මේ වනවිට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඉතා සමීපව කටයුතු කරන පොහොට්ටු මන්ත්‍රීවරයා බවට නිමල් ලන්සා මන්ත්‍රීවරයා පත්ව තිබේ.
ඒ අනුව පසුගිය දින කිහිපය පුරාම ලන්සා මහතා නිතරම වික්‍රමසිංහ මහතා හමුවෙමින් ඔහු සමග සාකච්ජා පවත්වා ඇති ආකාරයක් දැනගන්නට ඇත.
එමෙන්ම පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සහ අගමැතිවරයා අතර සම්බන්ධීකරණ කටයුතුද ලන්සා මහතා විසින් සිදු කරන ආකාරයක්ද දැකගන්නට තිබේ.
ඒ අනුව ඉදිරියේදී ලන්සා මහතා බොහෝදුරට දේශපාලන කරණමක් ගැසීමට සූදානමින් සිටින බව එජාප ආරංචිමාර්ග සදහන් කරයි.










