• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බුද්ධගයාව බෞද්ධයන්ගේ අතට ගත් සටනේ සිටි ශ්‍රී සුමංගල හිමියන් මතකද?

August 3, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
බුද්ධගයාව බෞද්ධයන්ගේ අතට ගත් සටනේ සිටි ශ්‍රී සුමංගල හිමියන් මතකද?
Share on WhatsAppShare on Facebook

1825 දෙසැම්බර් 07 වැනි දින ජන්මලාභය ලැබූ උන්වහන්සේ ‘ලොකුබදුජයසූරිය පටබැඳිගේ දොන් ආබ්‍රහම්’ මැතිතුමාගේ හා එම මැතිනියගේ සිවුවැනි දරුවාය. කුෂ්ටරාජගල, අග්‍රබෝධි රජමහා විහාරය සහ රාජකුලවඩන රජමහා විහාරය ආදී මහා විහාර පිහිටා ඇති දකුණු ලක ඓතිහාසික වැලිගම් පුරවරය, ශ්‍රී සුමංගල හිමියන්ගේ ජන්ම භූමියයි.

ජයසූරිය කුමරුන්ට මුලින්ම අකුරු කියවූයේ වැරැල්ලාවේ පදුම ගබ්භාරාමයේ අධිපතිත්වය දැරූ මහෝපාධ්‍යාය පැරෑලියේ ශ්‍රී ජිනරතන මාහිමිපාණෝය.

අකුරු ශාස්ත්‍රය ඉගෙනීමේ හසල දක්‍ෂතාවද, ගුණ නුවණද හැඳිනගත් ශ්‍රී ගුණරතන නාහිමියෝ, මේ කුමරුවන් පැවිදි කරවීමෙන් රටටත් ජාතියටත් මහත් සේවයක් සිදුවෙතැයි ලොකුබදුජයසූරිය පවුලට පහදා දීමෙන් අනතුරුව ඔවුන්ගේද එකඟතාව මත කුමරුවන්ට වයස අවුරුදු 13 දී වැලිගම ශ්‍රී සුමංගල නමින් පැවිදි බිමට ඇතුළත් කළහ. බෙන්තර අත්ථදස්සි හිමියන් යටතේ වැඩිදුර අධ්‍යාපනය ලැබූ සුමංගල සාමණේරයන් වහන්සේ, 1850දී අහංගම ගොයියාපාන නදී උදකුඛ්‍යෙ සීමාමාලකයේදී උපසම්පදාව ලබාගත්හ. 1868 දී වැරැල්ලාවේ සිට කළුතර පුලිනතලාරාමයට වැඩම කළ මාහිමියෝ එහි සිට තවදුරටත් අධ්‍යාපනය හැදෑරූහ. පාලි-සංස්කෘත භාෂාවන්ගේ බහුශ්‍රැතභාවයෙන් සුප්‍රසිද්ධ වූ මාහිමියෝ 1894 දී එවක අධ්‍යාපන අධ්‍යක්‍ෂතුමන් විසින් විද්‍යෝදය පිරිවෙනේ ‘පාලි සංස්කෘත භාෂා පරීක්‍ෂක’ තනතුරට පත් කරන ලදහ.

බුද්ධගයාවේ හා ශ්‍රී මහා බෝධියේ භාරකාරත්වය බෞද්ධයන්ට ලබාගැනීමට මාහිමියෝ ගත් උත්සාහය අදටත් බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිර්මල චරිතය කාව්‍යයට නඟන ලද ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ්, මාහිමියන්ගේ සමීප සහෘදයෙකි. මෙතුමා ඉන්දියාවට ගොස් බෞද්ධ සිද්ධස්ථාන වැඳපුදාගෙන එහි පැවැති තත්ත්වය හොඳින් අවබෝධ කරගත්තෙකි. 1870 දී පමණ ලංකාවට පැමිණි මෙතුමා පානදුරේ රන්කොත් විහාරයට පැමිණ මාහිමියන් හා දීර්ඝ සාකච්ඡාවක යෙදුණේය. එහිදී බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය සිදුවූ බුද්ධගයාව, හින්දු පූජකයන්ගෙන් බේරාගැනීමේ අවශ්‍යතාව පළමුකොටම එතුමාට පෙන්වා දීමට මාහිමියන්ට හැකිවිය.

