• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහත්වරු මහත් හොරු සහ මරු මාරු…

May 30, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
මහත්වරු මහත් හොරු සහ මරු මාරු…
Share on WhatsAppShare on Facebook

ඒ කාලේ කවුන්සිලේට ගියේ වැදගත් මහත්වරු යයි අද කාලේ වැඩිහිටියෝ කියනු ඇසේ. ඒ අය නොකියා කියන්නේ අද කාලේ කවුන්සිලේ නැතිනම් පාර්ලිමේන්තුවට යන්නේ වැදගතුන් නොවනා බවය. කවුරුන් කීවත් ඒ කතාවනම් ඇත්තම ඇත්තය. අද කාලේ හැමතැනම හැමදාම උද්ඝෝෂණය. ඒ හැම එකකම ඇහෙන්නේ එකම සටන් පාඨයකි. ඒ 225ම එපා යන්නයි . මුළු සමජයක්ම එක්ව දේශපාලනඥයා ප්‍රතික්ෂේප කරන්නේ අද පාර්ලිමේන්තුව ”‍මහත්වරු”‍ වෙනුවට ”‍මහත් හොරුන්ගෙන්”‍ පිරී තිබීම නිසාය.

එදා රටේ සමාජයේ වැදගතුන් ගෞරවනීය වෘත්තියක් ලෙස දේශපාලනයේ නියුතු විය. ඉන් කියවෙන්නේ සාමාන්‍ය පවුල්වල ඇත්තන්ට කවුන්සිලය තහනම් වූ බව නොවේ. තැපැල් දෙපාර්තමේන්තුවේ සුළු සේවකයෙක් වූ තේමිස් සහෝදරයා වැන්නෝද එදා කවුන්සිලය නියෝජනය කළෝය. ඒ අයත් ප්‍රභූ පන්තිය තරමටම කවුන්සිලයේ ගෞරව රැක්කෝය. සේවය විනා හරි හම්බ කර ගැනීමට දේශපාලනය කිරීම ඒ කාලේ අසා දැක තිබූ දෙයක් නොවීය. ආණ්ඩුවේ ඉස්පිරිතාලේ සාමාන්‍ය මිනිසුන් අතර ප්‍රතිකාර ලබමින් සිට මියගිය උක්කු බණ්ඩා වන්නිනායක වැනි මුදල් අමාත්‍යවරු ලංකාවේ බිහිවූයේ එකී ගෞරවනීය දේශපාලනය නිසාය.

ලෝකයේ කොයි දේසයේ කළත් දේශපාලනය යනු ප්‍රතිපත්ති මූලික ක්‍රියාකාරකමකි. එහෙයින් දේශපාලනඥයාට සිය දේශපාලන ප්‍රතිපත්ති ගලේ කෙටූ අකුරු මෙන් විය යුතුය. එය වෙනස් වනවනම් ඒ ජනතා සුබසෙත සදනා කරුණක් වෙනුවෙන් පමණක් විය යුතුය. ලාභ ප්‍රයෝජන තකා කිසිම විටෙක එකී ප්‍රතිපත්ති වෙනස් නොවිය යුත්තේය. එහෙත් වර්තමානයේ ලාබ ප්‍රයෝජන පමණක් නොව නඩු හබ වැනි දෙයින් ගැලවෙන්නටද දේශපාලන ප්‍රතිපත්ති සමග පක්ෂයද මාරු කරන්නෝ ඕනෑ තරම්ය. වර්තමාන දේශපාලනයේ පක්ෂ මාරුව කෙතරම් සුලබ සිද්ධියක් වී ඇත්දැයි කිවහොත් ඇතැම් දේශපාලනඥයන්ගේ පක්ෂය කුමක්දැයි ඔවුනගේ පවුල්වල ඇත්තන්ටද එකවරම මතකයට නොඑනා තරම්ය.

