• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඕන ඕන වෙලාවට ලසන්තව විකුණගෙන කාපු එවුන්ටයි මේ කියන්නේ අන්න ලසන්ත ගැන නඩුව හේග්වල අහනවා! රටින් පැන්නා කියපු IP නිශාන්ත ඇවිත් දුන්න සාක්ෂිය බලන්න!

May 30, 2022
in Exclusive
Reading Time: 7 mins read
A A
ඕන ඕන වෙලාවට ලසන්තව විකුණගෙන කාපු එවුන්ටයි මේ කියන්නේ අන්න ලසන්ත ගැන නඩුව හේග්වල අහනවා! රටින් පැන්නා කියපු IP නිශාන්ත ඇවිත් දුන්න සාක්ෂිය බලන්න!
Share on WhatsAppShare on Facebook

‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට ප්‍රධාන හේතුව වන්නේ, ඔහු එවකට සිදුවූ ‘මිග් ප්‍රහාරක යානා’ ගනුදෙනුව ගැන රහසිගත තොරතුරු රැසක් තම ‘සන්ඩේ ලීඩර්’ පුවත්පත හරහා හෙළි කිරීම යැයි මම විශ්වාස කරනවා. මා එසේ ප්‍රකාශ කරන්නේ එකල මා විසින් සිදුකළ පුළුල් විමර්ශනවල ප්‍රතිඵලවලට අනුවයි. ඝාතනය සිදුකිරීමට ප්‍රධාන චේතනාව වුණේ මෙම සිදුවීමයි. ඝාතකයන් විසින් භාවිත කරන ලද ජංගම දුරකතනවලින් හෙළිවුණු තොරතුරුවලට අනුව මේ බැව් සොයා ගැනීමට හැකි වුණා. මෙම වැදගත් තොරතුරු සොයා ගැනීම සඳහා ජංගම දුරකතන කුලුනු සටහන්ද ආධාර කරගත්තා. ආරක්ෂක අංශ වල පිරිසක් එසේම ලසන්ත වික්‍රමතුංග ඝාතනයට පෙර 2007 මැයි 22දා සිදුවූ, මාධ්‍යවේදී ‘කීත් නොයාර්’ පැහැරගෙන ගොස් පසුව මුදාහැරීමේ සිදුවීමේදී සිටම මෙම දුරකතන ඇමැතුම් දාමය ආරම්භ වී තිබුණා.’

මෙයට දින කිහිපයකට පෙරදී අසන්නට ලැබුණු මෙම සුවිශේෂී කතාන්දරය කුමක්ද..?

දෙස්-විදෙස් පාර්ශ්ව රැසක් මහත් ආන්දෝලනයට පත්කළ මෙම වගතුග කියා සිටියේ කවුද..?

මේ කතාව කියා සිටින්නේ, මෙයට කලකට පෙර ශ්‍රී ලංකා පොලිසියේ සේවයේ නියුතුව සිටි ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වාය. මොහු අති සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ ආරක්‍ෂක අංශ නිලධාරියෙකි. එනම් 2009 වසරේදී සිදුවූ ‘සන්ඩේ ලීඩර්’ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයේ විමර්ශනය භාරව කටයුතු කළ ප්‍රධානතම විමර්ශකයා වූයේ ඔහුය. ඔහු එම කටයුතු බොහෝ සත්‍යවාදීව සහ නිර්පාක්‍ෂිකව සිදුකළ හෙයින්, එවකට බොහෝ වගකිවයුතු පාර්ශ්ව දැඩි කලබලයට පත්වූයේය. කෙසේ හෝ අවසානයේදී ඔහුට එරෙහිව ඇතිවුණු විවිධ ජීවිත තර්ජන හමුවේ ඔහු ශ්‍රී ලංකාවෙන් විදෙස් රටකට පලාගියේය.

දැන් එසේ නම් ඔහු විදේශයක සිට මෙම ප්‍රකාශයන් සිදුකරන්නේ කවුරුන් ඉදිරියේද..?

