ඉහළ දැමූ දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ක්‍රමවේදය අද (23) සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඊට පරිබාහිරව ක්‍රියාකරන සේවකයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මේ අතර නිසි ක්‍රමවේදයකින් තොරව දුම්රිය ගාස්තු ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් අද දිනයේ පැවැති මිලටම දුම්රිය ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කර සිටියේ ය.










