ඉන්දියාවේ පැවති මිශ්‍ර බොක්සිං ශූරතාවලියේදී රන් පදක්කම සහ ප්‍රථම ස්ථානය දිනාගත් මුලතිව් මාන්කුලම් ප්‍රදේශයේ පදිංචි ජෙගතීස්වරන් විජිතා යළි නිවසට පැමිණි අවස්ථාවේදී ගම්වාසීන් විසින් උත්තමාචාර දැක්වීය.
ජයග්‍රහණයෙන් අනතුරුව ඉන්දියාවේ සිට මාන්කුලම් වෙත පැමිණි ඇය පෙරහැරකින් කැඳවාගෙන යාමට පෙර මාන්කුලම් පිල්ලයාර් කෝවිල අසලින් පිළිගනු ලැබීය.
මුලතිව් දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර මෙම අවස්ථාවට ඇයගේ උසස් අධ්‍යාපන ආයතනයේ සිසුන් සහ බොක්සිං ක්‍රීඩිකාවගේ දෙමාපියන් එක්ව සිටියහ.










