• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විජය බේරිලා ගාමිණී වැටුණෙ කොහොමද? ඉන්දියාවේ කන්ගනායි ආක්ෂෙයි බිමටම වැටුණෙ ඇයි? ලංකාවේ විජයයි ගාමිණියි වෙන්නෙ කවුද?

June 20, 2022
in Exclusive
Reading Time: 10 mins read
A A
විජය බේරිලා ගාමිණී වැටුණෙ කොහොමද? ඉන්දියාවේ කන්ගනායි ආක්ෂෙයි බිමටම වැටුණෙ ඇයි? ලංකාවේ විජයයි ගාමිණියි වෙන්නෙ කවුද?
Share on WhatsAppShare on Facebook

‘සම්රාට් ප්‍රිත්විරාජ්’ කඩාවැටුණේ ඇයි..?’
ඒ, මේ දවස්වල ඉන්දියානු සිනමා සඟරා සහ පත්තරවලත්, සමාජජාල වෙබ් අඩවිවලත් දිගට හරහට පළවන උණුසුම් ප්‍රවෘත්තියකි.

මොකක්ද මේ ‘සම්රාට් ප්‍රිත්විරාජ්’ කියන්නේ.

‘සම්රාට් ප්‍රිත්විරාජ්’ කියන්නේ ප්‍රවීණ බොලිවුඩ් නළු අක්ෂය කුමාරගේ අලුත්ම සිනමාපටයයි. 12 වැනි සියවසෙහි රාජස්ථානය සහ දිල්ලිය පාලනය කළ රණශූර රජ කෙනෙකු වූ ප්‍රිත්විරාජ්ගේ ජීවිත කතාව ගැන ඉතාම අභිමානයෙන් යුතුව ගෙතූ සිත් අලවන සුලු මිහිරිමය කතන්දරයකින් මෙය සමන්විතව ඇත. යාෂ් රාජ් නිෂ්පාදනයක් ලෙසින් කෝටි ප්‍රකෝටි ගණනක මුදලක් වියදම් කර මහා පරිමාණයෙන් තනන ලද ‘සම්රාට් ප්‍රිත්විරාජ්’ චන්ද්‍ර ප්‍රකාශ් ධ්වයිවේදිගේ අලංකාර අධ්‍යක්‍ෂණයකි.

යාෂ් රාජ් ගෲප් එක, චන්ද්‍ර ප්‍රකාශ් සේම සුපිරි නළු අක්ෂය කුමාරද ‘සම්රාට් ප්‍රිත්විරාජ්’ ගැන තැබූ බලාපොරොත්තුත් අහස උසටත් වැඩිය ඉහළය. එලෙසම චිත්‍රපටයේ ප්‍රදර්ශන අයිතිය ඉල්ලා සිනමා ප්‍රදර්ශක මණ්ඩල කිහිපයක්ම යාෂ් රාජ් ෆිල්ම් සමාගම සමග ගෝරානඩුද කරගත්තෝය. අලංකාරෙට වගේම හරි ආටෝපයට තැනුණු රජ කතාව ගැන මහා ආඩම්බරයක් යාෂ් රාජ්ලාගේ හිතේ පැලපදියම්ව තිබිණි. ඒ හැම දේටමත් වැඩිය ‘සම්රාට් ප්‍රිත්විරාජ්’ මෙතෙක් බොලිවුඩ් සිනමාවේ කිසිදුම චිත්‍රපටයකට සම කරන්නට නොහැකි ආදායමක් සමග බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළමින් තිරගත වෙතැයි යන විශ්වාසය ඔවුන් තුළ ඇතිවී තිබුණේ සුපිරි සිනමා නළු අක්ෂය කුමාර නිසාය. බොලිවුඩයේ සුපිරි මට්ටමේ චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ මෙන්ම ප්‍රේක්‍ෂකයන්ගේ මතය වූයේද… අක්ෂය කුමාර යනු සල්ලි උපයන උල්පතක්ය කියාය.

