සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මෙරට ප්‍රථම විද්‍යුත් පාපැදිය සැලසුම් කර නිෂ්පාදනය කිරීමේ කටයුතුවල නිරත වී සිටින Rodha Life (පුද්.) සමාගම සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේය.
මෙම හවුල්කාරීත්වය මගින්, Rhoda Life සමාගම හට නවෝත්පාදනය මුල්කරගත් පුරෝගාමී දේශීය ප්‍රවාහන විසඳුම් සමාගමක් බවට පත්වීම සඳහා දරන උත්සාහය තුළ ඔවුන්ට ඉහළම තලයේ බැංකු සේවාවන් ඇතුළුව ප්‍රතිලාභ රාශියක් හිමිවනු ඇත.
තමන් සමග අත්වැල් බැඳගෙන සිටින හවුල්කරුවන්ගේ දියුණුව උදෙසා හැකි සෑම සහයෝගයක්ම ලබාදීමට සෙලාන් බැංකුව සෑම විටම උත්සාහ දරයි. සෙලාන් බැංකුවේ අරමුණ වන්නේ, සම්ප්‍රදායික මූල්‍ය සේවා සපයන්නෙකුගේ භූමිකාවෙන් ඔබ්බට ගොස්, තරුණ පරපුර සහ ව්‍යවසායිකාවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරමින්, ගනුදෙනුකරුවන්ට අවශ්‍ය පහසුකම් සහ අවස්ථාවන් සපයමින්, ඔවුන්ගේ අනාගත දියුණුව වෙනුවෙන් ශක්තිමත් වේදිකාවක් නිර්මාණය කර දීමයි. මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට ඇති හැකියාව අනුව, එම ව්‍යාපාර වර්ධනය කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදිය යුතු බව සෙලාන් බැංකුවේ විශ්වාසයයි.











