බීමත්ව ගිලන් රථයක් ධාවනය කරමින් ත්‍රිරෝද රථ තුනක් අනතුරට පත් කරමින් පුද්ගලයන් තිදෙනකුට තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා හයකට වරද පිළිගත් රජයේ රෝහලක ගිලන් රථ රියැදුරකු හැටන් දිසා හා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරද පිළිගැනීම නිසා ඇප මත මුදා හැරීමටත් වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
බගවන්තලාව රජයේ රෝහලට අයත් ගිලන් රථය නාවලපිටිය සිට බලවන්තලාව දක්වා ධාවනය කරමින් සිටිය දී හැටන් – දික්ඔය මාර්ගයේ දී ත්‍රිරෝද රථ තුනක් අනතුරට පත් කර පුද්ගලයන් තිදෙනකු තුවාල ලබා දික්ඔය රජයේ මූලික රෝහල් ගත කෙරිණි.
එම අවස්ථාවේ ගිලන් රථයේ රියැදුරු බීමත්ව සිටිය බව ජනතාව පැවසූ අතර පසුව වෛද්‍ය පරීක්ෂණවලින්ද එය තහවුරු වූ බව පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.










