• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘රාජපක්ෂ සෙවණැලි ආණ්ඩුව’ත් නිල ප්‍රචණ්ඩත්වය මුදා හැරලා! රාජපක්ෂ වියරුවටත් වඩා ‌මේ වියරුව උග්‍රයි! මුලු රටම නැගී සිටින දවස වැඩි ඈතක නෑ! විපක්ෂනායක නිවේදනයක් නිකුත් කරයි!

July 22, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
දුර්වල නායකත්වයක් යටතේ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා! අවනීතිය අයුක්තිය අසාධාරණත්වය රජ වෙලා! ඔළුගෙඩි මාරුවකින් රට ඉල්ලන වෙනස කරන්න බෑ! සමගි නීතීඥ සංවිධානය පිහිටුවමින් සජිත් නීතිගරුක රටක් ගොඩනගන හැටි කියයි!  (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

අරගලකරුවන්ට, මාධ්‍යවේදීන්ට, සිවිල් පුරවැසියන්ට එල්ල කළ නින්දාසහගත ප්‍රහාරය පිළිකුලෙන් හෙළා දකින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.

එම නිවේදනය මෙසේය.

අරගලකරුවන්ට, මාධ්‍යවේදීන්ට, සිවිල් පුරවැසියන්ට එල්ල කළ නින්දාසහගත ප්‍රහාරය
පිළිකුලෙන් හෙළා දකිමු!

රාජපක්ෂලාගේ පොහොට්ටු ආණ්ඩුවට සුපුරුදු ම්ලේච්ඡත්වය සහ නිල ප්‍රචණ්ඩත්වය යොදා ගනිමින් වර්තමාන “රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව” අද අළුයම් කාලයේදී ගෝල්ෆේස් හි සාමකාමී අරගලකරුවන්ට එරෙහිව බියගුළු ප්‍රචණ්ඩ ප්‍රහාරයක් එල්ල කොට තිබේ. එය වාර්තා කිරීමට පැමිණි දේශීය සහ විදේශීය මාධ්‍යවේදීන් රැසකට ද, ආබාධිත රණවිරුවන්ට ද එම අමානුෂික ප්‍රහාරයට මුහුණ දීමට සිදු වූ අතර වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය ම්ලේච්ඡ පන්නයේ නිල ප්‍රචණ්ඩත්වයකි.

නව ජනාධිපතිවරයා දිවුරුම් දී දිනයක් යන්නට මත්තෙන් මෙම අමානුෂික ප්‍රහාරය එල්ල කොට ඇති අතර ඔහු එයින් ගම්‍ය කිරීමට උත්සාහ කරනුයේ ඔහුගේ ඉදිරි පාලන තන්ත්‍රයේ ස්වභාවය නම් ඔහුට සිහිපත් කොට දිය යුත්තේ මෙවැනි මිලේච්ඡතාවයන්ට එහා ගිය බලගතු ආණ්ඩුද ජන බලයෙන් ගෙදර යවා ඇති බවය. අදාළ පුරවැසි අරගලයේ අරගලකරුවන් විසින් අත්පත් කරගෙන තිබූ සියලු ස්ථාන ආපසු ලබාදෙමින් සිටියදීත්, ඒ අතුරතුර අළුයම් කාලයේ කඩා පැන ආරක්ෂක අංශ විසින් “ඉහළ අණ අනුව” මේ බියගුලු ප්‍රහාරය එල්ල කොට ඇත. තමන්ට සිතැති රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීම පිළිබඳව හටගත් වියරුවකින් අදාළ පහරදීමට අණ දුන්නා ද යන්න අප නොදන්නා නමුත් එය එසේ නොවේ යැයි සිතන්නට කිසිදු හේතුවක් නැත.