මේ පිළිබඳ මෙතුමාද සඳහන් කර ඇත. මෙම අදහස ඉන්දියාව ඇතුළු පෙරදිග රටවල පාලකයන් වෙත ඉදිරිපත් කරන මෙන් මාහිමියෝ එතුමාගෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ් මහතා එංගලන්තයේත් ඉන්දියාවේත් පුවත් පත්වලට ලිපි සපයමින්ද ඉන්දියාව, ජපානය, බුරුමය වැනි රටවල පාලකයන් දැනුවත් කරමින්ද මෙම ව්‍යාපාරය ඉදිරියටම ගෙන ගියේය. මේ බව අනගාරික ධර්මපාලතුමා මාහිමියන්ට එවන ලද ලිපියකින් මනාව සනාථ වේ. එම ලිපියෙහි මෙසේ සඳහනි.

‘ආනෝල්ඩ්තුමා බුද්ධගයා මහා බෝධි මහා විහාරය සම්බන්ධව ක්‍රියා කිරීමට දඹදිවට එන බව පත්‍රවල ප්‍රකාශ කර තිබේ. ඔබවහන්සේගේ උදාරතර ක්‍රියාවෙන් මෙය සිදුවිය. සාධූ සාධූ සාධූ.. නැවතත් බෝ මැඬ බෞද්ධයන්ට ලැබේවි…’

සංස්කෘත භාෂාවේ හසළ දැනුමක් ඇති මාහිමියෝ ශාස්ත්‍රීය ග්‍රන්ථ කිහිපයක්ම ජාතියට දායාද කළහ.

ම්‍රම්මවංශ විනිශ්චය
1872 දී ‘ලක්රිවි කිරණ’ පුවත්පතේ අමරපුර නිකායට හා සියම් උපාලි නිකායට නොයෙක් චෝදනා සහිත වූ ලිපි පෙළක් පළ විය. තවද බුරුමය, රාමඤ්ඤ යන රටවල්හි ප්‍රවෘජ්ජ්‍යය වංශයට හා සියම් රට රාමඤ්ඤ සමාගමට එරෙහිවද මිථ්‍යා ප්‍රලාප බස් ලංකාව පුරා ප්‍රචාරය කිරීමත් මේ අවධියේ බෙහෙවින් සිදුවිය. මේ ආදී නින්දා අපහාස අසන්නට සිදුවූ එවක අමරපුර සමාගමේ ප්‍රධාන ස්ථවිරවරු හා දායකවරු වැලිතර අඹගහපිටිය විහාරයට රැස්ව මෙම දෝෂයන්ට පිළිතුරු පොතක් ලියා සත්‍යය පහදා දීමට තීරණය කළහ. මේ සඳහා විවිධ පුද්ගලයන්ගේ නම් යෝජනා වුවත් අවසාන වශයෙන් සංගමයේ ඒකමතික තීරණය වූයේ වැලිගම ශ්‍රී සුමංගල හිමියන් එය ලිවීම සුදුසු බවයි. ඒ අනුව සුමංගල හිමියන් විසින් ‘ම්‍රම්මවංශ විනිශ්චය’ ලියා 1873 දී ප්‍රසිද්ධියට පත් කරන ලදී.

උප්පත්ති කතා
කුල ගෝත්‍රවාදය පිළිබඳ ගිහි පැවිදි දෙපාර්ශ්වය තුළම දැඩි උනන්දුවක් පැවැති සමයක ශ්‍රීමත් චාල්ස් හැන්රි ද සොයිසා මහතාගේ ආරාධනයකට අනුව සුමංගල හිමි මෙම ග්‍රන්ථය රචනා කරන ලදී. ලක්දිවට විජය කුමරු පැමිණි සමයේ එකල විසූ මනුෂ්‍ය වර්ගය කවරෙක්ද යන්න දැනගැනීමට ඒ වන විට සිංහලයෙන් රචිත ග්‍රන්ථයක් නොතිබුණු බැවින් සුමංගල හිමි ඒ කර්තව්‍යයට අතගැසුවේය. විජය රජුගේ උත්පත්ති කතාවද, රාවණ කතාව හා රාවණ යුද්ධයද සංක්ෂිප්තව මෙහි ඇතුළත් කර ඇත. භාරත දේශයේ මේ සම්බන්ධව ලියැවී ඇති පුරාණ ග්‍රන්ථද ආශ්‍රය කර ගනිමින් මහාවංශයේ හයවැනි පරිච්ඡේදයට ලියන ලද සන්නද සහිතව ඉතිහාසයේ මූලාරම්භය රචනා කර ඇත.