මේ සුවිශේෂී වගතුග ඇසෙන්නේ නෙදර්ලන්තයේ ‘හේග්’ නුවරිනි. ‘හේග්’ නුවර ලෝකයේ ප්‍රකටව ඇත්තේ ලෝකයේ ප්‍රධානතම ජාත්‍යන්තර අපරාධ අධිකරණය (International Court of Justice – Hague, Netherlands) පිහිටා ඇත්තේ මේ නගරයේ වන හෙයිනි. එය එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ඇති බලවත්ම ජාත්‍යන්තර අධිකරණ පද්ධතියයි. මෙවැනි වටපිටාවක් තිබියදී පසුගිය වසරේ ‘හේග්’ නුවරදී තවත් ජාත්‍යන්තර අධිකරණ පද්ධතියක් ඇරැඹිණි. පසුගිය 2021 නොවැම්බර් 02 දා ඇරැඹි එම නීති සමුච්චය වූයේ, ලෝකයේ ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් උදෙසා යුක්තිය පසඳලීමේ ජාත්‍යන්තර ආයතනයකි. මෙය ඉංග්‍රීසි බසින් හැඳින්වෙන්නේ ‘People’s Tribunal for Murdered Jounalists’ නොහොත් ‘ඝාතනය වූ මාධ්‍යවේදීන් සඳහා වන මහජන විනිශ්චය සභාව’ ලෙසිනි. මෙම විනිශ්චය සභාවේ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව එහි ප්‍රථමවරට විනිශ්චයට ගැනුණු සිදුවීම වූයේ, ශ්‍රී ලංකාවේ ලසන්ත වික්‍රමතුංග ඝාතනයයි. මෙය ශ්‍රී ලංකාවට හිමිවුණු සුවිශේෂී වරප්‍රසාදයක් වූ අතර, එම විමර්ශනය පසුගිය 2022 මැයි 12 සහ 13 යන දෙදින තුළදීම උදෑසන 09.00 සිට සවස 05.00 දක්වා කාලය තුළ දීර්ඝ ලෙස සිදුකෙරිණි.

මෙම විනිශ්චයේදී මුලින්ම සාක්‍ෂි ඇසීම ආරම්භ කරනු ලැබුවේ, එවකට රහස් පොලිස් පරීක්‍ෂක දැනට විදේශ රටක වාසය කරන නිශාන්ත සිල්වාගෙනි. එම සාක්‍ෂි ප්‍රකාශයෙන් වැදගත් හෙළිදරව්වක් මෙම ලිපියේ මුලින්ම ලියා තැබුවෙමි. මෙම විනිශ්චයේදී නිශාන්ත සිල්වාට අමතරව තවත් විශේෂිත පුද්ගලයන් කිහිප දෙනෙකුම තම සාක්‍ෂි ලබාදීම සිදුකර ඇත. එම පිරිස දින 02ක කාලය තුළ වෙන, වෙනම ප්‍රධාන විනිශ්චය සභාව ඉදිරියෙහි පෙනී සිට ඇත. පසුගිය ‘කොවිඩ්’ සමය තුළදී මෙවැනි විනිශ්චය සභාවන් අන්තර්ජාලයෙහි ‘සූම්’ තාක්‍ෂණය ඔස්සේ පැවැත්වුවද, මෙම ප්‍රථම විනිශ්චය සභාව 90%ක්ම සජීවීව සහ ශාරීරිකව පැවැත්වීම විශේෂත්වයක් වෙයි. මෙලෙස අලුතින් පිහිටුවන ලද ‘ඝාතනය වූ මාධ්‍යවේදීන් සඳහා වන මහජන විනිශ්චය සභාව’ තුළ ප්‍රධාන අභියෝජක ධුරය සහ ප්‍රධානත්වය උසුලනු ලබන්නේ ලොව ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර මානව හිමිකම් අපරාධ පිළිබඳව විනිසුරුවරියක් වන, අල්මුදෙනා බර්නාබියු (Almudena Bernabeu) නැමැති ස්පාඤ්ඤ ජාතික කාන්තාවකි. ඇය ලොව බලගතු දේශපාලකයන් සහ වෙනත් පුද්ගලයන් විසින් සිදුකරන ලද විවිධ මානව හිමිකම් පුද්ගල ඝාතන සහ මිනිස් සංහාරයන් පිළිබඳව විනිශ්චය සභාවන් රැසක කටයුතු කර ඇත. ‘හේග්’ නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඇතුළු ලොව ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර අධිකරණ කිහිපයකම ඇය මේ වන විට කටයුතු කර ඇත. ඇය ලොව මානව හිමිකම් සම්මාන රැසකින් පිදුම් ලබා ඇති අතර, ‘ටයිම්’ සඟරාව ප්‍රකාශ කර ඇති ලොව බලගතුම කාන්තාවන් 200 අතරට ඇයද අයත් වෙයි.

