• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහජන දේපොළ-ජීවිත සුරැකීමේ වගකීම හමුදාවටයි! ඊට එරෙහි වන්නේ නම් එහි පසුආදීනව ප්‍රචණ්ඩකාරීන් විසින්ම දරාගත යුතුයි! හමුදාවෙන් දැඩි නිවේදනයක්!

July 14, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
මහජන දේපොළ-ජීවිත සුරැකීමේ වගකීම හමුදාවටයි! ඊට එරෙහි වන්නේ නම් එහි පසුආදීනව ප්‍රචණ්ඩකාරීන් විසින්ම දරාගත යුතුයි! හමුදාවෙන් දැඩි නිවේදනයක්!
Share on WhatsAppShare on Facebook

මහජන දේපල මෙන්ම සියලු මර්මස්ථාන සහ මහජන ජීවිත සුරැකීමේ වගකීම හමුදාව වෙත පැවරී ඇති බවත්, හමුදාව එම බලය පාවිච්චි කිරීමට කිසිසේත්ම මැලි නොවන බව යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

එවැනි තත්ත්වයකදී උදාවිය හැකි පසු ආදීන පිළිබඳ වගකීම එම ප්‍රචණ්ඩකාරීන් විසින්ම දරාගත යුතු බව හමුදාව දන්වා සිටියි.

රාජ්‍ය දේපළ හා ජීවිත හානි වළක්වා ගැනීමට හමුදා සාමාජිකයින්ට බලය පැවරේ

ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවේ බලතල අනුව රටෙහි නීතිය හා සාමය පවත්වාගැනීම සඳහා එහි ජනතාව, පොදු දේපළ සහ රටෙහි මහජන ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ආරක්‍ෂක අංශ සාමාජිකයන් සහ පොලිස් නිලධාරින් දිවිහිමියෙන් කැපවී සිටිති. නිදහස ලැබීමෙන් පසු ස්වෛරී රාජ්‍යයක් ලෙස ව්‍යවස්ථාවේ ස්ථාපිත ජනරජයේ ජනතා පරමාධිපත්‍යය රකිමින් ඔවුන්ගේ නිදහස් භාෂනය සහ සංචරණය සහතික කරමින් ආරක්‍ෂක හමුදාවෝ සිය රාජකාරිවල නිරත අතර මෙම වසරේ මැයි මාසයෙන් ඇරඹුණු මහජන විරෝධතා සියල්ලේදී ආරක්‍ෂක අංශවල එම විනයානුකූල හික්මීම ඉතා පැහැදිලිව විද්‍යාමාන වූ බව සියලු ශ්‍රී ලාංකිකයන්ට රහසක් නොවේ.

ජුලි මස 9 දින, කොළඹ කොටුවේ සිදු වූ ජනතා විරෝධය ඇතුලු පසුගිය කාලසීමාව තුළදී පැවති විරෝධතා අතරතුරදී ආරක්‍ෂක හමුදාවන් හා විරෝධතාකරුවන් අතර සුළු ආවේගශීලී සිදුවීම් කිහිපයක් හැරුණුකොට සැලකිය යුතු මට්ටමේ නීතියේ ආධිපත්‍ය බිඳදැමීම් හෝ දරුණු හිංසාකාරී ක්‍රියාවන් කිසිවක් සිදුනොවූ අතර එම කාලසීමාව තුලදී යම් උණුසුම් නොසන්සුන්තාවයන් දෙපාර්ශවය තුළ ඇති විය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සහ පොලිස්පතිවරයා තෙවරකට වැඩි අවස්ථා ගණනකදී විරෝධතාකරුවන්ගෙන් ප්‍රසිද්ධියේ දැඩි ලෙස ඉල්ලා සිටියේ සාමකාමී වන ලෙසත්, රාජ්‍ය ගොඩනැගිලි හා සියලු දේපළ ආරක්‍ෂා කරන ලෙසත් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නික්ම යාම සමඟ මතුව ඇති තත්ත්වයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව විසඳාගන්නා ලෙසත්ය.