එය බොරුවක් නෙවේය. සත්තකින්ම අක්ෂය යනු චිත්‍රපට නිෂ්පාදකයන්ගේ කෝට් සාක්කු ඉන්දියානු රුපියල්වලින් පුරවා දමන සල්ලි උල්පතකි. යාෂ් රාජ් චිත්‍රපට සමාගම බයක්, සැකයක් නැතුව ‘සම්රාට් ප්‍රිත්විරාජ්’ වෙනුවෙන් සිය බැංකු ගිණුම් හිස්කරන තරමට සල්ලි ඇද්දේද ඒ විශ්වාසය මතය. සියලුම සිහින සහ බලාපොරොත්තු එක රැයින්ම පුපුරා ගියේය… සතියක් ඉකුත්ව යන විට පුපුරා ගිය ඒ දුක හිතෙන සිහිනයේ අළු සහ රොඩු මහ පොළොවෙහි දූවිල්ලට එකතු වූයේ හරි සැහැසි විදියටය.

‘සම්රාට් ප්‍රිත්විරාජ්’ තිරගත වී දින දෙක පසුවන විට ප්‍රේක්‍ෂකාගාරය අවම වශයෙන් තුනෙන් එකකට වඩා හිස්ව තිබිණි. ‘බ්ලැක් මාර්කට් අලෙවියට’ යන තරමට බලාපොරොත්තු තබා තිබූ ටිකට්පත් ගොනු ගණන් ඉතිරිව තිබිණි. සතියකට ආසන්න වන විට ටිකට්පත්වල අලෙවිය සීග්‍රයෙන් පහළට වැටෙන විට… ‘සම්රාට් ප්‍රිත්විරාජ්’ තම සිනමාහල වෙත ගෙන්වා ගැනීමට පොරබැදූ චිත්‍රපට හෝල් අයිතිකාරයන් එය ප්‍රතික්‍ෂේප කොට තිබිණි. චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා බාරගෙන තිබූ සිනමා ශාලාවන්ද සියලුම සන්දර්ශනයන් අවලංගු කර තිබුණේ ආදායම කෙසේ වෙතත් බොරු වියදමක් දැරීම අතින් කයිට් වීමක් ලෙස සිතූ නිසාය.

‘සරලව සහ සූක්‍ෂ්මව තැනුවද… ‘සම්රාට් ප්‍රිත්විරාජ්’ ප්‍රේක්‍ෂකයන් විසින් ඉතා රළු ලෙස ප්‍රතික්‍ෂේප කොට ඇත…’

ඉන්දියන් එක්ස්ප්‍රස් පත්තරේ චිත්‍රපට විචාරක ‘ශූබ්‍රා ගුප්තා’ තැබූ සටහනක එසේ සඳහන්ව තිබිණි.
‘සම්රාට් ප්‍රිත්විරාජ්’ ආත්මයක් නැති බහුබූතයකි..,

‘එය අඳුරුය… දකින්නට කම්මැළිය…’

‘සල්ලි උපයන උල්පතක් වූ සුපිරි තරුව අක්ෂය… මෝගල් අධිරාජයා විසින් බින්දුවට දැමුවේය.
‘සම්රාට් ප්‍රිත්විරාජ්’ ගැන… අක්ෂයට ඇලුම් කළ ඔහුගේ ට්විටර් අනුගාමිකයන් විසින් උපහාසමය වැකි පළකොට තිබුණේ එහෙමය.

සිදුවූයේ කුමක්ද..?

බොහොමයක් දෙනා විවිධ අනාවැකි පළකොට තිබිණි. එතැනින් වැඩි හරියක් දෙනා කීවේ… අක්ෂය කුමාර් ‘නරේන්ද්‍ර මෝදි’ සමග තිබෙන සමීප ඇඟෑලුම්කම නිසා ප්‍රේක්ෂකයනට ඔහුව වහකදුරු වන්නට ගත් වගකි.