ලංකාවේ දේශපාලනඥයන්ගේ පක්ෂ මාරුව ගැන කතා කිරීමේදී මේ ලියුම්කරුගේ සිහියට මුලින්ම එන්නේ රොනල්ඩ් ජෝසප් ගොඩ්ෆ්‍රි ද මැල් ය. ඔබ දන්නා කියන භාෂාවෙන් කියන්නේ නම් රොනී ද මැල් ය. රොනීගේ දේශපාලන කරණම් කෙතරම් ප්‍රකට වූයේද යත් ”‍රොනී පනී”‍ යන්න එකාලයේ ආකර්ෂණීය පුවත්පත් සිරස්තලයක් විය. 1967 පැවති දෙවිනුවර අතුරු මැතිවරණයෙන් ජයගෙන රොනී මුලින්ම පාර්ලිමේන්තු එන්නේ ශ්‍රී.ල.නි.පය නියෝජනය කරමිනි. ඉන් අනතුරුව 1970 දී යළි ශ්‍රී.ල.නි.ප යෙන්ම දෙවිනුවර ජයගන්නා රොනී 1974 දී එ.ජා.ප.යට එක්වන්නේය. 1977 මැතිවරණයේදී 6/5 බලයක් ලැබූ ජේ.ආර්.ගේ ආණ්ඩුවට රොනී එක්වන්නේ සිය බලකොටුව වූ දෙවිනුවර නැවත වරක් ජය ගනිමිනි.

එ.ජා.ප.ය වෙනුවෙන් අඛණ්ඩව අයවැය ලේඛන 11 පර්ලිමේන්තුවට ඉදිරිපත්කළ රොනී ලංකාවට වෙළෙඳපොළ ආර්ථිකය හඳුන්වා දුන් ප්‍රමුඛයා විය. එජාපයේ එවන් ප්‍රමුඛ කාර්යයක් කළ ඔහු 1990 දී ශ්‍රීලනිපයට එක්වී නැවත 1994 එ.ජා.පයට එක්වන්නේය. 2001 දී පොදුජන එක්සත් පෙරමුණට එක්වූ ඔහු ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමෙන්තුවට එක් වන්නේය. 2004 වසරේ රොනී යළි එක්සත් ජාතික පක්ෂයට එක්වූයේය . ඒ තනිවම නොව 2001- 2004 කාලයේ පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කළ සිය ඇඹේනිය මල්ලිකාද මෙල් සමගිනි.

කෙසේ වෙතත් ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විවිධාකාර වූ වාසි තකා සිය දේශපාලන පක්ෂය මාරු කිරීම වසංගතයක් ලෙස කරළියට එන්නේ 1994 න් පසුවය. 1977 සහ 1989 මැතිවරණ දෙකේදීම එක්සත් ජාතික පක්ෂය සුපැහැදිලි ජයක් ලබා ගත් නමුත් 1994 පාර්ලිමේන්තු මැතිවරණය ජයගත් චන්ද්‍රිකා බණ්ඩාරනායක පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව පිහිටුවූයේ එක බහුතර අසුනක වාසිය සමගිනි. මැතිවරණ පරාජයෙන් පසු එවකට ගාමිණි දිසානායක එ.ජා.ප.ය මුස්ලිම් කොංග්‍රසයෙ සහාය ගෙන නැවත රජයක් පිහිටුවීමට සූදානම් වෙත්දී අගමැති ධුරය හෙබවූ ‍රනිල් වික්‍රමසිංහ කල්තබාම අරලියගහ මැඳුරෙන් නික්ම යාම නිසා එජාප සැලසුම වැරදීගියේය. ඒ අනුව චන්ද්‍රිකා බණ්ඩාරනායක අගමැති ලෙස දිවුරුම් දී ආණ්ඩුවක් පිහිටුවූ නමුත් ඉක්මනින් බහුතරය තහවුරු කරගත යුතු විය. ඒ වනවිට බලය අහිමිව පාර්ලිමේන්තුවේ සිටීම නොහුරු අත්දැකීමක් බවට පත්ව තිබූ එජාප මන්ත්‍රීවරු වැඩි කලබලයක් නැතිව බිලී බාගැනීමට ඔවුනට හැකි විය. විජයපාල මෙන්ඩිස්, ආචාර්ය සරත් අමුණුගම, සුසිල් මුණසිංහ ප්‍රමුඛ කණ්ඩායමක් චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එක්වීම ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වැදගත් සන්දිස්ථානයකි. කෙසේ වෙතත් එම පිරිසෙන් විජයපාල මෙන්ඩිස් සහ සුසිල් මුණසිංහගේ දේශපාලනය එතැනින්ම අවසන් විය. එහෙත් පක්ෂ මාරුව තව දුරටත් ව්‍යප්ත වෙමින් ලාංකික දේශපාලනය වසා ගනු දැකගත හැකි විය.

