ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කොට රාජ්‍යතාන්ත්‍රීක විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනිම සම්බන්ධයෙන් වරදකරු වී වසර දෙකක සිර දඬුවමක් නියමවූ, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂී වීරවංශ මහත්මිය ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මීට සුළු මොහොතකට පෙර නියෝග කළේය.
ඇය විසින් ඉදිරිපත් කළ අභියාචනාව අද (31) කැඳවූ අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා මෙම තීන්දුව ලබාදී ඇත.










