• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක දවසින් International වෙච්ච ශ්‍රී ලංකා පොලිසිය…

June 26, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
එක දවසින් International වෙච්ච ශ්‍රී ලංකා පොලිසිය…
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව, අකාර්යක්ෂම පාලන තන්ත්‍රයක් විසින් ශේෂ කරන ලද ව්‍යසනයකට මුහුණ දෙමින් සිටී. වර්තමානයේ අප අත්දකින ඉන්ධන හිඟය, ගෑස් අර්බුදය, ආදායම් මාර්ග අහිමි වීම, පාසල් පද්ධතිය බිඳවැටීම වැනි සකල විධ සමාජ අර්බුද එකී ව්‍යසනයේ ඍජු ප්‍රතිඵල වෙයි. අතිශය පීඩාකාරී ලෙස අපට දැනුණද තවමත් අප සිටිනුයේ එකී විපතේ සමාරම්භයේය. එහෙයින් අදට වඩා හෙට අනිද්දා වන විට ජනතා අරගල, කැරලිගැසීම්, කලකෝලාහල, උද්ඝෝෂණ ආදිය සමාජයේ සුලබ වනු ඇත. මෙකී තත්ත්වයන් කළමනාකරණය කරගැනීමේදී පොලිසිය වැනි මූලික නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ඉතා වැදගත් කාර්යභාරයක් පැවරෙයි. නමුත් කුමක් හෝ අවාසනාවකට ශ්‍රී ලංකාවේ පොලිසියට මහජන අර්ථසාධක කාර්යයන් ඉටුකිරීම සහ සිවිල් සමාජ ගැටුම් කළමනාකරණය උදෙසා විධිමත් ප්‍රවේශයක් කිසිදු දිනෙක තිබී නැත.

කුමක්දෝ අවාසනාවකට ශ්‍රී ලංකාවේ පොලිසියට මෙවැනි සංකීර්ණ සමාජ අර්බුදයක් කළමනාකරණය කරගැනීමේදී චිකාගෝ සම්ප්‍රදායේ ‘ලයිසන් චණ්ඩි’ භූමිකාව ඉක්මවීමට තවමත් හැකිව නැත. එහෙයින් පොලිසිය කරනුයේ අර්බුද විසඳීමට දෑතේ දෙපයේ වෙර වීරිය පාවිච්චි කිරීමය. එම තත්ත්වය නිසා ඉන්ධන පිරවුම්හල් සහ වෙනත් ජනතා ඒකරාශීවීම් බහුල ස්ථාන ආශ්‍රිතව පසුගිය සතියේ ගැටලු රැසක් වාර්තා විය. එවැනි තත්ත්වයක් රටේ පවතින බව දැන දැනත් මහජන ආරක්ෂක අමාත්‍යාංශය අවම බලය පාවිච්චි කිරීමට පොලිස් නිලධාරීන්ට අවසර දී තිබිණි. ශ්‍රී ලංකවේ පොලිසියේ අවම බලය වූ කලී සබැවින්ම අරුම පුදුම එකකි. විටෙක කඳුළු ගෑස් ප්‍රහාරය අවම බලය වන අතර තවත් විටෙක එය රබර් උණ්ඩ දක්වා ද, බැටන් ප්‍රහාර ඉක්මවා ජීව උණ්ඩ භාවිතය දක්වාද දුරදිග යන්නේය. පසුගියදා රඹුක්කනදී පොලිස් වෙඩිතැබීමකින් තරුණයෙක් මියගියේය. එහිදී පොලිසිය අවම බලය පාවිච්චි කළ බව කියැවුණි. එතැනදී අවම බලය බඩවැල් එළියට පනින්නට තබන වෙඩි පහරකට තක්සේරුවී තිබිණි. මේ ආකාරයෙන් තැනින් තැනට විචල්‍ය වන අවම බලය නිසා අරගලකරුවෝ පමණක් නොව රටේ පොදු ජනයාද විටෙන් විට පත්වෙමින් සිටිනුයේ හරිම අසීරුවකටය.රට පුරා පතිර ඇති ඉන්ධන හා ගෑස් පෝලිම්වල උපරිම පීඩනය මේ වන විට කරළියට පැමිණෙමින් තිබේ. ඇතැම් තැන්හිදී දින තුන හතර එක දිගට ජනතාව තෙල් පෝලිම්වල සිරව සිටිති. ඔවුන්ගේ රැකී රක්ෂා අවස්ථා මෙන්ම සෙසු මානව සමාජ අවශ්‍යතාවන්ද තෙල් පෝලිම්වල දියව යමින් තිබේ. රාත්‍රී නින්ද, උදේ දහවල් රාත්‍රී ආහාර ගැනීම ඇතුළු සියලු අවශ්‍යතාවන් මහ මඟදී සපුරා ගන්නා තැනට පෝලිම්වාසී ජනයා පත්ව සිටිති. මෙම තත්ත්වය නිසා ඔහුන්ගේ මානසික ආතතිය උපරිම තත්ත්වයට පැමිණ තිබෙන අතර සුළු පෙලඹවීමකින් පවා මහා කෝලාහලයක් ඇති වීමේ ඉඩකඩ නිර්මාණයවී අවසන්ය. මෙකී පීඩාකාරී මනසින් මිනිසුන් පෝලිම්වල දුක් විඳිමින් මහ මඟ රැය පහන් කරද්දී විවිධාකාර වූ වරප්‍රසාද සහිත වූවෝ පොලිම් පැන ඉන්ධන ලබාගැනීම බොහෝ තෙල් පෝලිම්වල අර්බුදවලට හේතුවය. පොලිස් නිලධාරීන්ගේ සිට පාතාල මැරයන් දක්වා පුළුල් පරාසයක පැතිරුණු මෙකී වරප්‍රසාද ලත් පන්තියට ඇතැම් භික්ෂුන්වහන්සේලා පවා ඇතුළත් බව ඔබ විශ්වාස නොකරන්නටද පුළුවන. පසුගියදා තලංගම ඩිපෝවේ අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා ඉන්ධන ලබාදීමට පිහිටුවා තිබූ පිරවුම්හලට බලහත්කාරයෙන් කඩාවැදුණු සංගීත ශිල්පී පේෂල මනෝජ් එහි සේවකයනට තර්ජනයකර ඉන්ධන ලබාගත් පුවත සමජ මාධ්‍යවල ඡායාරූප සහිතව සංසරණය වනු දැකගත හැකිය.