රටේ ජනතාවට අරගල කිරීමේත් විරෝධතා දැක්වීමේත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට අපි හැම විටම ගරු කරමු. රාජ්‍ය දේපල සහ පොදු දේපල වලට හානි නොකර,ප්‍රචණ්ඩත්වය වෙනුවට ශිෂ්ටත්වය තුළ කරන අරගල වෙනුවෙන් අපි නිරන්තරයෙන් පෙනී සිටිමු.

එක් අතකින් වර්තමාන ජනාධිපතිවරයාට බලයට පත් වන්නට මාවත සැකසෙන්නෙ ගෝල්ෆේස් ඇතුළු මේ රටේ ජනතාව සිදුකළ අරගලයේ ප්‍රතිඵලයක් ලෙසය. අදාළ අරගලය ඔහුට ජනාධිපති වීමට කිසිසේත්ම අනුබල දෙන්නක් නොවුවත් ඒ හරහා ඔහු බලය ලබා ගත්තේය. තමන් ජනාධිපති ධූරයේ දිවුරුම් දී පැය 12ක් යන්නටත් මත්තෙන් ජනාධිපතිවරයාට එය අමතක වීම කණගාටුවට කරුණක් වන අතර, ඇතැම්විට රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට අදාළ ජන අරගලය හේතු වීම පිළිබඳව ඔහු තුළ කෝපයක් ඇතිවා විය හැක.රටක් ලෙස ශිෂ්ඨ සම්පන්නව නැගී සිටීමට තිබූ සෑම අවස්ථාවක්ම පසුගිය රාජපක්ෂ ආණ්ඩුව විසින් විනාශ කර දැමූ අතර වර්තමාන “රාජපක්ෂ සෙවණැලි ආණ්ඩුව” තුළින් ද සිදුවන්නට ආරම්භ වී ඇත්තේ එය ය. වෙනසකට ඇත්තේ, එය රාජපක්ෂ වියරුවටත් වඩා උග්‍ර වියරුවක් බවට පත්ව තිබීමය.

මේ රට වැටී ඇති බරපතල අගාධයේ තරම තේරුම් ගන්නවා වෙනුවට තමන්ගේ බල න්‍යාය පත්‍රය පමණක් අරමුණු කොටගෙන කටයුතු කරන මේ “රාජපක්ෂ සෙවනණැලි ආණ්ඩුව” විසින් ජනතාවට විරෝධතා දැක්වීමට ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කොට ඇති අතර, මාධ්‍යවේදීන් සතු නිදහසද අතිශයින්ම අමානුෂික ලෙස උල්ලංඝනය කොට ඇත. නිරායුධ ජනතාවට, ආබාධිත සෙබළුන්ට, සිවිල් පුරවැසියන්ට සිය අවි බලය යොදාගෙන පහර දීමට කටයුතු කළ නිල හා නොනිල සියලු දෙනාට එරෙහිව පරීක්ෂණ සිදුවිය යුතු අතර මේ මිලේච්ඡ ප්‍රහාරයට අණ දුන් සියලු දෙනා පිළිබඳව වහාම පරීක්ෂණ පැවැත්විය යුතුය.

මෙම නින්දා සහගත බියගුලු ප්‍රහාරය පිළිබඳව අප දැඩි කම්පනයට පත්වන අතර,එම ප්‍රහාරයටම උරුම පිළිකුලෙන් යුතුව අපි එය හෙළා දකිමු. අපේ රට ගෝත්‍රික තැනකට තල්ලු කිරීමට උත්සාහ කරන “රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුවට එරෙහිව”මුළු රටම නැගී සිටින දිනය වැඩි ඈතක නොවන බව අපි ආණ්ඩුවට අවධාරණය කරමු!

සජිත් ප්‍රේමදාස,
විපක්ෂ නායක.

SendShareShare
Previous Post

නැව් දෙකක් ආවා! කංචන ට්විටර් එකකින් රටටම කියයි!

Next Post

ගෑස් නැවක් ආවා! දැන් චෙක් කරනවා! තව 7ක් මේ මාසෙට එනවා!

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.