• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කෝටි 15ක් ගිලපු හතුරුසිංහගේ වැරදි ගිවිසුම

December 16, 2019
in News, Uncategorized
Reading Time: 4 mins read
A A
කෝටි 15ක් ගිලපු හතුරුසිංහගේ වැරදි ගිවිසුම
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් සිදුකළ වෝහාරික විගණන වාර්තාවේ මුල් පරිච්ඡේද තුනෙහි ඇතුළත් කරුණු පසුගිය සති දෙකේදී අප ඔබ වෙත ගෙන ආවෙමු. ක්‍රිකට් විශ්වවිද්‍යාලයයක් ආරම්භ කිරීමට සහ ජාත්‍යන්තර රූපවාහිනී, ගුවන් විදුලි, අන්තර්ජාල විකාශන අයිතීන් විකිණීමට අදාළව විගණන වාර්තාවේ අඩංගු කරුණු සියල්ල එහිදී ඔබ වෙත ගෙන ඒමට අප කටයුතු කළෙමු. අද අප පළ කරන්නේ විගණන වාර්තාවේ සිවුවැනි පරිච්ඡේදයේ ඇතුළත් තොරතුරුය. එහි සඳහන්ව ඇත්තේ අති විශාල වැටුපක් ලබා දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රධාන පුහුණුකරුවකු බඳවා ගැනීම සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණය පිළිබඳ තොරතුරුය. හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් යට ගැසූ මෙම වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් පියවර ගැනීමට වර්තමාන ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කටයුතු කරනු ඇතැයි යන දැඩි විශ්වාසය ක්‍රීඩාවට ආදරය කරන සෑම දෙනකු තුළම ඇත. ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සිදු කළ වෝහාරික විගණන වාර්තාව මෙලෙස ප්‍රථම වරට මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීමට අප තීරණය කළේද එම කටයුත්ත පහසු කරවනු සඳහාය.
2018 වර්ෂයේ නිර්වාසින නිලධාරීන්ගේ වැටුප්, පූර්ව වර්ෂයන්ට සාපේක්ෂව ඉතා ඉහළ අගයක් එම වර්ෂයේ මූල්‍ය ප්‍රකාශයන්ට අනුව වාර්තා වීම සහ අධික ගෙවීමක් සහිතව ජාතික කණ්ඩායම සඳහා ප්‍රධාන පුහුණුකරුවකු බඳවා ගැනීම පිළිබඳව මාධ්‍ය මඟින්ද දැඩි කතාබහකට ලක් වී තිබීම හේතුවෙන් මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කළ යුතු බවට විගණකාධිපතිවරයා තීරණය කර ඇත. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් නිසි බලධාරියා (Competent Authority) ලෙස කටයුතු කළ විදුලි සන්දේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්ගේ 2019 ජනවාරි 31 දිනැති අංක MS/LAW/15-II(2019) දරන ලිපිය මඟින් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුගේ පාරිශ්‍රමිකයන්ට අදාළව උපයන විට බදු ගෙවීම සම්බන්ධව විගණකාධිපතිවරයා වෙත කරන ලද පෙන්වා දීම්ද මෙම පරීක්ෂාව සඳහා පෙලඹවීමක් ඇති කළ බව වාර්තාවේ සඳහන්ව ඇත. ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා බඳවා ගන්නා ලද ප්‍රධාන පුහුණුකරු (National Head Coach) සමඟ ගිවිසුම් ගත වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බඳවා ගැනීමේ කොන්දේසි සහ නියමයන්ට අනුකූලතාව පරීක්ෂා කිරීම සහ පුහුණුකරුට අදාළව ගෙවන ලද(උපයන විට ගෙවීමේ බදු) වියදම්හි නිරවද්‍යතාව තහවුරු කර ගැනීම එම පරිච්ඡේදයේ අරමුණු ලෙස සඳහන්ව ඇත.
ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු බඳවා ගැනීමේ ක්‍රියාවලිය, එම කොන්දේසි සහ නියමයන් පරීක්ෂා කිරීම, ඔහු සඳහා ගෙවීම් කිරීම සහ එම ගෙවීම්වලට අදාළව බදු වටිනාකමේ අධ්‍යයනය සහ පරීක්ෂා කිරීම එම පරිච්ඡේදයේ විෂය පථය ලෙස දක්වා ඇත. නමුත් එම විෂය පථය සීමා වීමට අදාළ වූ කරුණුද විගණන වාර්තාවේ දක්වා ඇත. ඒ මෙසේය.