පෙට්‍රල් හෝ ඩීසල් ලීටර කිහියක් ලබාගැනීමට ඇති අවස්ථාව පෙනි පෙනී අහිමි වන මිනිසුන්ගේ ආවේගශීලී හැසිරීම් පාලනය කිරීමට ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව හමුදා නිලධාරින් මෙන්ම පොලිස් නිලධාරින්ද යොදවා ඇත. මේ දෙපිරිසෙන් බොහෝ විට ගැටුම් මර්දනය කිරීමේ වගකීම පැවරෙනුයේ පොලිස් නිලධාරීන්ටය. අවම බලය පාවිච්චි කිරීමේ අවසරය සහිතව ඉන්ධන පිරවුම්හල් වෙතට කැඳවා ඇති පොලිස් නිලධාරීන් ගැටුම් පාලනය කරනුයේ හරි අපූරු ආකාරයටය. ඉන්ධන ලබාගැනීම සඳහා දින ගණනක් පෝලිමේ සිටි මිනිසුන් නොතකා බලහත්කාරයෙන් ඉන්ධන ලබාගන්නා කඩවත පොලිසියේ නිලධාරීන් පිරිසක් ඊට එරෙහිව කතා කළ නිරායුධ ජනතාව නිහඬ කරනු ලබුවේ හිසට පිස්තෝලය තබාය. ඉන්ද නොනැවතී එම පිරිසට පහර දීමටත්, පොලිස් ස්ථානයට රැගෙන යාමටත් උත්සාහ ගනු දැකගත හැකි විය. කුරුණෑගල මාස්පොතදීද තවත් මෙවැනි පහරදීමක් සිදුවූ අතර එහිදීද පෝලිම් පැන ඉන්ධන ලබාගැනීම සිද්ධියේ ආරම්භය විය. පසුව ප්‍රදේශවාසීන් කුරුණෑගලදී ඊට එරෙහිව උද්ඝෝෂණයක් පැවැත්වූ අතර ඊට පුළුල් මහජන සහභාගීත්වයක් හිමිව තිබිණි.

