• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටින් පැනල ගිය නායක ලැයිස්තුවට 2022 ගෝඨාභය රාජපක්ෂත් ඇතුළු වෙයි…

July 18, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
රටින් පැනල ගිය නායක ලැයිස්තුවට 2022 ගෝඨාභය රාජපක්ෂත් ඇතුළු වෙයි…
Share on WhatsAppShare on Facebook

ලෝකයේ විවිධ රටවලදී පැවැති ජන අරගලවලදී පලාගිය ප්‍රධාන රාජ්‍ය නායකයන්ගේ නිල ලැයිස්තුව මේ වන විට නැවතී තිබෙන්නේ 2021 වසර තුළය. තවම 2022 වසරට එවැනි රාජ්‍ය නායකයකුගේ පලායෑමක් වාර්තා වී නොමැත. එසේ නම් එම වාර්තාව එළිදැක්වෙන්නේ ශ්‍රී ලකාවෙන්ද? කෙසේ හෝ මෙවැනි සිදුවීම් ගැන තිබෙන ලෝක වගතුග ඉතා රසවත්, ත්‍රාසජනක එකකි. ඒ ගැන සොයා බලමු.

1986 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක් වංචනිකව සොරකම් කරගෙන රටින් පලා ගිය නායකයකු වන්නේ පිලිපීනයේ හිටපු ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාර්කෝස්ය. ඔහු ජන අරගලයක් මැද රටින් පලාගිය අතර ඔහු එකල සොරකම් කළ රාජ්‍ය ධනය මේ වන විටත් ගිනස් වාර්තාවක් ලෙස තිබේ. වසර 35කට පසුව මෙකල හැටියට එම මුදල ඩොලර් බිලියන 100ක් ඉක්මවා යයි. ඇමෙරිකාවේ උදව් ඇතිව මාර්කෝස් සහ එම පවුලේ සාමාජිකයන් හෙලිකොප්ටර් යානා හතරකින් රටින් පැන ගියේය.

කෙසේ හෝ අද මෙම ලිපියෙන් සොයා බලන්නට යන්නේ ලෝකයේ වෙනත් රටවල් තුළදීද සිදුවූ විවිධ දේශපාලනික සහ ජන අරගලවලදී එම රටවල රාජ්‍ය නායකයන්ට අයත් වූ ඉරණම ගැන වගතුගකි. මෙම කතා අද ලෝක ඉතිහාසයට එක්වී ඇති සුවිශේෂ අමරණීය පුරාවෘත්තයකි. මෙවැනි වගතුග මෙයට වසර 1,500කට පමණ පෙර එනම් ක්‍රි.පූ. 05 රෝම අධිරාජ්‍යයාගේ සමයේ සිටම සිදුවූ බවට වාර්තා ඇත. එහෙත් එම ඉතිහාසය සොයා බලන්නට ගියහොත් එය ඉතා දීර්ඝ එකකි. කෙසේ හෝ එම සමයෙන් ආරම්භ වී පසුගිය 2021 වසර දක්වාම ගතහොත් එම යුගය කොටස් කිහිපයකට බෙදා දැක්විය හැකිය. එසේ වුවද අප එහි මෑත යුගයේ එනම් වසර 50ක කාලය තුළ අධ්‍යයනයක් සිදුකර බලමු. එසේම එහි වසර 50කට පෙර අතීතය ගත් කල එනම් රෝම අධිරාජ්‍යයාගේ සමය දක්වා වන කාලය එලෙස රාජ්‍ය පාලකයන් 104 දෙනකු තම තනතුරුවලින් පලවා හැර ඇති බව වාර්තාවන් පෙන්වා දෙයි. එසේ නම් ඊට පසු මේතාක් වාර්තා වී ඇත්තේ කුමක්ද?

