• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනමතයට හිස නමා ජන මර්දන අණපනත් වහාම හකුලාගන්න! සජබ මහලේකම් වැඩබලන ජනපති රනිල්ට දැනුම් දෙයි!

July 18, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ජනමතයට හිස නමා ජන මර්දන අණපනත් වහාම හකුලාගන්න! සජබ මහලේකම් වැඩබලන ජනපති රනිල්ට දැනුම් දෙයි!
Share on WhatsAppShare on Facebook

ජනමතයට හිස නමා ජන මර්දන අණපනත් වහාම හකුලාගන්නා ලෙස සජබ මහලේකම් රංජිත් මද්දුමබංඩාර මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී ඇත.

එම නිවේදනය මෙසේය.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබංඩාර මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනය.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට තුළ යළිත් වතාවක් හදිසි නීතිය ප්‍රකාශයට පත් කොට ඇත. පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසුමක් පැවැත්වීමට සූදානම් වන මොහොතේ රට තුළ හදිසි නීති ප්‍රකාශයට පත්කිරීම එම ජනාධිපතිවරණය ද යම් බලපෑමක් එල්ල කිරීමට දරණ උත්සාහයක් ලෙස අප හෙළා දකිමු.

වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධූරයට පත්වීම මෙන්ම පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිධුරයට ඉදිරිපත්වීම පිළිබඳවද රටේ බරපතළ විරෝධතාවක් නිර්මාණය වී ඇති පසුබිමක ඒ සඳහා ජනතාව නගන හඬ යටපත් කිරීමට දරණ ප්‍රයත්නයක් ලෙස ඔහුගේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම අප දැඩි ලෙස හෙළා දකිමු.

මෙය වඩාත් තහවුරු වන්නේ හදිසි නීතිය පැනවීමෙන් ඔබ්බට ගොස් සමාජ මාධ්‍ය තුළ පලකරන මත වාද සහ අදහස් මර්දනය කරලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද රෙගුලාසි සහ අපරාධ පිළිබඳ වූ නීතිය යටතේ සමාජ ක්‍රියාකාරීන්ට එරෙහිව කටයුතු කිරීමට ලබාදී ඇති නියෝගයයි. මේ තුළින් පැහැදිලි වන්නේ සාමකාමීව රැස්වීම් උද්ඝෝෂණ කිරීම, මත පල කිරීම, අදහස් දැක්වීම සඳහා වූ භාෂණය සහ නිදහසේ රැස්වීම සඳහා වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කළ මූලික අයිතියද චේතනාන්විතවම වැඩබලන ජනාධිපති වරයා විසින් උල්ලංඝනය කරන බවයි.

සිය බලය තහවුරු කිරිම සඳහා වික්‍රමසිංහ මහතා ගන්නා ක්‍රියාමාර්ග දැඩි මර්දනකාරී පාලනයකට ඔහු තුළ ඇති අභිලාෂය මනාව පැහැදිලි කරන්නකි. රටේ වර්තමානය තුළ උද්ගතව ඇති දේශපාලන සහ ආර්ථික අර්බුද නිමා කිරීමට ඔහුට කිසිදු සැලසුමක් හෝ වැඩපිළිවෙළක් නොමැති බව අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා ලෙස ගෙවී ගිය මාස දෙක තුළ ගත් තීරණ තීන්දු මඟින් පැහැදිලි වේ. ගැටළුවලට විසඳුම් සපයනවා වෙනුවට ගැටලු පිළිබද මාධ්‍ය ප්‍රකාශකයා ලෙස කටයුතු කරමින් විසඳුම් අද නොවෙයි හෙට යන බලාපොරොත්තුව තුළ රටේ ජනතාව නොමඟ යැවීමට කටයුතු කරන වික්‍රමසිංහ මහතා කෙසේ හෝ ජනාධිපති ධූරය ලබාගැනීමට උත්සාහ දරනුයේ රටේ ජනතාව දිනවීමට නොව ජනතාව ප්‍රතික්ෂේප කළ රාජපක්ෂ දේශපාලනය සුරක්ෂිත කිරීම සඳහා බව පැහැදිලිය.