  1. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පුහුණුකරුවන් බඳවා ගැනීමේදී අනුගමනය කළ යුතු විධිමත් අනුමත ලත් ක්‍රමවේදයක් ස්ථාපිත කර නොතිබීම සහ මෙම බඳවා ගැනීමට අදාළව විධිමත් වාර්තා ගොනුවක් පවත්වා ගෙන නොමැති වීම.
  2. පුහුණුකරුවන් පිළිබඳ යාවත්කාලීන ගොනු පවත්වා ගෙන නොයෑම.
    එම පරිච්ඡේදය සකස් කළ ක්‍රමවේදය දක්වා ඇත්තේ මෙසේය.
  3. ජාතික කණ්ඩාමට ප්‍රධාන පුහුණුකරුවන් බඳවා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ පහත සඳහන් පුහුණුකරුවන් සමඟ එළඹ තිබූ ගිවිසුම් පරීක්ෂා කිරීම. Mr.Upul Chandika Hathurusinghe, Mr.Nikalas Pothas, Mr.Graham Xavier Ford, Mr.Marvan Samson Attapattu
  4. 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත, 2017 අංක 27 දරන දේශීය ආදායම් පනත (2018 අප්‍රේල් 01 සිට) උපයන විට බදු ගෙවීම් ක්‍රමය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් උපයන විට බදු ගෙවීමට අදාළව නිකුත් කරන ලද මාර්ගෝපදේශයන් සහ අර්ථ නිරූපණයන් අනුව උපයන විට බදු ගෙවීම් පරීක්ෂා කිරීම.
  5. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ආගමන විගමන පාලක සතු විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සම්බන්ධ ලියකියවිලි සහ ආගමන විගමන පිළිබඳ තොරතුරු පරීක්ෂා කිරීම.
  6. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බැංකු ප්‍රකාශන, SAGE ගිණුම්කරණ පද්ධතියේ මුදල් පොත සහ ලෙජර් ගිණුම් පරීක්ෂා කිරීම.
  7. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගෙවීම් වවුචර සහ ඒ සමඟ ඇති මූලාශ්‍ර ලේඛන, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත උපයන විට ආදායම් ගෙවීමේ ප්‍රේෂණ පත්‍ර සහ වාර්තා පරීක්ෂා කිරීම.
    එම පරීක්ෂණයට අදාළ සිද්ධි අධ්‍යයනය විගණන වාර්තාවේ සඳහන්ව ඇත්තේ මෙසේය.
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සේවය කළ මාවන් අතපත්තු මහතා 2015 ඔක්තෝබර් 01 වන දින එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු දකුණු අප්‍රිකානු ජාතික Graham Xavier Ford මහතා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස 2016 පෙබරවාරි 01 වැනි දින සිට 2019 ඔක්තෝබර් 31 දක්වා මාස 45ක කාලයකට බඳවා ගෙන තිබිණි. ඔහු තනතුරෙන් ඉවත් වීම හේතුවෙන් එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු (National Fielding Coach) ලෙස 2016 අගෝස්තු 08 සිට 2018 අගෝස්තු 02 දක්වා වසර 2ක කාලයකට බඳවා ගෙන තිබූ Nikolas Pothas මහතා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස තාවකාලිකව 2017 නොවැම්බර් 01 සිට 2017 දෙසැම්බර් 31 දක්වා කාලයකට 2017 නොවැම්ර් 07 දින පත්කර තිබිණි. ඉන් අනතුරුව 2017 දෙසැම්බර් 19 දින සිට වර්තමාන ප්‍රධාන පුහුණුකරු වූ උපුල් චන්දික හතුරුසිංහ මහතා එම තනතුරට බඳවා ගෙන තිබිණි.
