පොලිස් නිලධාරීන් සඳහා පාපැදි 4,000 ක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.
ඒ පවතින ඉන්ධන අර්බුදයත් සමග රාජකාරි කටයුතු පහසුකිරීමේ අරමුණිනි.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, ඇතැම් විමර්ශන කටයුතුවලට සහ ක්ෂේත්‍ර රාජකාරිවලට ඉන්ධන අර්බුදයෙන් බාධා මතුව ඇති බවයි.
එම තත්ත්වයන් අවම කිරීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත්ව ඇතැයි එම අමාත්‍යාංශය සඳහන් කළේ ය.