මේ මොහොතේ ජන මතයට හිස නමා ජනතා මර්දනය සඳහා අණ පනත් තුළින් බලය තහවුරු කරගැනීමට උත්සාහ නොකොට ජනමතයට හිස නමන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට අපි අවධාරණය කරමු. ප්‍රකාශයට පත් කොට ඇති හදිසි නීතිය වහාම හකුලා ගන්නා ලෙසත් සමාජ මාධ්‍ය හෝ මාධ්‍ය ක්‍රියාකාරීන් මර්දනය නොකරන ලෙසත් වික්‍රමසිංහ මහතාට අපි දැනුම් දෙමු. ජනතා මතයට පටහැනිව ගන්නාවූ ඕනෑම ක්‍රියාමාර්ගයකට ප්‍රජාතන්ත්‍රවාදීව ඒ සඳහා කැප වන සියලුම බලවේග සමඟ එක්ව කටයුතු කරන බවද පෙන්වාදෙනු කැමැත්තෙමු. මේ තීරණාත්මක මොහොතේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එක්ව ඒකාධිපති වියරුවක් පරාජයට පත්කොට ලැබූ ජයග්‍රහණය තවත් එවැනිම මොහොතකට රට පත්කරන මොහොත වළක්වාලීමට අප සමග සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග වලට එකතුවන ලෙසද ආරාධනා කරමු.

ජනසම්මතවාදය ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ සඳහා වූ වැඩපිළිවෙළ සර්ව පාක්ෂික ක්‍රියාදාමයක් තුළින් ක්‍රියාත්මක කරලීමේ ජන අභිලාෂය දිනවීමට පාර්ලිමේන්තුව තුළ ජනාදිපතිවරයා තෝරාගන්නා මොහොතේදී සමගි ජන බලවේගය සමඟ එක්වන මෙන් රටට ආදරය කරන සියලුම ගරු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිමු.

රංජිත් මද්දුමබංඩාර (පා.ම.)
මහ ලේකම්,
සමගි ජන බලවේගය.

SendShareShare
Previous Post

ආණමඩුවේ අක්කර 7ක වම්බටු වගාව කුණු වෙයි! මහවිලච්චියේ අක්කර 600ක වට්ටක්කා වගාව ගොඩගැහෙයි! විකුණගන්න යන්න තෙල් නැතිව ගොවියො අනාථයි!

Next Post

කොළඹ ප්‍රධාන පෙළේ විදුහලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුත් තෙල් පෝලිමේදී මියයයි! මේ 18 වැනි මරණය!

MORE NEWS

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර කාවඩි නටන්න ආ මීගමුවේ අයකු මත්ද්‍රව්‍ය එක්ක අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න දයාසිරි අලුත් සටනක් අරඹයි! ජනාධිපති වරප්‍රසාද යටතේ ගේකුත් ‌ලැබෙනවා! පඩියකුත් ලැබෙනවා! වාහනයකුත් ලැබෙනවා! ආරක්ෂාවකුත් ලැබෙනවා! ඒකත් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීකමේත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද හිරේ ගියේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ දෙයකට! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

මධ්‍යම අධිවේගියේ පොතුහැර-රඹුක්කන කොටස හදන්න පටන් අරන්! බිම් සකස් කිරීම අවසන් අදියරේ! කාපට් කරන්න සියල්ල ලෑස්තියි! 2027 ජනවාරියේ වාහනේ යන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කහතුඩුවෙන් රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකරන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි! I Sri Lanka Latest News

වලාන බාර ගත් ASP ඕලුගලට හදිසි කරදරයක්! ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ ප්‍රධාන ගෝලයා සයිමා මැලේසියාවේදී අල්ලා ගනී! අරන් එන්න ඕලුගල ඇතුළු කණ්ඩායමක් මැලේසියාවට! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර කාවඩි නටන්න ආ මීගමුවේ අයකු මත්ද්‍රව්‍ය එක්ක අල්ලයි! VIDEO I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහරේ කාවඩි නර්තන කණ්ඩායමක සාමාජිකයකු මත්ද්‍රව්‍ය සමග අද (28) දහවල් අත්අඩංගුවට ගත් බව...

Read more
හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න දයාසිරි අලුත් සටනක් අරඹයි! ජනාධිපති වරප්‍රසාද යටතේ ගේකුත් ‌ලැබෙනවා! පඩියකුත් ලැබෙනවා! වාහනයකුත් ලැබෙනවා! ආරක්ෂාවකුත් ලැබෙනවා! ඒකත් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීකමේත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

චමින්ද හිරේ ගියේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ දෙයකට! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

තීන්දුව යළි සලකා බලන්න! යාපන නීතීඥ සංගමයෙන් අනුරට ලියුමක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.