    ජාතික කණ්ඩායමේ වර්තමාන ප්‍රධාන පුහුණුකරු බඳවා ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමනාකාර කමිටුව හෝ විධායක කමිටුව වෙත ගෙන එන ලද මූලික යෝජනාව හෝ අදාළ පුහුණුකරු බඳවා ගැනීම සඳහා විධායක කමිටු අනුමැතිය විගණනය වෙත ඉදිරිපත් නොවීම හේතුවෙන් ඒ පිළිබඳව 2019 ජූලි 26 වැනි දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාගෙන් තොරතුරු විමසන ලද අතර එහි ප්‍රධාන විධායක නිලධාරියා විසින් ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු බඳවා ගැනීම සම්බන්ධව ඉදිරිපත් කරන ලද සාරාංශ ගත කරුණු කිහිපයක් පහත දැක්වේ.
  8. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා පුහුණුකරුවකු බඳවා ගැනීමේ අවශ්‍යතාව පැන නැඟීමෙන් අනතුරුව පුහුණුකරුවකු බඳවා ගැනීම සඳහා එවකට (2017) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති හා උපසභාපතිවරයකුගේ යෝජනාව අනුව බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ උපුල් චන්දික හතුරුසිංහ මහතා එම තනතුරට බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කර තිබූ බව.
  9. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාන්‍ය ක්‍රමවේදය තුළ පුහුණුකරුවන් බඳවා ගැනීමේ තීරණ විධායක කමිටුව විසින් ගනු ලබන අතර ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීම ප්‍රධාන විධායක නිලධාරියා විසින් සිදු කරන ලබන බව සහ මෙවැනි බඳවා ගැනීම්වල සාමාන්‍ය ක්‍රමවේදය ලෙස භාවිත කරන ්‍Head Hunting බව.
  10. පුහුණුකරුවන් වෙත ගෙවන පාරිශ්‍රමිකයන් තීරණය කිරීම වෙළෙඳපොළ වටිනාකම අනුව තීරණය වන බව සහ වර්තමානය වන විට ජාත්‍යන්තර වටිනාකමක් සහිත පුහුණුකරුවකුගේ වටිනාකම ඇ. ඩො. 20,000ක් සහ ඇ.ඩො. 25,000ක් වන බව.
  11. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ Graham Xavier Ford මහතා ඉවත් කිරීම හේතුවෙන් කිසිවකුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ සම්බන්ධවීමට අකැමැති වීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පුහුණුකරුවකු බඳවා ගැනීම අසීරු කාර්යයක්ව තිබූ බව.
  12. උපුල් චන්දික හතුරුසිංහ මහතා Level II ජාත්‍යන්තර පුහුණුකරුවකු ලෙසින් කටයුතු කර තිබීමත්, ශ්‍රී ලංකා A කණ්ඩායමේ පුහුණුකරුවකු ලෙස කටයුතු කර තිබීමත් නිසා එම මහතා බඳවා ගැනීම සඳහා පහසුවක් වී තිබුණු බව.
  13. ජාතික ප්‍රධාන පුහුණුකරුට ගෙවීම තීරණය කිරීම සම්බන්ධව උප සභාපති ඇතුළු කණ්ඩායම විසින් කරන ලද සාකච්ඡා කවරක්ද පාරිශ්‍රමිකය තීරණය කරන ලද්දේ කෙසේද යන්න ප්‍රධාන විධායක නිලධාරියා දැන නොසිටි බව.
  14. උප සභාපති විසින් ප්‍රධාන පුහුණුකරුට අදාළ ගිවිසුම සකස් කිරීමේදී නීති උපදෙස් ගැනීම සිදු කරන ලද බවත්, තමා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති අංශය මඟින් හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් බාහිර නීති උපදෙස් හෝ ලබා නොගත් බව.
  15. උපුල් චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලාංකිකයකු වුවද, ඔහුට ඕස්ටේ්‍රලියාවේ ස්ථිර වාසිකත්වය තිබීමත් ඔහු හා පවුලේ සියලු දෙනා එහි ජීවත් වීමත් නිසා ඔහු නිර්වාසිකයකු ලෙස සලකන ලද හෙයින් ඇමෙරිකානු ඩොලර්වලින් ගෙවීමට ඔහු සමඟ කරන ලද සාකච්ඡා අනුව තීරණය වී ඇති බව.
