ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව චීනය සමීපව නිරීක්‍ෂණය කරමින් සිටින බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්ග්බින් පවසනවා.
ශ්‍රී ලංකාවේ සියලුම අංශ, රටේ සහ එහි ජනතාවගේ මූලික අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියා කරනු ඇති බවත්, සමාජ ස්ථාවරත්වය, ආර්ථික ප්‍රකෘතිය සහ ජීවනෝපාය වැඩිදියුණු කිරීම් ඉක්මනින් සාක්ෂාත් කර ගැනීම සඳහා එක්ව කටයුතු කරනු ඇතැයි කියා ශ්‍රී ලංකාවේ මිත්‍ර අසල්වැසියෙකු ලෙස චීනය අවංකවම බලාපොරොත්තු වන බවත් ඔහු කියා තිබෙනවා.
නිත්‍ය මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දැක්වමිනුයි වැන්ග් මේ බව ප්‍රකාශ කර ඇත්තේ.