ඒ මතය හරිද..?

වැරැදි යැයි කියනවාට වැඩිය එය හරියටම හරි යැයි කියන්නට අවැසි කරුණු කාරණා පෙනෙන්නට ඇත.

ඒ කියන්නේ මෝදි එක්ක මේ සුපිරි තරුව පමණ ඉක්මවා යන මිතුරුකමක පැටලිලාද..?

ඔව්… ගමේ තාලෙට එයට කියන්නේ ‘හැන්දෙ, වළඳේ වැටෙනවාය’ කියාය. කොහොමත් අක්ෂය භාරතීය ජනතා පක්‍ෂය වෙනුවෙන් දත්ටික පෙන්වා සිනා සී දෑත් එක්කොට වැඳ පින්තූරවලට පෙනී සිටින්න ගත්තේ තරමක් මෑතක සිටය… ඒ හැම අවස්ථාවකම වාගේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඔහුගේ දකුණු පැත්තෙන් හෝ වම් පැත්තෙන් සිටියේය.., සමහර විට ඒ සුපිරි තරු තම ජාම බේරා ගන්නට කරන රැවටිලි යැයි කියා කිසිවෙකු සිතන්නට ඇත.., ඒ මොකද මෝදිව අගමැති කරන සටනට තව ඉන්දීය සුපිරි තරු ඕනෑ තරම් ඔහු වටා එක්රොක්ව සිටියහ… ඉලෙක්ෂන් එකෙන් පසුව ඒ හැමෝම තම තමන්ගේ වැඩක් බලාගෙන විසිර ගියහ.

අක්ෂය නම් එහෙම ගියේ නැත… ඔහු නිතර මෝදි සමග සබඳතාව ගෙනගියේ භාරතීය ජනතා පක්‍ෂයට අපූරුවට සුදුහුණු ගාන ගමන්ය. ඒ අතර අක්ෂය නිතර මෝදි ගැන කතා කිරීමද සමහර අයට අමුත්තක් විය… ‘දූරදර්ශන්’ සම්මුඛ සාකච්ඡාවකට පැමිණි මොහොතක මේ සුපිරි තරුව… ඉන්දීය අගමැති මෝදි අඹ කන්නට ඉතා ප්‍රිය බවත් ඔහු එය රස කරකර කන අපූරු ක්‍රමය ගැනත් පහදා දීමට තරමක් කාලයක් මිඩංගු කළේය…

එකී සිදුවීමෙන් පසුව අක්ෂයට ප්‍රිය කරන බොහෝ ප්‍රේක්‍ෂකයන් විසින් ඔහුව ඉතා පහත් ලෙස උපහාසයට ලක්කොට තිබිණි. නිතර, නිතර මෝදි සමග සේයාරූවලට පෙනී සිටීම නිසාද ‘Poster Boy for Hindu Nationalism’ යන අන්වර්ථ නාමය ඔහුට පටබැඳිණි.

පසුගිය සැප්තැම්බර් මාසයේ 17 වැනි දින මෝදි සිය 71 වැනි උපන් දිනය සැමරුවේ අක්ෂය කුමාර් මූලිකව පිළියෙල කළ දැවැන්ත උත්සවයක් සමගය. කොහොමත් මෝදි සහ භාරතීය ජනතා පක්‍ෂය සමග අක්ෂයගේ ‘පයුරු පාසානය’ ඕනෑවට වඩා වැඩිය… ඒ වෙනුවෙන් ඔහුට සුවිශේෂී පඬුරු පාක්කුඩං ලැබෙන බවද ආරංචිය. සුවිශේෂීම පඬුර වන්නේ අක්ෂයගේ විශාල ගණනක් බඳු මුදලක් කිසිදු වගවිභාගයක් නැතුව මෝදි විසින් කපා දමා තිබීමය. නිකරුණේ ඔහුගේ නිවෙසට කඩාවදින්න එපා යනුවෙන්ද මෝදි ඊට අදාළ නිලධාරීන් දැනුවත් කර ඇති බවටද කටකතා ඇවිල ගියේය.