ලංකාවේ දේශපාලන පක්ෂ මාරුව කලාවක් නම් නොවැරදීම එහි පිකාසෝ එස්.බී දිසානායකය. විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් ලෙස දේශපාලනයට පිවිසි ඔහු 1977 පාර්ලිමේන්තු මතිවරණයට එක්වන්නේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් හඟු‍රන්කෙත ආසනයට තරග කරමිනි. එහිදී දරුණු පරාජයක් ලබනා ඔහු පසුව ශ්‍රීලනිපයට එක්වී 1994 චන්ද්‍රිකා කුමාරතුංගගේ පොදුජන එක්සත් පෙරමුණු රජයේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට එක් වන්නේය. චන්ද්‍රිකාගේ මුල්ම කැබිනට්ටුවේ ක්‍රීඩා සහ සමෘද්ධි ඇමැති ධුරය දරන්නේ එස්.බී විසිනි. එහෙත් ටික කලකින් චන්ද්‍රිකා සමග ගැටුම් හදාගන්නා ඔහු වර්ෂ 2000දි මහාචාර්ය ජී.ඇල්. පීරිස්, බන්ධුල ගුණවර්ධන, රාජිත සේනාරත්න ඇතුළු පිරිසක් සමග එක්සත් ජානික පක්ෂයට එක් වන්නේය. 2001 එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පත්වන ඔහු සමෘද්ධි සහ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පත්වන්නේය. 2004 දී ඔහුට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව වසර දෙකක බරපතළ සිර දඬුවමක් නියම විය. 2006 වසරේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඔහුට සමාව ලබා දෙන ලදී. අනතුරුව 2009 වසරේ යළි ශ්‍රීලනිපයට එක්වුවත් 2015 මැතිවරණයේදී පරාජයට පත්වන්නේය. එහෙත් එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඔහු ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන එන්නේය. ජාතික තලයේ දේශපාලනඥයෙක් ලෙස 1994 ඔහු ගොඩනගා ගත් ප්‍රතිරූපය මේ වනවිට මුළුමනින්ම පාහේ විනාශව ගොස් අති අතර ඊට ප්‍රධාන හේතුව මෙකී පක්ෂ මාරුවය.

පිල් මාරුව නිසා දේශපාලන අනාගතය මුළුමනින්ම විනාශ කරගත් ඔටුන්නකට හිමිකම් කී කුමාරයෙක් ලෙස වසන්ත සේනානායක දැක්විය හැක. නිදහසේ පියා ලෙස සැලකෙන මහාමාන්‍ය ඩී.ඇස් සේනානායකගේ මුණුබුරා වන ඔහු සිය පවුල් උරුමය අතහැර ශ්‍රීලනීපයෙන් දේශපාලනයට එක්වන්නේය. පසුව ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වන්නට සමත් විය. 2018 වසරේ දී නැවත මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කිරීමට මෛත්‍රීපාල සිරිසේන අනීතිකව තීරණය කිරීමත් සමග මහින්ද රාජපක්ෂට සහාය දෙන්නට විය. මහින්දගේ අගමැති ධුරය අධිකරණය විසින් අහිමි කිරීමත් සමග වසන්ත සේනානායකගේ නම දේශපාලන පිටියෙන් මැකී යන්නේය.

