• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ගෝඨා දිනවපු කැලණියේ මණිඅක්ඛිත නාගරාජයා සහ ගෝඨා රකින කැලණියේ නාලාගිරි ඇතා! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

May 28, 2022
in Exclusive, Gurudawa
Reading Time: 8 mins read
A A
ගෝඨා දිනවපු කැලණියේ මණිඅක්ඛිත නාගරාජයා සහ ගෝඨා රකින කැලණියේ නාලාගිරි ඇතා! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

රනිල් මාර ගේම්කාරයෙක්…

රනිල් මාර වැඩ්ඩෙක්…

කොහොමද රනිල් ගහපු ගේම…

එක මන්ත්‍රී එක රැයින් අගමැති වුණා…

පුතාණෝ චකබ්ලාස්ට්…

සජ්ජට අගමැති බස් එක මිස් වුණා…

පව්නේ…

මේ දවස්වල රාජපක්‍ෂලාට හොර පාරවල් හොයාගෙන කඩේ යන සමාජ මාධ්‍ය රනිල් මහා වීරයෙක් කරල පෙන්වන්න හදන්නේ එහෙමය. හැබැයි මේ හැමෝම හංගන කතාවක් තිබේ.

‘මොකක්ද ඒ කතාව..?’

ගෝඨාභය මහින්දට අගමැති ධුරයෙන් ඉවත් වෙන්න කිව්වේ මහින්දට ආදරේ නැති නිසා නොවේ මහින්දට තියෙන ආදරේ වැඩි නිසාය. ලංකාව බංකොලොත් වීමට මුල මහින්ද හෝ බැසිල් හෝ නොව තමා බව ගෝඨා දනී. 2019 ජනාධිපතිවරණය දින්න දා සිට මහින්ද මුදල් ඇමැති වුණත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් පත්කළේ, මහ බැංකු අධිපති පත් කළේ මුදල් මණ්ඩලයට සාමාජිකයන් පත්කළේ මුදල් අමාත්‍යාංශය සම්බන්ධ සියලු තීන්දු තීරණ ගත්තේ ගෝඨාභයය. ඔහු වරක් වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහද ඇතුළු මහ බැංකු නිලධාරීන් ගෙන්වා මහ හයියෙන් බැන වැදුණේ මහ බැංකුව මෙහෙයවන්නේ තමාම බව රටට පෙන්වමිනි. බැසිල් හිටි හැටියේ මුදල් ඇමැති වුණේ මහින්ද මුදල් ඇමැතිකම හරියට නොකළ නිසා නොව මහින්දව ඉස්සරහට දමාගෙන ගෝඨා මුදල් ඇමැතිකම කරන්න ගිහින් නාගත් නිසාය. ඉතිරිය බැසිල් නෑවේය. අජිත් නිවාඩ් කබ්රාල්ව මහ බැංකු අධිපති කළේත් මහින්ද හෝ බැසිල් නොව ගෝඨාය. ගෝඨා නිවාඩ්ව මහ බැංකු අධිපති කළේ බැසිල්ව පාලනය කරන්නටය. නිවාඩ් සහ බැසිල් පසමිතුරන්ය. අන්තිමේදී මුදල් ඇමැති නොවී මුදල් අමාත්‍යාංශයේ කන්ට්‍රෝල් එක තමන් අතේ තියාගෙන ගේම් ගහන්න ගොස් රටම බංකොලොත් වී ඇති බව තේරුම් ගත් ‘ගෝඨා ගෝ හෝම්’ රැල්ල එන්නේ තමන්ව ගෙදර යවන්න බව තේරුම් ගත්තේය. තමන්ට ගෙදර යන්න වුණත්, මහින්ද, බැසිල්, නාමල් පමණක් නොව රාජපක්‍ෂ පවුලම ඉවර බව තේරුම් ගත් ගෝඨා පළමුව තමා රැකී ජනාධිපති ධුරය ආරක්‍ෂා කරගෙන පවුල රැකගන්න තීරණය කළේය. ඒකට ‘ගෝ ගෝඨා’ රැල්ලට රාජපක්‍ෂලා බිලි දිය යුතු බව ඔහු හොඳට වටහාගෙන මහින්දට ඉවත් වෙන්න කීවේය.

මහින්ද ඉවත් වුණත් අගමැති විය යුත්තේ ඩලස් බවට විමල්, උදය, වාසු සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සන්ධානයේ මතය විය. ඔවුන් ඩලස්ගේ නම යෝජනා කළත් ඩලස් ඉස්සරහට ආවේ නැත. ඩලස් අගමැති කොට අන්තර් පාලන ආණ්ඩුවක් හදන්න සාකච්ඡා යද්දී බැසිල් කීවේ පොදුජන පෙරමුණ අන්තර් පාලන ආණ්ඩුවකට සහාය දෙන්නේ පොදුජන පෙරමුණේ නොවන අයෙක් අගමැති වුණොත් පමණක් යැයි කීවේය. ඕනෑ නම් ගෝඨාට බැසිල්ගේ ඒ කොන්දේසිය අහක දමන්න පුළුවන්කම තිබුණි. ඒත් පොදුජන පෙරමුණ තුළ රාජපක්‍ෂ පවුලට පිටින් නායකයෙක් බිහිවෙනවා දකින්න ඔහුත් අකැමැති විය.

