නඩු විභාගයකට සහභාගී විම සඳහා යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයකට වෙඩි තබා පුද්ගලයන් පස් දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ දකුණේ ප්‍රකට මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන චමිල් නමැත්තා ඇතුළු හය දෙනකුට මාතර මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද (01) මරණ දඬුවම නියම කළේය.
මරණ දඬුවම නියම කරන ලද්දේ දෙවිනුවර නාරාතොට හේවගේ තමිල් අජිත් කුමාර නොහොත් කුඩු චමිල්, සුමිත් කුමාර, සවුන්දා හැන්නදිගේ චමින්ද, අබේරත්න මාගම්පත්තු මහා විදානගේ නාමල්, අබේරත්න වීරසේකර පටබැඳිගේ රොෂාන් දිල්රුක්ෂ, අබේතරන වීරසේකර පටබැඳිගේ නිශාන්ත යන පුද්ගලයන්ටයි.
2000 වසරේ නොවැම්බර් මස 14 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී ඔවුන් දෙවිනුවර ඔරලෝසු කණුව ඉදිරිපිටදී වෑන් රථයකට වෙඩි තබා පස් දෙනකු ඝාතනය කළ බවට නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනුකර තිබිණි.