පසුගිය දිනෙක අක්ෂය මෝදි සමග සම්මුඛ සාකච්ඡාවක් සඳහා මග පාදා ගැනීමට වෙහෙසීම තුළද ඔහු තමාට ළැදි අනුගාමිකයන්ගේ සිත තුළ දැඩි කලකිරීමක් ඇති කොට තිබෙන බව’ද ඉන්දියන් එක්ස්ප්‍රස්’හී සඳහන්ව තිබිණි.

‘ඉන්දියාවේ වෙසෙන සාමාන්‍ය ඉන්දියානු හිතවතකු සමග දෙඩීමේ ආශාවක් මට ඇති වුණා… මට ඕනෑ වුණේ විශාලත්වයෙන් වැඩි ආසියානු දේශයක වෙසෙන කෘතහස්ත රාජ්‍ය නායකයකු වුවද ඔහු කෙතරම් සාමාන්‍ය මිනිසෙකුද යන කාරණය හුවා දැක්වීමටයි. අප මුණගැසී කතාබහ කිරීමේ පසුබිමද… එයට අදාළ වූ වචනද ඉතාම සාමාන්‍යයයි.’

තමා ගැන මතුව ඇති අභූත චෝදනා හමුවේ අක්ෂය එහෙම ප්‍රකාශයක් මාධ්‍ය හමුවේ සිදුකොට ඇත.

එලෙසම ඔහු..,

‘කරුණාකර මෙය මගනොහැර කියවන්නැ’යි යනුවෙන් පහත සඳහන් සටහන සිය ‘ට්විටර්’ ගිණුමෙහි මුදාහැර ඇත.

සාමාන්‍ය මිනිසෙකු ලෙස මට අවශ්‍ය වූයේ… අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඉතාම සරල, ඍජු ප්‍රශ්න ඇසීමට පමණි. ඔහුගේ දේශපාලන ප්‍රතිපත්ති සහ ඔහු කළ නොකළ දේ විමසීමට මට අයිතියක් නැත… එය මට අදාළ ද නැත… තමා සාමාන්‍යයෙකු යැයි සිතන නායකයකු සමග එකට අසුන් ගෙන කතා කිරීමට අවස්ථාව ලැබීම ගැන මම මා ගැන ගෞරවනීය වෙමි… වෙනත් කිළුටක් එහි නැත..,

සත්තකින්ම අක්ෂය රඟන ‘සම්රාට් ප්‍රිත්විරාජ්’ ඔහුට මනාප ප්‍රේක්‍ෂකයන් විසින් රිජෙක්ට්කර දැමුවේ ‘භාරතීය ජනතා පක්‍ෂය’ සමග ඔහුගේ ඇති අශෝභන ඇයි හොඳයිය නිසාමද..?

ආසන්නතම හේතුව එය බව ඉන්දියානු විචාරකයන් සහ අක්ෂයට වහ වැටී සිටින ඔහුගේම අනුගාමිකයන් විසින් පෙන්වා දී ඇත.

එය සනාථ කරන තවත් හොඳම සාක්ෂියක් වන්නේ.., කන්ගනා රනාවුත් බොහෝ කයිවාරු ගසා සිටි ‘ඩකාඩ්’ චිත්‍රපටයේ නොසිතූ ඇදවැටීමය. ආදායම අතින් නන්නත්තාර වූ ‘සම්රාට් ප්‍රිත්විරාජ්’ වාගෙම ‘ඩකාඩ්’ ද සතියක් යන්නටත් කලින් ‘හාංචිපයිස්’ විය.