  16. පුහුණුකරුගේ බඳවා ගැනීම සම්බන්ධ තොරතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති විසින් 2017 නොවැම්බර් 21 දින බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ සභාපති වෙතින් විමසා යවන ලද බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පුහුණුකරු බඳවාගෙන ගිවිසුම් ගත වන තුරු බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය වෙත දැනුම් නොදුන් බව.
  17. ප්‍රධාන පුහුණුකරු වෙත තරග ජයග්‍රහණය වෙනුවෙන් ගෙවන ලද කාර්ය සාධන දිරිදීමනා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ගෙවන ආකාරයටම (Win Bonus Scheme) ගෙවනු ලැබූ බව.
  18. ගිවිසුම අවසාන කිරීම සම්බන්ධ කොන්දේසි සහ නියමයන් දෙපාර්ශ්වය එකඟ වීමෙන් සකස් කරන ලද බව.
    පරීක්ෂණයන්ට අදාළ වූ සිද්ධි අධ්‍යයනයට අදාළ තොරතුරු තව දුරටත් මෙලෙස දක්වා ඇත.
    2017 ඔක්තෝබර් මස 16 දින පැවැති 25 වැනි විධායක කමිටු රැස්වීමේ අංක Exco/25-02 දරන තීරණයට අනුව ඉදිරියේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිළිබඳව කටයුතු උප සභාපතිවරයකු විසින් සිදු කරන බව එවකට සභාපති විධායක කමිටුවට අනාවරණය කර තිබූ අතර ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තෝරා ගැනීමේ කටයුතු අවසන් කිරීම සඳහා සභාපති/ උප සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා වෙත අනුමැතිය ලබා දෙන ලෙස ඉල්ලා තිබිණි. විධායක කමිටුව විසින් වාර්ෂික අයවැයෙන් වර්ෂයකට ඇ.ඩො. මිලියන 01 බැගින් ප්‍රධාන පුහුණුකරු සහ සහායක පුහුණුකරු/ වේග පන්දු පුහුණුකරු/ පන්දු රැකීමේ පුහුණුකරු සහ භෞතික චිකිත්සක ඇතුළු ඔහුගේ සහායක කණ්ඩායමේ වේතන වියදම් වෙනුවෙන් අනුමැතිය ලබා දී තිබිණි.
    2017 නොවැම්බර් 30 දින කළමනාකරණ කමිටුවට ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියාගේ ඵක්‍රැ37රැ්ධඊරැ01 දරන සන්දේශය මඟින් චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කිරීම සම්බන්ධ එදිනට තත්ත්වය ඉදිරිපත් කර තිබිණි.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් උපුල් චන්දික හතුරුසිංහ මහතා සමඟ 2018 ජනවාරි 01 වැනි දින සිට 2020 දෙසැම්බර් 31 දක්වා 2018 ජනවාරි 01 දිනෙන් පටන් ගන්නා මාස 36 සඳහා වූ සේවා නියුක්ත කරවීමේ (කොන්ත්‍රාත් පදනම) ස්ථාවර වගන්ති සහිත ගිවිසුමකට (Fixed Term Contract – National Head Coach) එළඹ තිබිණි. 2017 දෙසැම්බර් 20 වන දිනැති 28 වන විධායක කමිටු මඟින් කළමනාකරණ කමිටු 37 5.02 තීරණය වෙත අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉල්ලීම පරිදි 2018 ජනවාරි 01 වැනි දින රාජකාරිය බාර ගැනීමට නියමිතව තිබූ චන්දික හතුරුසිංහ මහතා 2017 දෙසැම්බර් 19 වැනි දින දිවයිනට පැමිණෙන බවත් ඔහුට නවාතැන් පහසුකම එදින සිට සැපයීමටත් (Prorata basis) වේතන එදින සිට ගෙවීමටත් විධායක කමිටුව විසින් අනුමැතිය ලබා දී තිබිණි. එදින නව පුහුණුකරු විධායක කමිටුවට හඳුන්වා දී තිබිණි.