මේ ආකාරයට සුවිශේෂී වටපිටාවක් ඇති ජාත්‍යන්තර විනිශ්චය සභාවක, මුල් සහ ආරම්භක විමර්ශනය ලෙස සිදුකෙරෙන ලසන්ත වික්‍රමතුංග ඝාතනය සඳහා වන පරීක්‍ෂණයට, සාක්‍ෂි ලබා දීම සඳහා ඉදිරිපත් වන අනෙකුත් විශේෂිත පිරිස ගැන අවධානය යොමු කරමු. ඔවුන් බහුතරය ශ්‍රී ලාංකිකයන් වෙයි.

■ නිශාන්ත සිල්වා (Nishantha Silva) :
ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්‍ෂක.

■ ආචාර්ය පැකන්සෝති සරවනමුත්තු (Dr. Paikiasothy Saravanamuttu) :
ශ්‍රී ලංකාවේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ.

■ භාෂණ අබේවර්ධන (Bashana Abeywardane) :
ප්‍රවීණ මාධ්‍යවේදියකි. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධානයේ ප්‍රධාන සම්බන්ධීකාරකයාය.

■ සන්ධ්‍යා එක්නැළිගොඩ (Sandya Eknaligoda) :
අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිය සහ ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිනියක වෙයි.

■ දිල්රුක්ෂි හඳුන්නෙත්ති (Dilrukshi Handunnetti) :
ප්‍රවීණ ඉංග්‍රීසි පුවත්පත් කතුවරියකි. ගවේෂණශීලී මාධ්‍යවේදිනියකි. ඇය නීතිඥවරියක්ද වෙයි.

■ ජොආනා ෆ්‍රිවෙට් (Joanna Frivet) :
ජාත්‍යන්තර අපරාධ නීතිය පිළිබඳ ප්‍රකට නීති විශාරදයෙකි. නෙදර්ලන්තයේ වාසය කරන ඇය මුරිසි ජාතික කාන්තාවකි.

■ ස්ටීවන් බට්ලර් (Steven Butler) :
මාධ්‍යවේදීන් ආරක්‍ෂා කිරීමේ ජාත්‍යන්තර කමිටුවේ ආසියානු සම්බන්ධීකාරකයාය.

■ කැතරින් අමිර්ෆාර් (Catherine Amirfar) :
අපරාධ නීතිය පිළිබඳ ප්‍රවීණ විශාරදයකු වන ඇය, ජාත්‍යන්තර ඇමෙරිකානු නීති සංගමයේ සභාපතිනියද වෙයි.

■ නුෂීන් සර්කාර්ති (Nushin Sarkarati) :
ඇමෙරිකාවේ සිටින තරුණ මානව හිමිකම් නීතිවේදිනියකි. ඇය යුක්තිය සහ වගවීමේ ආයතනයේ මාණ්ඩලික නීතිඥවරියක් වන අතර, ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංගගේ ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ ඇයයි.

දැන් ඔබට මේ වගතුග යම් අයුරකින් පැහැදිලි වනු ඇතැයි සිතමි. මෙලෙස ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන සිදුවන විමර්ශනය දින 02ක් පුරා සිදුකෙරුණු පුළුල් කටයුත්තකි. මෙම විමර්ශනයේදී ඉහත සුවිශේෂී පුද්ගලයන් ඉතාමත් වැදගත් සහ ආන්දෝලනාත්මක කරුණු රැසක් විනිශ්චය සභාව වෙත ඉදිරිපත් කර ඇත. මෙම සාක්‍ෂි සහ ප්‍රකාශවල යම් තෝරාගත් කොටස් පමණක් පොදු මාධ්‍යයට ප්‍රකාශ කර ඇතත්, එම සම්පූර්ණ ප්‍රකාශයන් එළිදැක්වීම මෙතෙක් සිදුකර නැත. එයට හේතුව වන්නේ ලබන ජුනි මාසයේදී මෙම විමර්ශනයේ සම්පූර්ණ නිගමන වාර්තාව ප්‍රකාශයට පත්කෙරෙන හෙයිනි. එතෙක් සමහර සුවිශේෂී කරුණු රහස්‍යමය ලෙස පවත්වා ගනියි. ඒ කෙසේ වුවද පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා විසින් ලබාදී ඇති වැදගත් සාක්ෂි කිහිපයක් මාධ්‍යයට එළිදක්වා තිබිණි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට ප්‍රධානතම හේතුව ‘මිග් යානා ගනුදෙනුව’ බැව් ඔහු තදබල ලෙස අවධාරණය කළේය.

මෙම විනිශ්චය සභාව ස්ථාපිත කර ඇත්තේ ලොව ප්‍රකට මාධ්‍ය සංවිධාන තුනක මෙහෙයවීම යටතේය.