‘බොක්ස් ඔෆිස් නොතිබ්බොත් මෙන්න කැට’ යනුවෙන් නිෂ්පාදකයන් ඔට්ටු පිට ඔට්ටු තැබූ අක්ෂෙගේ ‘බයස්කෝප්’ එකට සමානවම කංගනාගේ පට්ට වැඩ කෑලි තියෙන ‘බයස්කෝප්’ එකටද යනඑනමං නැති විය.

කංගනාද භාරතීය ජනතා පක්‍ෂය සහ මෝදි සමග සමීප ඇගෑලුම්කම් තිබුණු සුපිරි තාරකාවකි. මෝදි වෙනුවෙන් ඈ දැමූ කැටයම්ද හරි විසිතුරු විය… මෝදිගේ 71 වැනි උපන් දිනය වෙනුවෙන් කංගනා පියකරු වීඩියෝවක්ද තම ‘ට්විටර්’ ගිණුමෙහි මුදාහැර තිබිණි. එලෙසම මෝදිගේ විශේෂ උත්සවවලට ආරාධනා ලබන සුපිරි බවලතුන් අතර ඇගේ නම කිසිතැනෙක වැරැදුණේ නැත.

ඉතින්… එහෙම බලන කොට මේ චිත්‍රපට දෙක කඩාබාන්දු වීමේ සමානාත්මතාවයක්, මෝදි ප්‍රමුඛ ආණ්ඩු පක්‍ෂය සමග ඇති අසීමාන්තික යහළුකම සමග ඈඳී ඇතැයි නොසිතන්නේ කොහොමද..?

මේ කාලයේ මෙලෙස කඩාබාන්දු වූ වෙනත් සිනමාපට ගැන හොයලාා බැලුවොත් කොහොමද..?

අන්න අපූරු නිදසුනක් ‘ඩකාඩ්’ සහ ‘සම්රාට් ප්‍රිත්විරාජ්’ තරමට කඩාවැටුණු සිනමා පටයක් මේ දවස්වල හොයනවා බොරුය… ඒ මදිවාට ඒ ගැන කතාබහ කරනවා නම් කිවහැක්කේ, කොලිවුඩ් සිනමා පටයක් වූ කමල් හසන්ගේ වික්‍රම් (Vikram) සහ ‘තාබු’ සමග ‘කාර්තික් ආර්යන්’ රංගනයෙන් එක්වූ ‘බූල් බුලයියා-2’ (Bhool Bhulaiyaa 2) චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා බිඳහෙළමින් අදටත් තිරගත වන බවය.

මොන විදියට මත ඉදිරිපත් කළද සුපිරි තරු ආණ්ඩු පක්‍ෂයන් සමග පෑහීම තුළ සාමාන්‍ය ජනතාව හෝ එම සුපිරි තරුවලට ආදරය කරන ප්‍රේක්‍ෂකයන් සතුටට පත්වූ තැන් හොයා ගන්නට අමාරුය… ඊට තවත් හොඳ නිදසුනක් වන්නේ කලකට ඉහත රජීව් ගාන්ධි ආණ්ඩුව සමග අමිතාබ් බච්චන් පැවැත්වූ සමීප සබඳතාවන්ය. ඡන්දය දිනා ගත්තද අමිතාබ් රංගනයෙන් දායක වූ චිත්‍රපට සමූහයක්ම එකල එක පිට එක තඩාවැටිණි. තමන් ආදරය කළ සුපිරි නළු වීරයා ආණ්ඩු පක්‍ෂයට ගැතිකම් පෑම එදවසද ඉන්දියානු ප්‍රේක්‍ෂකයනට දිරෙව්වේ නැත.

ඉන්දියාවේ විතරක් නොව, ශ්‍රී ලාංකේය සිනමාවේද එයට ප්‍රධානවම ගතහැකි නිදසුන් ඕනෑ තරම්ය.
ඉන් එකක් වන්නේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ආණ්ඩු පක්‍ෂ සමග ඩීල් ගැසීමෙන් පසුව ඔහුට හිමිව තිබූ ජනප්‍රියත්වය පල්ලම් බැසීමය.