එය සැබැවින්ම අවධානය යොමුකළ යුතු වගතුගකි. එනම් 1971 වසර පමණ කාලයේ සිට 2021 වසර දක්වා වන කාලය තුළ පමණක් රාජ්‍ය පාලකයන් 124 දෙනකු තම ධුරවලින් පලවා හැර ඇති බව නිල වාර්තා පෙන්වා දෙයි. එනම් මෙයින් පෙනී යන්නේ දේශපාලනික හා ජනතා අරගල හමුවේ සිදුවන එම දේශපාලකයන්ගේ පලවාහැරීම් හෝ පලායෑම් අතිශයින්ම උච්ච තත්ත්වයකට පත්ව ඇති බවකි. මෙලෙස පලා යන හෝ පලවා හරින රාජ්‍ය නායකයන් කාණ්ඩ ගණනාවකට අයත් වෙයි. එනම් ඔවුන්ට රජවරුන්, අධිරාජ්‍යවරුන්, සුල්තාන්වරුන්, සාමිවරුන්, මහාරාජාවරුන්, ආදිපාදවරුන්, එමීර්වරුන්, අගමැතිවරුන්, සහ ජනාධිපතිවරුන්ද අයත් වෙති. මෙහිදී මෙම පිරිස් තම රටවලින් බැහැරව යන්නේ ක්‍රමවේදයන් කිහිපයක් හරහාය. එනම් යම් රටක ජන අරගලයකින් හෝ දේශපාලනික අරගලයකින් හෝ බලයට පත්වන නව රජයේ අනුදැනුම මත හිටපු නායකයා රටින් පිටුවහල් කරනු ලබයි. එසේම අනෙක් ක්‍රමය වන්නේ කිසිවකුටත් නොදැනෙන සේ හොර රහසේම වෙනත් රටකට පලා යෑමයි. තවත් ක්‍රමවේදයක් වන්නේ වෙනත් විදෙස් රටක අනුග්‍රහය මත පරාජිත නායකයා එම රට වෙත ගෙන්වා ගැනීමයි.

දැන් අප මෙම කතාවේ නිසි හැරවුම් ලක්ෂ්‍යය වෙත පැමිණ ඇත්තෙමු. ඔබට ඉහත පැවසූ 1971 සිට 2021 වන කාලය තුළදී මෙලෙස තම රටවලින් නෙරපන ලද හෝ හොර රහසේ පැනගිය රාජ්‍ය නායකයන් අතරින් ඉතා සුවිශේෂ ලෝක ප්‍රකට නායකයන් දස දෙනකුගේ නාමයන් ඉතිහාසයේ විශේෂයෙන්ම සඳහන්ව ඇත. මෙම රාජ්‍ය නායකයන් දසදෙනා කවුදැයි සොයා බලමු.

මිල්ටන් ඔබොටේ – 1971 (උගන්ඩාවේ ජනාධිපති)
ඉඩි අමීන් ඩඩා – 1979 (උගන්ඩාවේ ජනාධිපති)
ෆර්ඩිනන්ඩ් මාර්කෝස් – 1986 (පිලිපීනයේ ජනාධිපති)
නවාස් ෂෙරීෆ් – 1999 (පාකිස්තානයේ අගමැති)
මුල්ලා ඕමාර් – 2001 (ඇෆ්ගනිස්තානයේ රාජ්‍ය නායක)
ගොන්සාලෝ සන්චෙස් – 2003 (බොලීවියාවේ ජනාධිපති)
පර්වේස් මුෂාරෆ් – 2008 (පාකිස්තානයේ ජනාධිපති)
ආබිඩීන් බෙන් අලි – 2011 (ටියුනීසියාවේ ජනාධිපති)
එවෝ මොරාලෙස් – 2019 (බොලීවියාවේ ජනාධිපති)
අෂ්රෆ් ගානි – 2021 (ඇෆ්ගනිස්තානයේ ජනාධිපති)

කෙසේ හෝ ඉහත ඔබට ප්‍රකාශ කළ අයුරින් 1971-2021 එම ලෝක ලැයිස්තුවේ මෙලෙස අවාසනාවන්ත ඉරණමට ලක්වුණු රාජ්‍ය පාලකයන්ගේ ප්‍රමාණය 134ක් වෙයි. එහෙත් මෙම බොහෝ රාජ්‍ය නායකයන් ලොව එතරම් ප්‍රසිද්ධියට පත්වූ පිරිස නොවේ. එසේම එම රාජ්‍ය නායකයන්ගෙන් බහුතරයක් පිරිස අයත් වන්නේ අප්‍රිකානු රටවලට වීම විශේෂත්වයකි. කෙසේ වුවද ඉහත ඔබට සඳහන් කළ නායකයන් දසදෙනා මෑත කාලය තුළ ලොව ප්‍රකටත්වයට පත්වූ පුද්ගලයන් වෙයි. මේ අතරින් පිලිපීනයේ ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාර්කෝස් ගැන යමක් මුලින්ම ලියා තැබූවද අනෙක් නායකයන්ගේ ඉරණම ගැන සොයා බලමු.