    ගිවිසුමේ 02(a) වගන්තිය ප්‍රකාරව ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වෙත මාසික වැටුප ඇමෙරිකානු ඩොලර් 20,000ක් ලෙස මාස 36ක් සඳහා ඇමෙරිකානු ඩොලර් 7,20,000කට (හත් ලක්ෂ විසි දහසකට) හිමිකම් ලබා දී තිබුණු අතර, බදු හා අනෙකුත් ව්‍යස්ථාපිත අඩු කිරීම් ලෙස මසකට 16%ක උපරිමයක් අඩු කිරීමට යටත්ව සෑම මසකම 25 වැනි දිනට හෝ ඊට පෙර වවුචර් සඳහා ගෙවීමට එකඟ වී තිබිණි. තවද අනාගතයේදී ශ්‍රී ලංකාවේ නීති සහ රෙගුලාසි වෙනස්වීම මත බදු වගකීම ඉහළ ගියහොත් එලෙස වැටුපෙන් 16%ඉක්මවා යන බදු ප්‍රමාණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දරන බවටත් ඒ අනුව මසකට අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් 16,800ක් වැටුප් ලෙස ලැබෙන බවටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රධාන පුහුණුකරු වෙත ගිවිසුමට අනුව එකඟ වී තිබිණි.
    ගිවිසුමේ 2(b) ඡේදය ප්‍රකාරව මාසිකව ජීවන වියදම් දීමනාව (Living allowances) ලෙස ඇමෙරිකානු ඩොලර් 10,000ක් ගෙවීමට එකඟ වී තිබිණි.
    ගිවිසුමෙහි 2(C) ඡේදය ප්‍රකාරව Repositioning/ Strategic planning/ consultancy fee ලෙස අර්ධ වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් 60,000 බැගින් වසරකට ඇමෙරිකානු ඩොලර් 1,20,000ක මුදලක් 2018 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වූ සෑම වර්ෂයකම ජනවාරි සහ ජූලි මාසයේ පළමු සතිය තුළ ගෙවීමට ගිවිසුම් ගති වී තිබිණි. එසේම මෙම ගෙවීම බදු රහිත අගයක් බවද දක්වා තිබිණි.
    ගිවිසුමේ 2(d) ඡේදය ප්‍රකාරව ඉහත ඡේදයන්හි සඳහන් වූ ගෙවීම් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රමාද වන්නේ නම් ප්‍රමාද කාලයේ මසකට 20%ක ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට එකඟතාවය පළ කර තිබිණි.
    එමෙන්ම පහත සඳහන් අතිරේක ආදායම් ලැබීමටද ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වෙත හිමිකම් ලබා දී තිබිණි.
    කාර්ය සාධන දිරි දීමනාව- මෙහිදී ජාතික මට්ටමේ ක්‍රීඩකයකුට Win bonus scheme අනුරූපීව ලැබෙන WIN Bonus අගයට සමාන ගෙවීමක් සිදු කෙරිණි.
    ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ විදේශ ගත වන විට Business class ගුවන් යානා සහ නවාතැන් පහසුකම්, Laundry අන්තර්ජාල පහසුකම් ආදියත්, ්‍Host Cricket Board එකෙහි උපදෙස් පරිදි උපවේශන දීමනා (per diem allowance) සහ ඊට අමතරව තරග සංචාර සඳහා දිනකට ඇමෙරිකානු ඩොලර් 50 බැගින් වූ දීමනාවක් ගෙවීම.
    පුහුණුකරුට, ඔහුගේ කාලත්‍රයාට/ ළඟම සහකරුට/ ළඟම පවුලේ සාමාජිකයන්ට ගුවන් වියදම් බිල්පත් ප්‍රතිපූර්ණය සඳහා වසරකට ඇමෙරිකානු ඩොලර් 20,000ක (ඉදිරි වර්ෂය සඳහා ගෙන යා නොහැකි) දීමනාවකට හිමිකම.
    වර්ෂයකට දින 42ක ගෙවීම් සහිත නිවාඩු සහ ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡා කිරීමෙන් ගෙවීම් රහිත නිවාඩු ලබාදීම.
    ගිවිසුම්ගත කාල පරිච්ඡේදය සඳහා ජාතික කණ්ඩායම සඳහා ලබා දෙන ජාත්‍යන්තර සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා දීම.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යේෂ්ඨ කළමනාකරුවන් සඳහා අදාළ වන ඉන්ධන දීමනාව සහිතව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නඩත්තු කරන මෝටර් රථයක් ලබා දීම.