පසුගිය පැය 72 ක කාලය තුළ වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍යතුමා, කථානායකතුමා සහ දේශපාලන පක්‍ෂ නායකයින් සමඟ පැවති රැස්වීම්වලදී ද ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සහ පොලිස්පතිවරයා රටේ පවතින දේශපාලන අස්ථාවරත්වය සහ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම කඩිනම් කරන ලෙස අවධාරණයෙන් ඉල්ලා සිටි අතර සාමකාමී අරගලකරුවන් ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ නොවී මහජන දේපළට හානි සිදුනොකරන තාක්කල් පූර්ණ බලය නොයොදවා අවම බලය යොදාගෙන ඔවුන් පාලනය කළයුතු බවට එකඟත්වය පළකෙරිණි.

කෙසේ වුවද, දෙන ලද ප්‍රතිඥාවලට පටහැනිව සාමකාමි විරෝධතාකරුවන් ප්‍රකාශයට පත්කර ඇති ‘අවිහිංසා’ ප්‍රවේශයෙන් ඉවත්ව අවාසනාවන්ත ලෙස එම විරෝධතාකරුවන්ගෙන් යම් පිරිසක් බදාදා (13) දින මධ්‍යහන වනවිට නීතිය හා සාමය බිඳදමමින් ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමුවෙමින් කථානායකවරයාගේ නිල නිවසත්, පාර්ලිමේන්තු සංකීර්ණයත් සිය ග්‍රහණයට ගැනීමට උත්සහ කරනු ලැබුවේ බර යන්ත්‍ර යොදාගනිමින් පොලිස් මාර්ග බාධක ආදිය කඩාදමමින් රටෙහි මහජන පරමාධිපත්‍ය සහ ව්‍යවස්ථානුකූලව පැවරී ඇති ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් ක්‍රියාත්මක කළහැකි එකම ආයතනය වන පාර්ලිමේන්තු සංකීර්ණය ඔවුන් අතට ගැනීමේ පරමාර්ථයෙනි.

යුද්ධ හමුදා සාමාජිකයන් බදාදා (13) දින සන්ධ්‍යා කාලය වන විටත් විරෝධතාකරුවන්ගෙන් සන්සුන්බව සඳහා නොකඩවා කරනු ලැබූ ඉල්ලීම්වලට කිසිදු අවනතභාවයක් නොදක්වා එම විරෝධතාකරුවන් ප්‍රහාරාත්මක ලෙස පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුලුවීමට වෙරදැරූ අතර ඔවුනත තිබූ යකඩ පොලු, මුගුරු, හිස්වැසුම් ආදී දෑ වලින් දමාගසමින් රාජකාරියේ නියුතු යුද්ධ හමුදා සොල්දාදුවන්ට නොනැවති පහරදුන් අතර භටපිරිස් අත තිබූ ටී – 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවි දෙකක් එහි පතරොම් ගැබ් සමඟ උදුරාගනු ලැබුවේ ම්ලේච්ඡ ලෙස හමුදා සොල්දාදුවන් දෙදෙනෙකුට සිහිනැති වන තුරු පහරදෙමින්ය. මේ වනවිට ඉතා දරුණු ලෙස තුවාල ලැබූ හමුදා සාමාජිකයන් දෙදෙනා සහ අනෙකුත් භටපිරිස් හදිසි ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත. මෙම අවි දෙක රැගෙන පලාගිය විරෝධතාකරුවන් හා එම අවි අස්ථානගත වීම පිළිබඳව පොලිසිය ද මේ වනවිටත් දැනුවත් කර ඇත.

අවම බලය භාවිතා කරමින් හමුදා සාමාජිකයින් පෙරලා අහසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කොට පොලිසියට සහ භටපිරිස්වලට හිංසාව මුදාහරින ලෙසට උසිගැන්වූ ප්‍රචණ්ඩකාරීන් කිහිපදෙනෙකු ද මේ අතර පොලිස් භාරයට ගෙන ඇත. කෙසේ වුවද, පාර්ලිමේන්තු සංකීර්ණයට කඩාවැදීමට උත්සහ කළ එම ප්‍රචණ්ඩකාරි පිරිස් අවම බලය යොදා බදාදා (13) රාත්‍රී වනවිට ඔවුන් විසුරුවාහැර තත්ත්වය පාලනය කරගනු ලැබිණි.