හිතෝපදේශ භාව සන්නය
‘හිතෝපදේශය’, ඉන්දියාවේ ප්‍රසිද්ධ නීති පණ්ඩිතයෙකු වූ විෂ්ණු ශර්මන් විසින් රචිත සංස්කෘත නීති ශ්‍රාස්ත්‍ර ග්‍රන්ථයකි. එකල මන්ත්‍රන සභා මන්ත්‍රීවරයකු වූ සුසෙවු ද සොයිසා දිශානායක මුදලිතුමාගේ ආරාධනයෙන් සුමංගල හිමි හිතෝපදේශයට සිංහල ව්‍යාඛ්‍යානයක් ලියා පළ කළේය. මෙය ජනතාව අතර ඉතාමත්ම ජනප්‍රිය විය. එවක ලංකා ආණ්ඩුව විසින් මෙම ග්‍රන්ථයට භාව සන්නයක්ද එහි විස්තර අන්තර්ගත කොට පාසල් ශිෂ්‍යයන්ට ප්‍රයෝජනවත් වන අයුරින් යළිත් හිතෝපදේශ සංස්කරණයක්ද කරන මෙන් සංස්කෘත ව්‍යාකරණය පිළිබඳ මනා දැනුමක් ඇති උන්වහන්සේට ආරාධනා කරන ලදී. ඒ අනුව 1884 දී ‘හිතෝපදේශ භාව සන්නය’ ද පාසල් ශිෂ්‍යයන්ට සුදුසු පරිදි එහි කතා ආශ්‍රයකොට පාඩම් පොතක් ද සකස් කරන ලදී. මේ ආදී වශයෙන් ‘හිතෝපදේශ’ නැමති සංස්කෘත ග්‍රන්ථය ප්‍රථමයෙන්ම සිංහලට නැඟීමේ ගෞරවය හිමිවන්නේ වැලිගම ශ්‍රී සුමංගල හිමියන් වෙතය.

රජයේ පාසල් පොත් ශුද්ධිය (1891)
රජයේ පාසල්වල පෙළ පොත් විවිධ දෝෂයන්ගෙන් යුතු වීම පිළිබඳ සර් ආතර් එලිබෑන්ක් හැව්ලොක් ආණ්ඩුකාරවරයාගේ සමයේ පානබොක්කේ මැතිතුමා මන්ත්‍රණසභාවට කරුණු ඉදිරිපත් කරන ලදී. ඒ අනුව පත්කළ නිරීක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයකු වූ ශ්‍රී සුමංගල හිමි, පෙළපොත් පළමුවැන්නේ සිට හත්වැන්න දක්වා සුදුසු පරිදි නිවැරැදි කොට සකස් කිරීමට දායක විය. එමෙන්ම බෞද්ධයකු විසින් අනිවාර්යයෙන්ම දැනගත යුතු හා පිළිපැදිය යුතු වටිනා දහම් කොටස් ඇතුළත් කොට උන්වහන්සේ විසින් රචිත ‘උපදේශ විනිශ්චය’ වර්ෂ 1891 දී මුද්‍රණය කරන ලදී.

1867 දී පැල්මඬුල්ලේ සුදර්ශන ධර්ම මන්දිරයේදී පවත්වන ලද ත්‍රිපිටක පොත් ශුද්ධියටද අමරපුර නිකාය නියෝජනය කරමින් මාහිමියෝ සිය දායකත්වය සැපයූහ. 1878 දී අමරපුර නිකායේ මහානායක පදවියෙන් ද ‘ශාසනවංශාලංකාර කවිධජ විනයාචරිය’ යන ගෞරව නාමයෙන් ද මාහිමියෝ පිදුම් ලැබූහ.