ලසන්ත වික්‍රමතුංග ඝාතන විනිශ්චය ගැන තවත් කතා කිරීමට ප්‍රථම මෙලෙස එක්වී සිටින ලොව ප්‍රබලතම මාධ්‍ය සංවිධාන 03 ගැන කරුණු දැනගැනීම අත්‍යාවශ්‍යය. එම ජාත්‍යන්තර සංවිධාන තුන මෙසේය.

■ Reporters Without Borders (මායිම් සීමා නැති වාර්තාකරුවෝ) නැමැති ප්‍රංශයේ පිහිටා තිබෙන ප්‍රකට ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානය. මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙතද උපදේශන සේවා සපයන ප්‍රබල ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයකි.

■ Commitee to Protect Journalists (ජනමාධ්‍යවේදීන් ආරක්‍ෂා කිරීමේ කොමිටිය) නැමැති ඇමෙරිකාවේ පිහිටුවා තිබෙන ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානය. අවුරුදු 40ක් ඉපැරැණි මෙම සංවිධානය ලෝකයේ මාධ්‍යවේදීන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රබල සංවිධානයකි.

■ Free Press Unlimited (සීමාරහිත නිදහස් මාධ්‍ය සංවිධානය) නැමැති නෙදර්ලන්තයේ පිහිටුවා තිබෙන ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානය. විශේෂයෙන්ම යුද ගැටුම් වාර්තා කරනු ලබන මාධ්‍යවේදීන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින මාධ්‍ය සංවිධානයකි.

1922 වසරේ සිට මේතාක් දක්වා වසර 30කට ආසන්න කාලයක් පුරා ලොව විවිධ රටවල සිටි මාධ්‍යවේදීන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනයට ලක්වී ඇතැයි වාර්තා වෙයි. පසුගිය රාජපක්‍ෂ රජය පාලනය සමයේදීද ශ්‍රී ලංකාවේ ප්‍රවීණ මාධ්‍යවේදීන් 10 දෙනෙකු පමණ ඝාතනයට ලක්වූ බැව් ඉහත මහජන විනිශ්චය සභාවේදී ප්‍රකාශයට පත්වී ඇත. මේ අනුව මරණයට පත්වූ මෙම පිරිස්වලට යම් සාධාරණයක් ඉටු කිරීම ඉහත මහජන විනිශ්චය සභාවේ පරමාර්ථය වෙයි. ඝාතනයට ලක්වූ මෙතරම් සුවිශාල මාධ්‍යවේදීන් සංඛ්‍යාවක් අතරින් ඉහත සභාව විසින් ප්‍රථමයෙන් විනිශ්චයට ගනු ලබන්නේ තිදෙනෙකුගේ ඝාතන සිදුවීම්ය. එහිදී පුදුමාකාර, සුවිශේෂීම සිදුවීම වන්නේ, ප්‍රථමයෙන්ම ලසන්ත වික්‍රමතුංග ඝාතන සිදුවීම විනිශ්චයට ගැනීමය. අනෙක් ප්‍රකට මාධ්‍යවේදීන් දෙදෙනා වන්නේ මෙක්සිකෝවේ මිගෙල් ලෝපේස් වැලැස්කෝ (Miguel Copez Velasco) සහ සිරියාවේ නබීල් අල් ෂර්බාජී (Nabil Al Sharbaji) වෙයි. ඔහු සිරියානු රාජ්‍ය පාලනය විසින් රහසිගතව ඝාතනය කෙරුණු අතර, ඉහත මෙක්සිකානු මාධ්‍යවේදියා ඝාතනය කෙරුණේ එරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසිනි.

පසුගිය 2021 නොවැම්බර් 02දා මෙවැනි ජාත්‍යන්තර මහජන විනිශ්චය සභාවක් ස්ථාපිත කිරීමට විශේෂිත හේතුවක්ද විය. එනම් මෙදින එක්තරා ජාත්‍යන්තර සැමරුම් දිනයක් වන අතර, එය ‘International Day to End Impunity for Crimes Against Journalists’ (මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සඳහා දණ්ඩමුක්තිය අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය) ලෙසින් හැඳින්වෙයි. මෙහිදී මෙම විනිශ්චය සභාව විසින් අධි චෝදනාවන් ඉදිරිපත් කරන්නේද, ඉන්පසුව නඩු පැවැරීම් සිදුකරනු ලබන්නේද, එම ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන්ට අයත්වන රටවල රජයන් වෙතය. කෙසේ හෝ මෙතෙක් ලසන්ත වික්‍රමතුංග ඝාතනයට එරෙහිව නෙදර්ලන්තයේ ‘හේග්’ නුවර ජාත්‍යන්තර අපරාධ මහාධිකරණයේ නඩු පැවරීමක් සිදුවී නොමැත. මෙතෙක් නඩු පැවරීමක් සිදුව තිබුණේ ඇමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ අධිකරණයක් තුළදී පමණක් වන අතර, එය ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් ගොනුකරන ලද නඩුවකි. එය පසුගිය කාලයේදී තෙවතාවක් පමණ විභාගයට ගැනුණද නිසි විනිශ්චයක් නොලැබිණි.

