ජනාධිපති කාර්යාලයේ පූර්ව අවසරයකින් තොරව කිසිදු ආයතනයක සභාපතිවරයකු හෝ අධ්‍යක්ෂ මණ්ඩල හෝ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් හෝ වෙනස් කළ නොහැකි බවට දැනුම් දෙමින් ජනාධිපති ලේකම්වරයා විසින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට විශේෂ චක්‍රලේඛයක් යොමු කොට ඇත.
ඉකුත් බ්‍රහස්පතින්දා දිනයේදී මෙම චක්‍රලේඛය ජනාධිපතිවරයා විසින් යොමු කොට ඇති බව වාර්තා වේ.
ඒ අනුව කිසිදු සභාපතිවරයකු හෝ අධ්‍යක්ෂ මණ්ඩලයක් ජනාධිපතිවරයාගේ අවසරයකින් තොරව ඉවත් කිරීමට කිසිවකුටත් ඉඩ නොලැබෙනු ඇත.