එයට සමගාමීව ගත් කල ආණ්ඩු පක්‍ෂයකට පහසුවෙන්ම ආ වැඩීමේ අවස්ථා සහ චාන්ස් තිබියද විජය කුමාරණතුංග හැමදාමත් විරුද්ධ පක්‍ෂයේ සිට තම සටන මෙහෙයවමින් ගාමිණී රැකගෙන සිටි ජනප්‍රිය නළු සම්මානයද දිනාගැනීමට සමත්වීම ඉහත කරුණු සනාථ කිරීමට අවැසි පැහැදිලිම නිදසුනක් ලෙස දැක්විය හැකිය. සාහසික වෙඩි පහරකින් මරණයට පත්වන තුරුම විජය ආණ්ඩු පක්‍ෂ සමග පෑහීම පිටුදකිමින් ජනප්‍රිය නළු සම්මානයද දිගින් දිගටම දිනාගන්නට සමත් විය.

එමෙන්ම ඒ තර්කය අනුව දැන් ලංකාවේ විජය කුමාරතුංග කෙනකු බිහිවී ඇත. ඒ, රන්ජන්ය. නමුත් ගාමිණී කෙනකු වෙන්න සිටි ජැක්සන් ඇන්තනී, රාජපක්ෂලාට කඩේ ගිහින් අද බිමටම ඇද වැටී තිබේ.

ඉතින්… මෝදිට පක්‍ෂව ආණ්ඩු පක්‍ෂයට ගොට්ට අල්ලන්නට ගිහින් අක්ෂය සහ කංගනා නිකරුණේ අනාගත්තා යැයි නොකියන්නේ කොහොමද..?

අන්තිමේදී ඔට්ටු අල්ලන්නට බය නැති අශ්වයකුසේ රේස් පිටියේ තම ජවය පෙන්වූ අක්ෂයට සිදුවූයේ කකුල පැටලී ඇදවැටෙන්නටය.

අනේ ඉතින්… ඔහු වෙනුවෙන් විශ්වාසය තබා තම ධනය උකසට ගෙන ඔට්ටු ඇල්ලූ නිෂ්පාදක භවතුනට දෙවියන්ගේම පිහිටය..,

කංගනා ගැනද එයට වැඩි යමක් කියන්නට වුවමනා නැත..,

කෙසේ වුවද කලාකරුවන් වූ කලී ආණ්ඩු පක්‍ෂ සමග යාළු මාළුකම් පරෙස්සමට කළ යුතුය.

අනෙක් කාරණය නම්,

ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ලබන මාසයේදී රට සම්පූර්ණයෙන් වහනවා! තවත් රුපියල් 200කින් තෙල් වැඩිවෙනවා! මන්නාරමේ සක්‍රීය තෙල් ළිං 4ක් ඉන්දියාවට දෙන්නයි යන්නේ! මෙච්චර විනාශයක් වෙලා තියෙද්දිත් රාජපක්ෂ පුත්‍රයෙක් ඉන්ධන මගඩියකට සම්බන්ධ වෙලා! අලුත්ම හෙළිදරව් කිරීම් අහලම බලන්න! (VIDEO)

Next Post

එක පවුලක් නිසා අද පවුල් ලක්ෂ 50කට කන්න නැතිවෙලා! ගෝඨාභයට ආණ්ඩුව කරන්න බෑ! ගත් තීන්දු සියල්ල අසාර්ථකයි! ජනාධිපතිතුමනි දැන්වත් අයින් වෙන්න! හර්ෂ අවසන් නිවේදනය නිකුත් කරයි! (VIDEO)

MORE NEWS

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News
Exclusive

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

Load More
අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඇමෙරිකානු එක්සත් ජනපද House Democracy Partnership (HDP) හි දූත පිරිසක් අතර සුවිශේෂ හමුවක් අද...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.