ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා පළමු වරට ප්‍රසිද්ධියේ සිය සොහොයුරු බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමට කටයුතු කර තිබේ.
ඒ, ඊයේ (16) ජනාධිපතිවරයා හා පුවත්පත් කර්තෘවරුන් අතර පැවැති සාකච්ජාවේදීය.
මෙහිදී කර්තෘවරුන් ඉදිරි මහමැතිවරණයේ ලකුණ සහ මහමැතිවරණය මෙහෙයවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් කළ විමසීමකදී ජනාධිපතිවරයා සදහන් කර සිටියේ පසුගිය මැතිවරණවලදී කළාක් මෙන්ම මහින්ද සහ බැසිල් රාජපක්ෂ සොයුරන් එක්ව මැතිවරණය මෙහෙයවනු ඇති බවකි.
‘මේකෙ ආයේ හැංගිමුත්තන් කතා කරන්න දෙයක් නෑ. අපිට ඉන්න දක්ෂම කෙනා මහින්ද. හැබැයි යාන්ත්‍රණය මෙහෙයවන්නේ බැසිල්. ජනාධිපතිවරණයේ සම්පූර්ණ යාන්ත්‍රණය මෙහෙයෙව්වෙත් එයා. ඒ වගේම මහජන්දෙදිත් බැසිල් ඒක කරයි….
‘ඒ වගේම අපි ලාංජනේට ගන්නෙත් දිනන්න පුලුවන් එකක්. ශ්‍රීලනිපයත් එක්ක අස්සන් කරපු ගිවිසුමේ පොහොට්ටුව නැතිව වෙන එකකින් ඉල්ලනවා කියලා අපි එකගතාවකට ඇවිල්ලා නෑ…” යනුවෙන්ද එහිදී ජනාධිපතිවරයා සදහන් කර සිටියේය.