    ව්‍යාපාරික තත්ත්වයේ Laptop පරිගණකයක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ Brain Centre සමඟ සම්බන්ධ විය හැකි මෘදුකාංග සහිත Tablet එකක් ලබා දීම.
    ඉහතින් ලබා දී ඇති කාර් රථය, ජංගම දුරකතනය, ටැබ්ලටය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දේපළක් වන අතර ගිවිසුම අවසානයේ හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කරන දිනෙක නැවත භාර දිය යුතු බව.
    ගිවිසුමේ 10(d) ඡේදය අනුව ගිවිසුමේ 10(b) හෝ ගිවිසුමේ 10(c) ඡේද ප්‍රකාරව කවර හෝ හේතුවක් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඒකපාර්ශ්විකව ගිවිසුම අවසන් කරන්නේ නම් පුහුණුකරු සඳහා වසරක වැටුප් හෝ ගිවිසුමේ ඉතිරි කාලය සඳහා වැටුප හෝ යන අගයන් දෙකෙන් වඩා අඩු අගය ගෙවිය යුතු බවද ගිවිසුමේ සඳහන්ව ඇත.
    සේවා නියුක්ත කිරීමේ ගිවිසුමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ප්‍රධාන විධායක නිලධාරී විසින් 2017 ඔක්තෝබර් 17 වන දින ශ්‍රී ලංකාවේදීද, උපුල් චන්දික හතුරුසිංහ මහතා විසින් 2017 නොවැම්බර් 21 දින ඕස්ටේ්‍රලියාවේදීද අස්සන් තබා තිබිණි.
    විගණනයට ඉදිරිපත් කර තිබුණු තොරතුරු අනුව 2019 ජුනි 30 වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එවකට පුහුණුකරු වෙනුවෙන් 2017 වර්ෂයේදී රු. 1,987,375ක් (දහ නව ලක්ෂ අසූ හත්දහස් තුන්සිය හැත්තෑ පහක්), 2018 වර්ෂයේදී රු. 98,338,077 (නව කෝටි අසූතුන්ලක්ෂ තිස් අට දහස් හැත්තෑ හතක්) සහ 2019 ජුනි 30 දක්වා රු. 53,194,340ක් (පන්කෝටි තිස්එක්ලක්ෂ අනූහතර දහස් තුන්සිය හතළිහක්) ලෙස එකතුව රු. 153,519,792ක් (පහළොස් කෝටි තිස්පන්ලක්ෂ දහනවදහස් හත්සිය අනූදෙකක්) දරා තිබිණි. එම වියදම් දැරූ ආකාරය විගණන වාර්තාවේ සවිස්තරාත්මකව දක්වා ඇත.
    ඊට අමතරව පහත සඳහන් වියදම්ද ඔහු වෙනුවෙන් ගෙවා තිබිණි.
    පූර්ව සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම වෙනුවෙන් 2017 නොවැම්බර් 29 වැනි දින 2017 – FC- 358 වවුචරය මඟින් ගුවන් ගමන් වියදම් රු. 744,170ක් ප්‍රතිපූර්ණය කර තිබිණි.
    2017 නොවැම්බර් මස සිට 2018 ඔක්තෝබර් මස දක්වා මාසික බදු කුලී පදනම මත ලබා ගත් Toyota AXIO CAU – 0725 අංක දරන මෝටර් රථය ප්‍රධාන පුහුණුකරුගේ භාවිතය සඳහා ලබා දී තිබුණු අතර ඒ වෙනුවෙන් බදු කුලිය ලෙස රු. 1,300,000ක් ගෙවා තිබිණි.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු 2019 ක්‍් – 4259 දරන ජීප් රථය 2018 සැප්තැම්බර් මස සිට ප්‍රධාන පුහුණුකරුගේ භාවිතය සඳහා ලබා දී තිබිණි.
    ප්‍රධාන පුහුණුකරුගේ ලැප්ටොප් පරිගණක මිලදී ගැනීම සඳහා රු. 205,725ක වියදමක් දරා තිබිණි.