මිල්ටන් ඔබොටේ යනු උගන්ඩාව දෙවතාවක් පාලනය කළ ජනාධිපතිවරයෙකි. මුල් වර 1966-1971 කාලයද, දෙවැනි වර 1980-1985 කාලයද ජනාධිපති ධුරය දැරීය. බි්‍රතාන්‍ය පාලනයෙන් උගන්ඩාවට නිදහස දිනාගැනීමට කටයුතු කළ දක්ෂ නායකයකු ලෙස සැලකෙයි. කෙසේ හෝ ඔහුගේ මුල් වර පාලනය තරම් දෙවැනි වර පාලනය යහපත් ස්වරූපයක් නොගත්තේය. ලොව අතිශයම කෲර පාලකයකු ලෙස සැලකෙන ඉඩි අමීන් උගන්ඩාවේ ජනාධිපති ලෙස බලයට පැමිණියේ 1971 වසරේදී මිල්ටන් ඔබොටේට එරෙහිව සන්නද්ධ යුද අරගලයක් සිදුකරමිනි. එහිදී ඔබොටේ කෙන්යාවට පලා ගියේය. ඉන් පසු 1979දී ඉඩි අමීන් පලවා හැරීමෙන් පසු ඔබොටේ නැවත බලයට පැමිණියේය. ඔහුගේ දෙවැනි වර පාලනයේදී උගන්ඩාව තුළ දරුණු සන්නද්ධ අරගල ඇතිවී මිනිස් ජීවිත ලක්ෂ 03ක් පමණ විනාශ විය. කෙසේ හෝ එම ජන අරගල හමුවේ මිල්ටන් ඔබොටේ දෙවැනි වතාවටත් රටින් පලා ගියේය. ඔහු එවරද කෙන්යාවට පැනගොස් එතැනින් සැම්බියාවට පැනගියේය.

අවසානයේදී දකුණු අප්‍රිකාවට පැමිණ 2005 වසරේදී 79 වැනි වියේදී දරුණු වකුගඩු රෝගයකින් මරණයට පත්විය. පසු කාලයේදී ඔහුට එරෙහිව නැගුණු දූෂණ වංචා චෝදනාද බොහෝ විය. තමන් නිදහස දිනාගැනීමට කැපකළ උගන්ඩාව තුළදී මියයන්නට ඔහුට වාසනාවක් නොවීය.

ඉඩි අමීන් ඩඩා යනු වසර 08ක් පුරා නොකඩවා උගන්ඩාව පාලනය කළ ජනාධිපතිවරයාය. ලොව මෙතෙක් සිටි භයානකම ම්ලේච්ඡ පාලකයකු ලෙස ඔහු හඳුන්වනු ලබයි. රාජ්‍ය ධනය කොල්ලකෑම, විවිධ දූෂණ වංචා, විරුද්ධවාදීන් ඝාතනය කිරීම, සිවිල් වැසියන් ඝාතනය කිරීම, ස්ත්‍රී දූෂණය ආදී භයානක අපරාධ රැසකට ඔහු සම්බන්ධ විය. කිසිදු මහජන මැතිවරණයක් නොපවත්වා 1971දී හිටපු ජනාධිපති මිල්ටන් ඔබොටේ පලවා හැර බලය ලබාගෙන, තමන් උගන්ඩාවේ නව ජනාධිපතිවරයා යැයි ඔහුම ප්‍රකාශ කළේය. ඔහුගේ පාලන කාලය තුළ මිනිස් ජීවිත ලක්ෂ 05ක් පමණ ඝාතනයට ලක්ව ඇත. ඉඩි අමීන්ගේ අතිශය කුරිරු පාලනය ඉවසාගත නොහැකි වූ යාබද රාජ්‍යයක් වන ටැන්සානියාවේ එවක සිටි ජනාධිපති ජූලියස් නියරේරේ තම හමුදාව ලවා ඉඩි අමීන්ගේ රජයට පහර දුන්නේය. මෙසේ ටැන්සානියානු හමුදා උගන්ඩාව ආක්‍රමණය කිරීමේදී ඉඩි අමීන් වහා රහසිගතව රටින් පැනගියේය. ඔහු මුලින් ලිබියාවටත්, එතැනින් ඉරාකයටත්, අවසානයේදී සවුදි අරාබියාවටත් පැන ගියේය. ඔහු අවසානයේදී 2003 වසරේදී වයස අවුරුදු 78ක්ව සිටියදී සවුදි අරාබියාවේදීම මරණයට පත්විය. ඔහු වසර 24ක් සවුදියේ වාසය කළේය.