ආරක්‍ෂක හමුදාවන්ට හෝ මහජන දේපළවලට හානි කිරිම උදෙසා ප්‍රචණ්ඩත්වය වැඩිකරමින් කටයුතු කරන සියලුදෙනාම වහාම එම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකී සිටිය යුතු බවත් නොඑසේනම් පවතින තත්ත්වයන්ට අනුකූලව හා සරිලන පරිදි ආරක්‍ෂක හමුදාවෝ සතු සියලු බලතල පාවිච්චි කිරීමට ඉදිරියේදී සිදුවන අතර මහජන දේපල මෙන්ම සියලු මර්මස්ථාන සහ මහජන ජීවිත සුරැකීමේ අනුලංගනීය වගකීම පැවරී ඇති ආරක්‍ෂක හමුදාවෝ එම බලය පාවිච්චි කිරීමට කිසිසේත්ම මැලි නොවන අතර එවැනි තත්ත්වයකදී උදාවිය හැකි පසු ආදීන පිළිබඳ වගකීම මෙම ප්‍රචණ්ඩකාරීන් විසින්ම දරාගත යුතු බව වැඩිදුරටත් අවධාරණය කෙරේ.

SendShareShare
Previous Post

මහින්ද-බැසිල්-ආටිගල හෙට වෙනකම් රටින් පිටවෙන්නේ නෑ!

Next Post

ඔක්කොම අස්පස් කරලා නූලට තිතට තියලා අරගලකරුවන් ජනපති මන්දිරයෙන් අයින් වුණේ මෙහෙමයි! (VIDEO)

MORE NEWS

වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News
Exclusive

වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර කිව්වා මැයි මාසේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්න කියලා! දැන් පොලොන්නරුවේ ‘රාජ්‍ය නායකයා’ කියනවා ලබන අවුරුද්දේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්නලු! ! Sri Lanka Latest News

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News
Exclusive

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News
Exclusive

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

අවුරුදු 20ක් පාවිච්චි කළ නොම්බරේ බැසිල් වෙනස් කරයි!
Exclusive

බැසිල්ට උසාවියට එන්නම වෙයි වගේ! ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි! ! Sri Lanka Latest News

තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න දෙන්නේ නෑ…! රෙජී අංකල් නැතිවෙලා අවුරුදු 10යි…! ජවිපෙටත් අමතක වුණු ජවිපෙ නායකයා ගැන ජවිපෙ නායක විජේවීරගේ පුත් උවිඳු තැබූ සටහන! Sri Lanka Latest News
Exclusive

තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න දෙන්නේ නෑ…! රෙජී අංකල් නැතිවෙලා අවුරුදු 10යි…! ජවිපෙටත් අමතක වුණු ජවිපෙ නායකයා ගැන ජවිපෙ නායක විජේවීරගේ පුත් උවිඳු තැබූ සටහන! Sri Lanka Latest News

Load More
වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News
Exclusive

වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News

විවිධ වගාවන් වෙනුවෙන් ආයෝජන කරන පුද්ගලයන්ට මාසිකව විශාල මූල්‍ය ප්‍රතිලාභ හිමිකර දෙන බව ප්‍රචාරය කරමින් ජනතාවගේ මුදල් වංචා කරන ආයතන...

Read more
මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

අනුර කිව්වා මැයි මාසේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්න කියලා! දැන් පොලොන්නරුවේ ‘රාජ්‍ය නායකයා’ කියනවා ලබන අවුරුද්දේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්නලු! ! Sri Lanka Latest News

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

අවුරුදු 20ක් පාවිච්චි කළ නොම්බරේ බැසිල් වෙනස් කරයි!

බැසිල්ට උසාවියට එන්නම වෙයි වගේ! ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි! ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.