නීතිය බලවත් වෙනවා. අධිකරණය ගොඩාක් දුරට ස්වාධීන වෙනවා. ඒ ස්වාධීනත්වය නිසා රට තුළ මෙතෙක් දූෂිත වෙලා තිබුණු දේවල් ඉවත් වෙලා මහා ගංවතුරකට අහුවෙලා සියල්ල හෝදගෙන ගිහින් ඊට පස්සේ සශ්‍රීකත්වයට පත්වෙනවා වගේ තත්ත්වයකට පරිසරය ඉදිරි කාලයේදී නිර්මාණය වෙනවා කියන එක තමයි සඳහන් කරන්න පුළුවන්.

මේ ග්‍රහචාරය ඇතුළත මෙවැනි ග්‍රහ බලපෑමක් තුළ රටේ දැනට තියෙන්නා වූ ඉතා නරක තත්ත්වයන් ඉවත් වෙලා ගිහින් අලුත්ම යුගයක් ආරම්භ වෙන බව හොඳින්ම පැහැදිලි වෙනවා. ඒ නිසා මම ඔබට බලාපොරොත්තුවක් දෙනවා. ජ්‍යොතිෂය අනුව 2023 ජනවාරි 19 වැනිදායින් පස්සේ මේ රටට මහජනතාවට වත්මන් අර්බුදකාරී තත්ත්වයට වඩා දියුණු යහපත් පරිසරයක් ක්‍රමයෙන් නිර්මාණය වන බව මම නොබියව ප්‍රකාශ කරනවා.

හැම ප්‍රශ්නෙකටම උත්තරයක් තියෙන බවත් ඒ උත්තරය සොයාගැනීමට සාමූහිකව සියලු දෙනාම ඒකරාශී වෙලා කටයුතු කළ යුතුයි කියන එකත් සිහිපත් කරනවා. ද්වේශයට ද්වේශ කරන්නත්, වෛරයට වෛර කරන්නත් එපා. බුද්ධියෙන් ඕනෙම ප්‍රශ්නයකට උත්තර දෙන්න. ඒක මෑත කාලයේ බොහෝ ජනතාව ඒකරාශී වෙච්ච අවස්ථාවලදීත් පිළිබිඹු වුණා. මම හිතන්නේ ඒකට දේවාශීර්වාදයත් ලැබෙන්න ඇති. අනවශ්‍ය විදියට මිථ්‍යාවන් පස්සේ යන්න එපා. අපි මේ කරන විමර්ශන, පැහැදිලි කිරීම් සමහරු භාරගන්නෙ මිථ්‍යාවක් විදියට. නමුත් මේක මිථ්‍යාවක් නෙවෙයි ගණිත ශාස්ත්‍රයක්. මිථ්‍යාවන් පස්සේ ගිය අයට ලැබුණු පිළිතුරු ඔබ දන්නවා ඇති. ඒ නිසා මේක මිථ්‍යාවක් නෙවෙයි විද්‍යාත්මක වූ සත්‍යයක්.



සැකසුම – චානක ලියනගේ

SendShareShare
Previous Post

උසාවිය ගෝඨාට සිතාසි නිකුත් කරයි! (VIDEO)

Next Post

රනිල් දැන් සර්ව පාක්ෂික කරත්තේ දක්කන්න පටන් අරන්! එතුමා දක්කන පැත්තට අපි යන්නේ නෑ! එහෙම යන්නේ හරක් විතරයි! වාසුදේව වෙන්න යන දේ කල්තියාම කියයි! (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.