මෙහිදී සුවිශේෂී පුවතක් ලෙස වාර්තා වන්නේ, ඝාතනයට පත්වූ ලසන්ත වික්‍රමතුංගගේ එකම දියණිය වන දැනට ඇමෙරිකාවේ සිටින අහිම්සා වික්‍රමතුංග මෙනෙවිය විසින් මහජන විනිශ්චය සභාව වෙත තම සම්පූර්ණ සහාය ලබා දීමට එකඟවී තිබීමය. තමාගේ පියා වෙනුවෙන් එය තමාට මහත් ගෞරවයක් බවත් ඇය ‘ට්විටර්’ පණිවුඩයක් තබමින් ප්‍රකාශ කර ඇත. ‘ලසන්ත වික්‍රමතුංගගේ පවුලේ සාමාජිකයන් වසර 13ක් පුරා මෙම අපරාධයට එරෙහිව යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා සිටියා, ඒත් එය සිදුවුණේ නැහැ. එහෙත් මෙවර ‘හේග්’ නුවර විනිශ්චය සභාවේදී මේ මහා අපරාධයට මුක්තිය හිමිවන්නේ නැහැ. මෙවර මෙම අපරාධය ගැන සත්‍යය ලෝකය ඉදිරියේ හෙළිවනවා.’ යැයි එම ‘ට්විටර්’ පණිවුඩයෙහි අහිම්සා වික්‍රමතුංග වැඩිදුරටත් ලියා තබා ඇත. කෙසේ හෝ ඇය පසුගිය කාලයක් පුරාම තම පියාගේ ඝාතකයන් නීතිය ඉදිරියට ගෙන ඒමට මහත් වෙහෙසක් ගෙන කටයුතු කළාය. ඇය ජීවත් වන ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ නඩුවක් පවා පැවැරුණි.

කෙසේ හෝ නෙදර්ලන්තයේ ‘හේග්’ නුවරදී මෙලෙස අලුතින් පිහිටුවා ගන්නා ලද ‘ඝාතනය වූ මාධ්‍යවේදීන් සඳහා වන මහජන විනිශ්චය සභාවේ’දී සිදුකෙරුණු ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ විමර්ශනයට අදාළ අවසන් වාර්තාව ජුනි මාසයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. එහිදී මෙම නිගමනයන්ට අනුගතව තවත් ඉහළ ජාත්‍යන්තර අධිකරණයකදී වැරැදිකරුවන්ට එරෙහිව නඩු පැවැරිය හැකිය. ‘හේග්’ නුවර තුළම පිහිටා තිබෙන ලෝකයේ ප්‍රධානතම ජාත්‍යන්තර අපරාධ අධිකරණය (International Criminal Court) තුළද එම නඩු පැවැරිය හැකිය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ප්‍රබලතම ආයතන 06න් එකක් වන මෙම අධිකරණය පිහිටුවා දැනට වසර 22ක් ගතවී ඇත. මෙම දශක දෙකක පමණ කාලය තුළදී මෙම මහාධිකරණය හරහා ලෝකයේ විවිධ බලවත් පුද්ගලයන්ට එරෙහිව නඩු පවරා දඬුවම්ද නියම කර ඇත. මේ වන විට ලෝකයේ රටවල් 123ක් මෙම අධිකරණමය සමුච්චයේ පූර්ණ සාමාජිකත්වය ලබා ඇති අතර, එම ලැයිස්තුවට ශ්‍රී ලංකාව අයත් නැත. එහෙත් ශ්‍රී ලංකාව අස්සන් නොකළ රාජ්‍ය ලැයිස්තුවට පමණක් අයත් වෙයි. ඒ කෙසේ වුවද ලෝකයේ ඕනෑම රටකට එරෙහිව කටයුතු කිරීමට මෙම අධිකරණයට බලතල ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

මහත්වරු මහත් හොරු සහ මරු මාරු…

Next Post

ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපතිකමින් නික්ම ගියේ දේශපාලනයට එන්නද? මව්රටට කළ සුවිශේෂී හෙළිදරව්ව කියවන්න!

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.