පසුගියදා අත් අඩංගුවට ගෙන පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අරගලකරුවන් හත් දෙනාගෙන් සිව් දෙනෙකුට අද දිනයේ දී කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබා දී තිබේ.
ඇප ලැබුණු සිව් දෙනා වන්නේ, ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ සහ එරංග ගුණසේකර යන අයයි.
කෙසේ නවත්, අනෙක් සටන් සගයන්ද ඇප මත මුදා හරින තෙක් ඇප මත නිදහස ලැබීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙන වාර්තා වේ.
ඇප නොලැබුණු සැකකරුවන්නේ, ළහිරු වීරසේකර, රැට්ටා සහ රත්කරව්වේ ජිනරතන හිමි යන අයයි.










