රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ජනාධිපති ධුරයට පත්වීම මෙරට ජනතාව බලාපොරොත්තු වූ දේ නොවන බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරයි.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා බවට පත්කිරීම මගින් මෙරට ජනමතය සම්පූර්ණයෙන්ම පාරට ඇද දමා ඇතැයි ද ඇය කියා සිටී.
අරගලය මෙතැනින් අවසන් නොවන බවත් රට වෙනුවෙන් මිය යාමට සූදානම් බවද ඇය කියා සිටියාය.
ගාලු මුවදොර අරගල බිමේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි ඇය මෙම අදහස් පල කරන ලදී.