රජවාසල කවටයාවූ අන්දරේට තමන්ගේ නෑ කමක් ඇතැයි පැවසූ මර්වින් සිල්වාද පක්ෂ මාරුව නිසා විනාශව ගිය තවත් එක් දේශපාලන සත්වයෙකි. ශ්‍රීලනිපයෙන් සිය දේශපාලනය ඇරඹූ ඔහු පසුව ශ්‍රී ලංකා මහජන පක්ෂයට එක්වන්නේය. එහි ටික කලක් සිටි ඔහුගේ ඊළඟ දේශපාලන අම්බලම එක්සත් ජාතික පක්ෂය විය. අනතුරුව චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය මගින් නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන්නට උත්සාහ ගත් අවස්ථාවේදී මර්වින් සිල්වා නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු විය. අනතුරුව මහින්ද රාජපක්ෂ සමග සහයෝගයෙන් වැඩකරනා ඔහු රූපවාහිනී සංස්ථාවට කඩා පැන චණ්ඩිකම් පෙන්වන්නට ගොස් හොඳහැටි මට්ටු වන්නේය. මහින්ද රාජපක්ෂගේ පරාජයත් සමඟ ඔහු නැවතත් එක්සත් ජාතික පක්ෂයට එකතු විය. එහෙත් ඔහුගේ දෙශපාලන ජීවිතය එතකින් හමාර වන්නේය.

පක්ෂ මාරුවට කප් ගැසූ අනෙක් දේශපාලනඥයා රාජිත සේනාරත්නය. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් ලෙස දේශපාලනයට එක්වන ඔහුගේ දේශපාලන මහගෙදර ශ්‍රී ලංකා මහජන පක්ෂයයි.

ඩී.බී විජේතුංග ජනධිපතිගේ සමයේ එක්සත් ජාතික පක්ෂයට එක්වන ඔහු රනිල්ගේ සමීපතමයෙක් වන්නේය. වර්ෂ 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වූ පසු ඔහුගේ ”‍දෑත් ශක්තිමත්”‍ කරන්නට එක්වන පිරිස අතර රාජිතද විය. 2014 මහින්ද හැර දමා පැමිණෙන ඔහු මෛතිපාල සිරිසේනට සහාය දෙන්නේය. අනතුරුව එක්සත් ජාතික පක්ෂයට එක්ව 2015 පාර්ලිමේන්තුවට තේරී පත්විය. අනතුරුව එ.ජා.ප ය හැර යන ඔහු අද සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනය අරඹා එක්සත් ජාතික පක්ෂයට එක්ව නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්ව එහි මහා ලේකම් ධුරයට පත්වූ දයාසිරි ජයසේකර පක්ෂ මාරුවෙන් යම් තරමකට ගොඩ ගිය අයෙක් ලෙස දැක්විය හැක. මාතර දිස්ත්‍රික්කයේ හක්මන සිය දේශපාලන බලකොටුව කරගත් ලක්ෂ්මන් යාපා අබේවර්ධනද පක්ෂ මාරුවට හපනෙකි. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට එන ඔහු පසුව එම පක්ෂය අතහැර මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරන්නට එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වන්නේය. එහෙත් පසුගිය මැතිවරණයේදී ඔහුගේ දේශපාලනය නවතා දමන්නට මාතර දිස්ත්‍රික් ජනතාව තීරණය කරන්නේය.
සාමාන්‍ය වශයෙන් පක්ෂ මාරු කිරීම් අවම දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ දැක්විය හැක. එහෙත් එම පක්ෂය නියෝජනය කරමින් 1999 ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ නන්දන ගුණතිලකටද පක්ෂ මාරු කිරීම පිළිබඳ දිගු ඉතිහාසයක් ඇත. ජ.වි.පෙන් ඉවත්ව විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ හා එක්ව මහින්ද රාජපක්ෂ රජයේ ඇමැතිකමක් පවා දරනා ඔහු අනතුරුව එම පක්ෂය හැර ගොස් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වය ලබා ගන්නේය.පසුව එම පක්ෂය හැර යන ඔහු අද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ප්‍රාදේශීය දේශපාලනඥයෙක් ලෙස ක්‍රියාකරයි. එහෙත් පක්ෂ මාරුව සමග නන්දනගේ ජතික තලයේ දේශපාලනයද නිමාවූ බව පැවසිය හැක.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ගස් වැල් මගින් දොස් නසන විස්මිත ශාස්ත්‍රය…

Next Post

ඕන ඕන වෙලාවට ලසන්තව විකුණගෙන කාපු එවුන්ටයි මේ කියන්නේ අන්න ලසන්ත ගැන නඩුව හේග්වල අහනවා! රටින් පැන්නා කියපු IP නිශාන්ත ඇවිත් දුන්න සාක්ෂිය බලන්න!

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.