1873 බෞද්ධ – ක්‍රිස්තියානි ආගම්වාදයේදී හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, රත්මලානේ ශ්‍රී ධර්මාලෝක හිමි, වස්කඩුවේ ශ්‍රී සුභූති හිමි ආදී නාහිමිවරුන් හා එක්ව මාහිමියෝ බෞද්ධ ග්‍රන්ථ පරිශීලනය කරමින් මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ට වාදයට අවශ්‍ය කරුණු සොයා දුන්හ. පානදුරාවාදය, විෂ්ණුවාදය, රාමඤවාදය, දුස්සීලදානවාදය, දේවපූජාවාදය හා නිර්වානවාදය ආදී වාදයන්නට ද මාහිමියෝ මූලික වී ක්‍රියා කළහ. සඟසතු දේපළ රැකගැනීමට ද යම් යම් හේතු මත භේද බින්න වූ ගිහි පැවිදි දෙපක්ෂයේ සමගිය රැකගැනීමටද මාහිමියෝ සාධාරණ අධිකරණ තීන්දු ගත්හ.

වාද විවාද
පානදුරාවාදයේ බෞද්ධ ප්‍රබෝධයට සමගාමීව, අතිපූජ්‍ය වැලිගම ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේට උපහාර පිණිස පානදුර රන්කොත් විහාරවාසී පානදුර ඥානවිමල තිස්ස ස්වාමින්වහන්සේගේ මූලිකත්වයෙන් 1909 මාර්තු තුන්වැනි දින පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය ආරම්භ කරන ලදී. ගිහි පැවිදි දෙපක්‍ෂයටම ඉංග්‍රීසි භාෂාව සහිත බුද්ධ ධර්මය ඉගැන්වීමේ පරම චේතනාවෙන් 1896 දී මාහිමියන්ගේ මූලිකත්වයෙන් පානදුරේ ශ්‍රී සෞගත විද්‍යාල පිරිවෙන ආරම්භ කරන ලදී. සංස්කෘත භාෂාවෙන් දුරවබෝධ තැන් ලිහිල් කරමින් සංස්කෘතයෙන් ලියැවුණු විවිධ ග්‍රන්ථයන් පරිශීලනයට මංපාදා දීමෙන් ලක් වැසියන්ට මෙන්ම බුද්ධ ශාසනයට ද මාහිමියෝ කළ සේවය අගය කළ යුතුය. ශාස්ත්‍රීය වශයෙන් ද ආගමික වශයෙන් ද ලෝවැඩ සැලසූ මාහිමියෝ වර්ෂ 1905 මාර්තු මස 13 වැනි දින අසූ අවුරුද්දක් ආයු වළඳා මුළුමහත් ජාතියම හඬවමින් අපවත් වූහ. වැලිගම ශාසනවංශාලංකාර කවිධජ විනායාචරිය සිරි සුමංගල නායක ස්ථවිරපාදයාණන් වහන්සේ සිහිවීම පිණිස 1988දී සමරු මුද්දරයක් ද නිකුත් කෙරිණි. ශ්‍රී සුමංගල හිමිගේ ප්‍රධාන ගෝලයකු වූ අග්‍රමහා පණ්ඩිත බේරුවල සිරිනිවාසාභිධාන අමරපුර නිකායේ මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ආරම්භ කළ නාහිමිපාණන් වහන්සේගේ ගුණ සමරු පිංකම සෑම වසරකම මාර්තු මස 13 වැනි දින උතුරු කළුතර පුලිනතලාරාම මහා විහාරයේදී සිදුකරනු ලැබේ.

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්

SendShareShare
Previous Post

කොරෝනා වැඩිවෙනවා! ඉක්මනින්ම එන්නත ගහගන්න! රනිල් ජනතාවගෙන් ඉල්ලයි!

Next Post

මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරමින් සිදුකරපු බැඳුම්කර වංචාවටත් වඩා ලොකු වංචාවක් එළියට එයි! (VIDEO)

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.