ඇතැමුන් උනුත් එකයි මුනුත් එකයි සටන් පාඨය යළි කරළියට ගෙන ඒමට උත්සාහ කළද සමගි ජනබලවේගය එසේ නොවන දේශපාලන ප්‍රවාහයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ තමන් 2015 සිටම නිල රථ, නිල නිවාස සහ වැටුප හෝ නොගෙන සමාජ සුබසාධනය වෙනුවෙන් ඒ සියල්ල කැප කළ බවකි.