    ප්‍රධාන පුහුණුකරුගේ භාවිතය සඳහා ලබා දී තිබූ ජංගම දුරකතනය මිලදී ගැනීම සඳහා රු. 135,500ක වියදමක් දරා තිබිණි.
    ප්‍රධාන පුහුණුකරු බඳවා ගැනීමට අදාළ පරීක්ෂණයේ නිරීක්ෂණ විගණන වාර්තාවේ දක්වා ඇත්තේ මෙසේය.
    ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා නව පුහුණුකරුවකු බඳවා ගැනීමට අදාළව තීරණ ගැනීම සඳහා විධායක කමිටුව මඟින් යම් කමිටුවකට හෝ නිලධාරියකුට විධිමත් අනුමැතියක් ලබා දී ඇති බවට තහවුරු නොවුණි. ඉහත සඳහන් කළ පරිදි ප්‍රධාන පුහුණුකරු බඳවා ගැනීමට අදාළව කටයුතු කිරීමට 2017 ඔක්තෝබර් 16 දින පැවැති 25 වන විධායක කමිටුවේදී සභාපති/ උප සභාපතිවරයකුට අනුමැතිය ලබා දී තිබුණු බවට ප්‍රධාන විධායක නිලධාරියා විසින් සඳහක් කළද, එම EXCO/25-02 දරන තීරණයට අනුව එවැනි අනුමැතියක් ලබා දී නොතිබුණු අතර පුහුණුකරුගේ බඳවා ගැනීමට අදාළ අයවැය ඇස්තමේන්තුවක් පමණක් අනුමත කර තිබිණි.
    ජාතික පුහුණුකරු බඳවා ගැනීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාන්‍ය ක්‍රමවේදය අනුගමනය කර නැති බවද තහවුරු වී ඇත.
    ජාතික කණ්ඩායම බඳවා ගන්නා ලද නව ප්‍රධාන පුහුණුකරුගේ ගිවිසුම, එහි සඳහන් කොන්දේසි, නියමයන්, එකඟතාවයන් සහ පාරිශ්‍රමිකයන් ආදිය විධායක කමිටුව වෙත දැනුවත් කිරීමකින් තොරව සහ විධායක කමිටු අනුමැතියකින් තොරව තීරණය කර තිබූ බව නිරීක්ෂණය වී ඇත. තවද ආයතනයේ ව්‍යවස්ථාව අනුව ප්‍රතිපත්ති සහ තීරණ ගැනීමේ නිසි බලධරයන් සිටියදී නිලධාරීන් කිහිප දෙනකු විසින් පෞද්ගලික මට්ටමින් තීන්දු ගෙන තිබූ බවද නිරීක්ෂණය වී ඇත. එම තොරතුරු මාධ්‍ය සඳහා අනාවරණය වැළැක්වීමට එම තොරතුරු විධායක කමිටුව වෙත ඉදිරිපත් නොකිරීම මත මෙම ගනුදෙනු විනිවිද භාවයෙන් තොරව ආයතනයේ ව්‍යවස්ථාවට සහ පරිචයට පටහැනිව සිදු කර ඇති බවද නිරීක්ෂණය වී ඇත.
    අදාළ පුහුණුකරුගේ ගිවිසුම් අස්සන් කිරීමට පූර්වයෙන් අදාළ කොන්දේසිවලට එකඟ වූ ආකාරය, සාකච්ඡා කළ ආකාරය ආදී තොරතුරු විගණනයට ඉදිරිපත් නොවූයෙන් පුහුණුකරුගේ අපේක්ෂාවන් ඉක්මවා ප්‍රතිලාභ ලබා දී නොතිබූ බව තීරණය කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොවූ බවද විගණන වාර්තාවේ සඳහන්ව ඇත. තවද කළමනාකරණය විසින් විධායක කමිටු තීරණය මත දෙපාර්ශ්වය විසින් සකස් කර අනතුරුව ගිවිසුමකට ඇතුළත් වූ බව පැවසුවද එවැනි කිසිදු සාකච්ඡාවක් කර ඇති බවට තොරතුරු විගණනයේදී අනාවරණය වී නැත. ආයතනය සඳහා ඉතා ඉහළ පාරිශ්‍රමික සහ වරප්‍රසාද සහිත සේවකයකු බඳවාගැනීමේ ගිවිසුමකට ඇතුළත් වන අවස්ථාවේදී ඔහු වෙනුවෙන්ම පිළියෙල කරන ලද ගිවිසුමකට එළැඹ තිබියදී එම ගිවිසුම ආයතනයේ නීති අංශය වෙත හෝ යොමු කරමින් නීත්‍යානුකූල සහ විධිමත් බව පරීක්ෂා කර ගෙන තොතිබිණි.
