හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී අල්ලන්නට සූදානමින් සිටින දේශපාලන අඩව්වක් සම්බන්ධයෙන් වූ කිසියම් ඉගියක් සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කොට තිබේ.
ඒ අනුව සිරිසේන මහතා සදහන් කර ඇත්තේ ‘අරමුණ ජයග්‍රහණය කිරීමට ඉවසීමෙන් නිසි වේලාව එනතුරු බලා සිටිය යුතුය’ යනුවෙනි.

සිරිසේන මහතාගේ එම සදහනට අනුව කිසියම් දේශපාලන සැලසුමක් ඔහු සතුව ඇති බවත්, එය ක්‍රියාත්මක කිරීම සදහා නිසි වේලාව පැමිණෙන තුරු බලා සිටින බවත් පෙනෙන්නට තිබේ.
කෙසේවෙතත් සිරිසේන මහතා මීට ප්‍රථමයෙන් සදහන් කර සිටියේ ජනාධිපති ධූරයෙන් විශ්‍රාම යාමෙන් පසුව තමන් පොලොන්නරුවට ගොස් ගොවිතැන් කරගෙන සිටින බවකි.