පොදු ජනතාවට එරෙහිව සිය මර්දන නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලීසිය තෙල් පෝලිම් ආශ්‍රිතව අනීතික ක්‍රියාකාරකම් කරමින් කළු කඩ වෙළෙඳාමට ඉන්ධන තොග රැස්කරන මැරයන් සම්බන්ධව කටයුතු කරනුයේ බොහෝ උපේක්ෂාසහගතවය. එමෙන්ම දේශපාලන අධිකාරියේ මැර ප්‍රචණ්ඩත්වයද ඔවුහු ඉතසිතින් ඉවසා වදාරති. පසුගියදා ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ සිටි සාමාන්‍ය වැසියකුට පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ සහෝදරයෙක් වන ජගත් සමන්ත නම් අය පහරදී ඇත. ඊට අදාළ දර්ශන තවමත් පිරවුම්හලේ සී.සී.ටී.වී. පද්ධතියේ පටිගතව ඇති මුත් මේ වන තුරුත් එකී මැර ප්‍රහාරය එල්ල කළ මන්ත්‍රී සොහොයුරා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර නැත.

පසුගිය 18 වැනිදා අතුරිගිරියේ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතවද තවත් පොලිස් ප්‍රහාරයක් සිදුවිය. එහිදී පොලිසියේ ප්‍රචණ්ඩත්වය ඉසිලිය නොහැකිවූ ජනතාවද පොලිසියට පහරදී ඇති අතර දෙපාර්ශ්වයටම තුවාල සහ පාඩු සිදුව ඇත. පහර කෑ පිරිස් අතර කන්තාවන් කිහිපදෙනකුද සිටින බව වාර්තා වේ. පෝලිම්වල දුක් විඳින ජනතාව ඉලක්ක කර එල්ල කරන ප්‍රහාර දකුණට පමණක් සිමාවී නැත. උතුරේ විශ්වමඩු ප්‍රදේශයේදීද මෙවැනි පොලිස් හමුදා මැදිහත් වීමක් සිදුව ඇති අතර එහිදී අහසට වෙඩි තැබීමක්ද සිදුව ඇත. පෝලිම් ආශ්‍රිතව දුක් විඳින මිනිසුන්ගේ උතුරා යන ආතතිය නිසා හටගන්නා ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට අවි ආයුධවලින් පිළිතුරු දීමට යන ලංකාවේ පොලිස් නිලධාරීන් පිළිබඳ මේ වන විට ලෝකයේම අවධානය යොමුව ඇත. ඕනෑම කෙනකු අත ජංගම දුරකතනයක් ඇති බැවින් මෙවැනි පොලිස් පහරදීම් වීඩියෝ දර්ශන සහිතව සමාජගත වීමට යන්නේ විනාඩි කිහිපයකි. ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජූලී චංග්ද මෙකී පොලිස් පහරදීම් ගැන කනස්සල්ල පළකර තිබුණාය.

පෝලිම්වල දුක්විඳින ජනතාවට එරෙහිව මුදාහරින පොලිස් ප්‍රචණ්ඩත්වය හෙළාදකිමින් ප්‍රකාශයක් කරන ඇමෙරිකානු තානාපතිනිය පොලිසිය සහ හමුදාව ඉන්ධන පෝලිම් ආශ්‍රිතව දුක් විඳින මිනිසුන්ට එරෙහිව අසීමිත බලය යෙදවීම පිළිබඳ වහා සොයා බලන්නැයි ශ්‍රී ලංකා ආණ්ඩුවට සිහි කැඳවීමක්ද කරන්නීය. ඉන්ධන සඳහා වූ පෝලිම් දිග්ගැස්සෙන විට සහ විදුලිය විසන්ධි කරන කාලසීමාව දීර්ඝ වන විට, ජනතාවගේ ආතතියද ඉහළ යන බව පවසන තානාපතිනිය අසීමිත බලය යෙදවීමෙන් ජනතා අවශ්‍යතා ඉටු නොවන බවද පවසන්නීය. දිනෙකට දෙක තුනක නොවරදින ලංකාවේ පොලිස් පහරදීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත හානා සිංගර්ද සිය කනස්සල්ල පළකර සිටියාය. ඉන්ධන පෝලිම්වල සිටින ජනතාවට එරෙහිව පොලිසිය සහ හමුදාව බලය යෙදවීම පිළිකුල්සහගත ක්‍රියාවක් බව පවසන ඇය මෙකී පොලිස් පහරදීම් නවතාලීමට ආණ්ඩුව සක්‍රීයව මැදිහත් වියයුතු බව පවසන්නීය.

එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් වූ රූපරාමු දැකීමෙන් තමන් කම්පනයට පත්වූ බව පවසන ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනී හානා සිංගර් එවැනි සිදුවීම් පිළිබඳ වහා විමර්ශනය කළ යුතු බවද අවධාරණය කරන්නීය. ශ්‍රී ලංකාව මානව හිමිකම් පවත්වාගෙන යෑම පිළිබඳ ඉතා අයහපත් වාර්තා සහිත රටකි. එහෙයින් දරාගත නොහැකි ආර්ථික දේශපාලන අර්බුදයකින් පීඩා විඳිමින් සිටිනා ජන සමූහයක් ඉලක්ක කර පොලිසිය සහ (අතැම් තැන්හි සන්නද්ධ හමුදාව) මුදාහරින පීඩනය ඉදිරියේදී ජාත්‍යන්තරය හමුමේ ශ්‍රී ලංකාව තවත් අර්බුදයකට ලක් කිරීමට ඉඩ තිබේ. මෙරට උද්ගතවෙමින් පවතින දේශපාලන ආර්ථික තත්ත්වය පිළිබඳ මේ වන විටත් ඕනෑවටත් වඩා ලෝකය දැනුවත් බව අප සිතට ගත යුතුය.

පොලිස් පහරදීම් ආශ්‍රිතව උද්ගතව ඇති අවාසනාවන්ත තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමයද සිය අදහස් දක්වා ඇත. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් ඉවසීමෙන් සහ සහකම්පනයෙන් යුතුව ක්‍රියා කළ යුතු බව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටී.

කුරුණෑගල මාස්පොත සහ තලංගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඇතිවූ තත්ත්වය පිළිබඳ විශේෂ අවධානය යොමු කරන නීතිඥ සංගමය, නීතිය හා සාමය රැකීමේදී නිලධාරීන් දැඩි ඉවසීමෙන් හා වගකීමෙන් යුතුව මහජනයා සමග කටයුතු කිරීම ඉතා වැදගත් බව පෙන්වා දෙයි. රාජකාරි කරන පොලිස් නිලධාරීන් මහජනයා මුහුණදෙන දැඩි පීඩාව පිළිබඳ දැනුවත්භාවයකින් හා අවබෝධයෙන් යුතුව සහ කම්පනයෙන් යුතුව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවත්, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් හැම විටම සාධාරණ සහ අපක්ෂපාතී විය යුතු බවත් එම නිවේදනය මගින් ඔවුහු කියා සිටිති.



අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අපේ රටේ මාධ්‍යවල ලොකුවට නෑ! එයාර්පෝට් එකෙන් එනකොට රතු පලස් නෑ! මෙන්න මුලතිව්වල ගමක කෙල්ලෙක් ඉන්දියාවෙදි බොක්සිං තරගාවලියකදී ඔක්කොම පරද්දලා!

Next Post

මහතීර්, ලී ක්වාන් යූ, ජවහර්ලාල් නේරු, ෆිදෙල් කැස්ත්‍රෝ යන අයගේ සියලු ගුණාංගවල එකතුව තමයි ‘ගෝඨාභය’! කියන්නේ ගම්මන්පිල! අපි ගාව සංරක්ෂණය වෙලා තිබ්බ වීඩියෝ එකක්! තව ගොඩක් තියෙනවා! ටික ටික වෙලාවට දාන්නම්! (VIDEO)

MORE NEWS

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

Load More
රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට පෙර පොරොන්දු වී තිබුණ ද, එම පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම...

Read more
ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.