ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළමු වරට ආණ්ඩු පක්ෂයේ සියලුම මැති ඇමැතිවරුන් ලබන බ්‍රහස්පතින්දා (12) දින ජනාධිපති මන්දිරය වෙත කැදවීමට පියවර ගෙන ඇත.
එදින රාත්‍රියේ පැවැත්වෙන මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමටද ජනාධිපතිවරයා සැලසුම් කර තිබේ.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (09) දින ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අරලියගහ මන්දිරයට කැදවීමට සැලසුම් කර තිබුණද පසුව බ්‍රහස්පතින්දා දිනම ජනාධිපතිවරයා සමගම එම රැස්වීම පැවැත්වීමට කටයුතු යොදා ඇති බව දැනගන්නට තිබේ.