    පුහුණුකරු වෙත ලබා දීමට එකඟ වූ වැටුප්, දීමනා, නිවාඩු, ප්‍රමාද ගාස්තු ආදී සියලු හිමිකම් ප්‍රමාණයන් තීරණය කිරීමට පදනම හෝ පුහුණුකරු වෙතින් ලද ඉල්ලීම් විස්තර විගණනයට අනාවරණය නොකෙරුණු හෙයින් එම හිමිකම් විධිමත් ඇගයීමකින් හා තාර්කික පදනමකින් සිදු කළ බව තීරණය කර ගත නොහැකි වූ බවද විගණන වාර්තාවේ සඳහන්ව ඇත.
    ප්‍රධාන පුහුණුකරුගේ ආදායම මත උපයන විට බදු ගෙවීම ඔහුගෙන් විධිමත් පරිදි අඩු කර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ප්‍රේෂණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර නොතිබූ බවද නිරීක්ෂණය වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකා දේශීය ආදායම් බදු පනත ප්‍රකාරව අයවිය යුතු බදු ප්‍රමාණයන් නිවැරදිව තීරණය කර නිසි පරිදි දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙත ප්‍රේෂණය කිරීමටත්, එහිදී පැන නැඟිය හැකි අතිරේක ගෙවීම අදාළ වගකිව යුතු නිලධාරීන්ගෙන් අයකර ගැනීමට අවශ්‍ය කටයුතු සකසන ලෙසත් මෙහිදී විගණකාධිපතිවරයා විසින් නිර්දේශ කර ඇත.
    එමෙන්ම ඉදිරියේදී ජාතික කණ්ඩායමට පුහුණුකරුවකු බඳවා ගැනීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අරමුණු ඉටු වන ආකාරයටත්, කිසිදු පාර්ශ්වයකට අවාසි නොවන ආකාරයට ගිවිසුම් ගත වීමටත් නිර්දේශ කර ඇති අතර එම ගිවිසුම්හි කොන්දේසිවල නෛතික තත්ත්වයන් සහ අහිතකර තත්ත්වයන් පිළිබඳව විධිමත් පරිදි පරීක්ෂා කර ගැනීමටත්, විධිමත් ඇගයීමකින් පසු ගිවිසුම් ගත වීමට අවශ්‍ය විධි විධාන සැලසීමටත් නිර්දේශ කර ඇත.
    මූල්‍යමය වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අවාසිදායක කොන්දේසි සහිතව ජාතික කණ්ඩායම සඳහා පුහුණුකරුවකු බඳවාගෙන ඇති බවත්, පුහුණුකරුට අදාළව බදු ගෙවීම සම්බන්ධයෙන් නිසි සැලකිල්ලකින් යුතුව කටයුතු කර නොමැති බවත්, ප්‍රධාන පුහුණුකරුගේ කාර්ය සාධනය මැනීම සඳහා ප්‍රධාන කාර්ය සාධන දර්ශක පිළියෙල කරමින් අඛණ්ඩව ඇගයීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කර නොමැති බවත් නිගමනය කෙරේ. ප්‍රධාන පුහුණුකරු බඳවා ගැනීමට අදාළ පරීක්ෂණයේ නිගමනය විගණන වාර්තාවේ දක්වා ඇත්තේ එලෙසටය.
SendShareShare
Previous Post

130,000ක O/L බළකායක්

Next Post

ශ්‍රී ලන්කන් ‌ගොඩගැනීම ‌ගෝඨා අශෝක්ට පවරයි

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Uncategorized

ගැහුවාට විරෝධය! අමෙරිකානු සාම සාකච්ජාවලින් ඉරානය ඉවත් වෙයි! I Sri Lanka Latest News

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.