දිනෙන් දින උග්‍ර වන දේශපාලන ආර්ථික අර්බුදයට විසදුම් සෙවීමට නම් පවතින ගෝඨා – රනිල් හවුල් පාලනය වෙනස් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් පවසනවා.
“මේ රටේ ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම වන්නේ පවතින දේශපාලන ආර්ථික අර්බුදයට විසදුම් සොයන්නට නම් ආණ්ඩු වෙනසක් අත්‍යාවශ්‍ය බවයි. මේ ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ විශ්වාසය සම්පුර්ණයෙන්ම බිඳ වැටිලා ඉවරයි. මේ මොහොතේ රටේත්, ජනතාවගේත් සුබ සිද්ධිය වෙනුවෙන් හැමෝම එකතුව විසදුම් සොයන්න ඕනේ. එහෙම කළොත් තමයි මේ ආණ්ඩුව වෙනස් කරන්න පුළුවන් වෙන්නේ.පාලනයේ වෙනසක් ඇති වුනානම් ජාත්‍යන්තර ප්‍රජාවට අපේ රට ගැන විශ්වාසයක් ගොඩ නැගෙනවා. එතකොට සෑම පාර්ශවයකින්ම උදව් උපකාර ලැබෙනවා. මේ පාලනයේ වෙනසක් කරන්නේ නැතිව රට ඉදිරියට ගෙන යාම අති දුෂ්කරයි” යැයි පවසන මන්ත්‍රීවරයා ආණ්ඩු වෙනසක් වුවහොත් පවතින අර්බුදයෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර ප්‍රජාව සහාය වනු ඇති බවට සිය විශ්වාසය පළ කරනවා.