නවාස් ෂෙරීෆ් යනු පාකිස්තානයේ තෙවරක් අගමැති ධුරය දැරූ දේශපාලනඥයෙකි. එනම් වසර 09ක් පුරා අගමැති ධුරයේ සිටි ඔහු පාකිස්තාන ජනතාව අතර ජනප්‍රියත්වයට පත්ව සිටි පුද්ගලයෙකි. මොහු පාකිස්තානයේ සිටින ධන කුවේර ව්‍යාපාරිකයෙකුද වෙයි. පාකිස්තානයේ යුද හමුදා ප්‍රධානී ධුරය දැරූ, පසු කාලයකදී එරට ජනාධිපති ධුරයට පත්වූ ජෙනරල් පර්වේස් මුෂාරෆ් සමග ඇතිවූ බල අරගලවලදී නවාස් ෂෙරීෆ් දැඩි අර්බුද රැසකට මුහුණ දුන්නේය. කෙසේ හෝ හමුදා කුමන්ත්‍රණයක් හරහා මුෂාරෆ් විසින් ෂෙරීෆ් බලයෙන් පහකර නඩු විමසා සිර භාරයට ගන්නා ලදී. නවාස් ෂෙරීෆ්ට එරෙහිව දූෂණ වංචා චෝදනා, මිනීමැරුම් චෝදනා මෙන්ම ත්‍රස්තවාදී චෝදනාද නැඟිණි. එසේම ඔහුට එරෙහිව මුදල් විශුද්ධිකරණය සහ බදු මුදල් පැහැර හැරීම් චෝදනාද නැගුණි. කෙසේ හෝ අවසානයේදී ඔහුට වසර 14ක සිර දඬුවමක්ද නියම කරන ලදී. මුදල් විශුද්ධිකරණයට අදාළව ජාත්‍යන්තර පැනමා පත්‍රිකාවල ඔහුගේ නම සඳහන්වී තිබිණි. කෙසේ හෝ අවසානයේදී සවුදි අරාබියාවේ ෆාඩ් රජුගේ මැතිහත්වීම මත වසර 10ක කාලයකට නවාස් ෂෙරීෆ් රටින් පිටුවහල් කර සවුදි අරාබියාවට ගෙන්වා ගත්තේය. ඉන් පසු ඔහු එතැනින් එංගලන්තයටද පැමිණ ජීවත් වූ අතර නැවත 2013 වසරේ පාකිස්තානයට පැමිණ මැතිවරණය ජයග්‍රහණය කර අගමැති ධුරයට පත්විය.

