ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීමට කටයුතු කොට ඇත.
පසුගිය දිනවල ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙයේ සභාපති ධූරය ගනු ඇති බවත්, ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රීලනිපයත්, පොහොට්ටුවත් එක් කොට ජනාධිපතිවරයා විසින් මහමැතිවරණය මෙහෙයවනු ඇති බවත්ය.
නමුත් මේ වනවිට ජනාධිපතිවරයා පොහොට්ටුවේ සාමාජිකත්වය ගෙන ඇති බැවින් ශ්රීලනිපය තවදුරටත් හිටපු ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතා යටතේම පවතිනු ඇත.










