• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තව මාස 5ක් දුන් විඳින්න වේවි! IMF සල්ලි දෙසැම්බරයේ විතර ‌ලැබේවි! සියල්ල තීන්දු වන්නේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ මත! මහබැංකු අධිපති ජාත්‍යන්තරයට කියයි!

July 21, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවට පැහැදිලි වැඩසටහනක් තිබෙනවා. ඉදිරි මාස 5 ක කාලය තුළ වත්මන් ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට ගොඩ ඒමට හැකියාව ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සී.එන් .එන් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

එතෙක් ජනතාවට දුෂ්කරතා අත් විඳීමට සිදුවනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉතා ඉක්මණින් මාණ්ඩලික ගිවිසුමකට එළඹීමට  හැකියාව ලැබෙනු ඇතැයි ද පත්වන නව රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය සහාය ලබා ගැනීම සඳහා සාකච්ඡාවලට අවතීරණ වන ආකාරය අනුව කාලය තීරණය වන බව වීරසිංහ මහතා පැවසුවේය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පැවති තාක්ෂණික මට්ටමේ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ සැලැස්ම තාක්ෂණික කණ්ඩායම වෙත ඉදිරිපත් කළ බව වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය සහාය ලබා ගැනීමේදී ප්‍රථම පියවර මාණ්ඩලික ගිවිසුමකට එළඹීම බව ඔහු සඳහන් කළේය.

ස්ථාවර රජයක් පත් වී ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ සැලස්ම ඉක්මණින් ක්‍රියාත්මක කළහොත් මසක් ඇතුළත් මාණ්ඩලික ගිවිසුමකට එළඹීමට හැකියාව තිබෙන බව වීරසිංහ මහතා පෙන්වා දුන්නේය. ස්ථාවර රජයක් පත් නොවූහොත් එය තවත් කල් යා හැකි බව ඔහු සඳහන් කළේය. සියල්ල තීරණය වන්නේ නව රජය සාකච්ඡාවලට අවතීරණ වන ආකාරය අනුව බව ඔහු ප්‍රකාශ කළේය.

මාණ්ඩලික ගිවිසුමකට මසක් ඇතුළත එළඹීමට හැකියාව ලැබුණත් එය පළමු පියවර බව ඔහු පෙන්වා දුන්නේය. ඉන්පසුව ශ්‍රී ලංකාවට ණය ලබාදුන් ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා එකඟතාවයකට පැමිණිය යුතු බවත් එම ක්‍රියාවලිය අවසන් කිරීමට මාස කිහිපයක් ගත වෙන බවත් වීරසිංහ මහතා සඳහන් කළේය.

මෙම පියවර දෙක සම්පූර්ණ කිරීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ලබා ගැනීමට හැකියාව ලැබෙන බව ඔහු පැවසුවේය. ඒ අනුව දෙසැම්බර් මස මැද භාගය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබෙනු ඇතැයි වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.

ඉදිරි සති කිහිපය සඳහා පෙට්‍රලියම් නිෂ්පාදන ආනයනය කිරීමට මහ බැංකුව මුදල් ලබා දුන්නත් ඉන්පසු අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ පෙට්‍රලියම් නිෂ්පාදන ආනයනය කිරීම සඳහා අවශ්‍ය කෙටි කාලීන මූල්‍ය පහසුකම් මිත්‍ර රටවල්වලින් ලබා ගැනීමේ වගකීම නව රජය වෙත පැවරෙන බව වීරසිංහ මහතා පැවසුවේය.

ඉවසීමෙන් කටයුතු කරමින් නව රජය ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ගන්නා තීරණ දෙස බලාපොරොත්තුවෙන් බලන ලෙස වීරසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

SendShareShare
Previous Post

බාරයක් වෙන්නද? බාරයක් ඔප්පු කරන්නද? තරුණ මන්ත්‍රීවරයෙක් හෙට ඔකඳ සිට කතරගමට කිලෝමීටර 115ක් කැලේ මැදින් පයින් යන්න සූදානම් වෙයි!

Next Post

ආයෙමත් කොරෝනා වැඩි වෙන්න පටන් අරන්! එක දවසට 62ක් හොයාගෙන! පරණ සෞඛ්‍ය පුරුදුවලට ආයෙත් හුරුවෙන්න කාලය ඇවිත්!

MORE NEWS

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

Load More
අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

ගැසුවා කී බෙරයෙ බල මැන පළුත් නැත! මල් පැළ වෙලා වල් පැළ මහ ගෙදර අදවල් පැළ එදා මල් පැළ ලෙස...

Read more
‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.