ආබිඩීන් බෙන් අලි යනු වසර 24ක් පුරා ටියුනීසියාවේ ජනාධිපති ධුරය දැරූ කුරිරු ඒකාධිපති පාලකයෙකි. මුලින් අගමැති ධුරයට පත්වූ ඔහු, ටියුනීසියාවේ ප්‍රථම ජනාධිපතිවරයා කැරැල්ලකින් පලවා හරිමින් කිසිදු මැතිවරණයක් නොමැතිව ජනාධිපති ධුරය ලබාගත්තේය. එතැන් සිට 2011 වසරේදී ටියුනීසියාවේ ඇතිවූ මහා තරුණ අරගලය දක්වාම ඔහු ජනාධිපති ධුරය ඉසිලීය. කෙසේ හෝ මාස ගණනාවක් පුරා පැවැති මෙම තරුණ අරගලය ලෝක ඉතිහාසයට එක්වූයේ ලොව ප්‍රකට වූ අරගලයක් වන ‘අරාබි වසන්තයේ’ පෙරගමන්කරුවා ලෙසය. අවසානයේදී එම විප්ලවය රටවල් 12ක් පමණ පුරා පැතිර ගියේය. කෙසේ හෝ 2010 දෙසැම්බර් 17 ආරම්භ වී, 2011 ජනවාරි 14 දක්වා පැවැති ටියුනීසියානු විප්ලවයේදී ජනාධිපති බෙන් අලි බලයෙන් පහකරනු ලැබුවේය. අරගලය ඉතා උත්සන්න වත්ම ජනාධිපති බෙන් අලි සිය බිරිය සහ දරුවන් තිදෙනා සමග සවුදි අරාබියට පලාගියේය. සවුදි අරාබියාවේ අබ්දුල්ලා රජු විසින් බෙන් අලිට දේශපාලන රැකවරණ ලබාදුන්නේය. මහා පරිමාණ මුදල් විශුද්ධිකරණ වංචා, මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ඝාතන ආදී චෝදනා රැසකට ඔහු වරදකරු කෙරිණි. කෙසේ හෝ 2019 වසරේදී 83 වැනි වියේදී බෙන් අලි සවුදි අරාබියාවේදී හෘද රෝගයකින් මරණයට පත්විය.

අෂ්රෆ් ගානි යනු වසර 07ක් පුරා ඇෆ්ගනිස්තානය පාලනය කළ ජනාධිපතිවරයාය. බොහෝ උගත් පරිචයක් ඇති ඔහු දේශපාලනඥයකුට අමතරව විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු ලෙසද කටයුතු කර ඇත. ඇමෙරිකාවේ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ, උපාධිධරයකු වන ඔහු වසර 04ක් පුරා ඇෆ්ගනිස්තානයේ කාබුල් විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙසද කටයුතු කළේය. ඔහු ඇෆ්ගනිස්තානයේ සහ ඇමෙරිකාවේ පුරවැසියකුද වෙයි. වසර ගණනාවක් පුරා ඇෆ්ගනිස්තානයේ තිබුණු ඇමෙරිකානු පාලනය 2021 අගෝස්තු 30 වැනිදා නිමවීමත් සමග තලේබාන් අන්තවාදීන් නැවත වරක් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේය. ඉන් පසුව ඇෆ්ගනිස්තානයේ මාඉම් දෙකක් හරහා ආයුධ සන්නද්ධ තලේබාන් කැරැලිකරුවන් රට මධ්‍යයට කඩාවැදී ප්‍රදේශ රැසක්ම අත්පත් කරගත්තේය. ඉන් අනතුරුව කැරැලිකරුවන් දහස් ගණනින් ජනාධිපති මන්දිරය වෙතද පැමිණෙන බවට වාර්තා විය. ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපති අෂ්රෆ් ගානිට කියා සිටියේ හැකි ඉක්මනින් මන්දිරයෙන් පිටත්ව කාබුල් ගුවන් තොටුපළට යන ලෙසය. ඒ අනුව විනාඩි කිහිපයක් ඇතුළත අෂ්රෆ් ගානි තම බිරිය සමග ගුවන් තොටුපළට ගිය අතර එතැනින් ගුවනින් මුලින් උස්බෙකිස්තානයට පැමිණ පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පලා ගොස් ඇත. ඔහු දැනට 72 වැනි වියෙහි පසුවෙයි.



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

වන්දනාවේ යමු පේවීලා අරගල ප්‍රේමේ බලන්ටා බලන්ටා කොළඹ මන්දිර ගානේ…

Next Post

කුමාර් ගුණරත්නම් කතා කරයි…

MORE NEWS

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)
Exclusive

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News
Exclusive

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

Load More
රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News
Uncategorized

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ ( RAGAMA ST. ANTHONYS PRE SCHOOL ) වාර්ෂික සිඟිති ක්‍රීඩා උළෙල - 2026 , පසුගියදා උත්සවාකාරයෙන්...

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.