මැයි 9 වැනි දින සිදුවූ කලබල හේතුවෙන් ගිනිගත් මැතිඇමැතිවරුන්ගේ නිවාසවලට කඩිනමින් වන්දි ලබා දීමට ආණ්ඩුව සූදානම් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ මේ වනවිට ඇතැම් ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගේ නිවාසවල වන්දි ඇස්තමේන්තු පවා කෝටි 50-60-100 ඉක්මවා ගොස් ඇති බවකි.
අවම වශයෙන් ආණ්ඩුව ගෑස් පිපිරීම් හේතුවෙන් සිදුවූ නිවාස හානි වෙනුවෙන් හෝ වන්දි ලබා නොදුන් බව කී ඒ මහතා මැතිඇමැතිවරුන්ගේ නිවාසවලට කඩිනමින් වන්දි ලබා දීමට සැලසුම් කර තිබීම කනගාටුවට කරුණක් බවද කීය.










