ඉදිරි මාස 3ක කාලය ඇතුළත පවතින මාර්ග නීති සම්බන්ධයෙන් කොළඹ නගරයේ සියලුම ත්‍රිරෝද රථ රියැදුරන් දැනුවත් කිරීමට පොලිස් මූලස්ථානය වෙත උපදෙස් ලැබී තිබේ.
ඒ අනුව කොළඹ සියලුම රථගාල් නියාමනය කිරීම, තැන් තැන්වල ත්‍රිරෝද රථ නවතා තැබීම, මගීන් තැන් තැන්වලින් නංවා ගැනීම, ප්‍රධාන මාර්ගයේ වමෙන් ධාවනය කිරීම ආදී නීතිරීති පිළිබදව ඉදිරි කාලයේදී සියලුම ත්‍රිරෝද රථ රියැදුරන් දැනුවත් කිරීමට පොලිසිය සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
පසුව ලබන මාර්තු මාසයේ සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය සැලසුම් කර ඇති බවද වාර්තා වේ.










