ඩොලර් 95ට ලබාගත හැකිව තිබූ ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 129ක වැඩි මිලකට ආනයනය කොට සිදුකළ බව කියන වංචාවක් සම්බන්ධයෙන් රජයට එල්ල වන චෝදනාවලට නිමල් ලන්සා සහ දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී අද (22) පිළිතුරු දුන්නා.
එහිදී නිමල් ලන්සා සහ දයාසිරි ජයසේකර අතර උණුසුම් අදහස් දැක්වීම් ඇතිවුණේ, නිමල් ලන්සා මහතා අග්‍රාමාත්‍යවරයාගේ කකුල ලෙවකන බව ජයසේකර මහතා පැවසීමත් සමගයි.