ගෝඨා සජිත් ප්‍රේමදාසට අගමැති ධුරය බාර ගන්න කතා කළේ එතැනදීය. මේ වෙන කොට රනිල්ව කරේ තියාගෙන හොරෙන් රාජපක්‍ෂලාට කඩේ යන ජාතික මාධ්‍ය, සමාජ මාධ්‍ය ගෝඨා සහ සජිත් අතර ඩීල් එකක් ඇතැයි සජිත් විපක්‍ෂ නායක වූ දින සිටම නිවුස් ප්ලාන්ට් කරමින් සිටියහ. එහෙම ඩීල් එකක් තිබුණා නම් සජිත් පැනල අගමැති ධුරය බාර ගන්න ඕනෑය. ගෝඨාගේ ආරාධනාව ප්‍රතික්‍ෂේප කරමින් සජිත් පෙන්නුවේ තමන් දේශපාලන තොත්ත බබෙක් නොවන බවත්, තමාට ගෝඨාභය සමග පමණක් නොව රාජපක්‍ෂ පවුල සමගම ඩීල් නැති බවත්, තමාට අගමැති ධුරය පිරිනමන තැනට ගෝඨාව අසරණ කළ ගෝල්ෆේස් අරගලය පාවා දෙන්න තරම් තමා ගුණමකු නොවන බවත්ය. අගමැති ධුරය බාරගන්න නම් ගෝඨා ඉවත් විය යුතු බව ඔහු දුරකතන ඇමැතුමේදී ගෝඨාගේ කනට දැනෙන්න කීවේය.

‘එතකොට ගෝඨා – සජිත් ඩීල් එකක් ගැන මතුරපු කට්ටිය ඇයි මේ ඇත්ත හංගන්නේ..?’

සජිත් ගෝඨාට දුරකතන ඇමැතුමෙන් කීවා පමණක් නොව ලිපියකින්ද ලීවේය. එම ලිපියේ සඳහන් වුණේත් ගෝඨාභය ඉවත් වන තෙක් අගමැති ධුරය බාරගන්නේ හෝ අන්තර් පාලනයකට සම්බන්ධ වෙන්නේ නැති බවය. මේ ලිපිය ප්‍රකාශයට පත්වීමෙන් පසු අන්තර්වාර පාලනයක් බිහිවිය යුතු යැයි හඬනඟපු ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු සංවිධාන සජිත්ට බැනවදින්න පටන්ගත්හ. ඒ වෙනකොටත් රාජපක්‍ෂලා සමග ඩීල් දමාගෙන ඉක්මනට ඇමැතිකමක් ගන්න කෙළහලමින් සිටි හරින්ලා, මනුෂලාත් සජිත් කොන්දේසි ඉදිරිපත් නොකොට අගමැති ධුරය බාරගත යුතු යැයි පක්‍ෂය තුළ මතයක් හදමින් සිටියහ. ගෝඨා ඉවත් විය යුතු බවට වූ සජිත්ගේ කෝන්දේසියට මහනායක හිමිවරුන් කෝප විය. අන්තර් පාලනයකට සම්බන්ධ වීමට පෙර ඉටුවිය යුතු යෝජනාවලිය ගැන මහානායක හිමිවරු දැනුවත් කරන්න සජිත් මල්වතු මහනායකහිමි බැහැදකින්න යන්න ගිය විට තමන් මින්පසු දේශපාලනඥයන් හමුවෙන්නේ නැතැයි මල්වතු මහනාහිමි තහනමක් පැනවූයේ සජිත් අගමැති ධුරය බාරගන්න කොන්දේසි ඉදිරිපත් කිරීම ගැන නොසතුටින්ය.

මහනායක හිමිවරුන්ගේ, කාදිනල් හිමිගේ, ඕමල්පේ හිමියන්ගේ සංවිධානයන්හීත් පක්‍ෂයේ මන්ත්‍රිවරුන්ගේත් බලපෑම මත සජිත් දෙවැනි ලිපියෙන් කීවේ ගෝඨා සිය කැමැත්තෙන් ඉවත් නොවන්නේ නම් නිශ්චිත කාලවකවානුවක් තුළ විධායක ජනාධිපති ධුරය අහෝසි කොට ඉවත් වන දිනය ප්‍රකාශයට පත්කළ යුතු බවය.

ගෝඨා අගමැති ධුරය බාර ගන්න යැයි සජිත්ට ආරාධනා කළේ අවංකවම නම් ඒ යෝජනාව පිළිගත යුතුව තිබිණි. මේ වෙන කොටත් ගෝඨාගේ උපදෙස් මත ඒ යෝජනාව ක්‍රියාත්මක කරන කාලසටහන සකස් කරන්න ගෝඨාගේ පාර්ශ්වයෙන් නාලක ගොඩහේවා, රමේෂ් පතිරණ සමග සමගි ජනබලවේගය සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වෙමින් තිබුණු බව හර්ෂ ද සිල්වා හෙළිදරව් කර තිබුණි. ගෝඨා රනිල්ව ගෙන්නාගෙන අගමැති කළේ ඒ සාකච්ඡා යන අතරතුරදීය.

ගෝඨාට රනිල්ව ඕනෑ වුණේ සජිත්ගේ කොන්දේසිවලට යටත්ව අන්තර් පාලනයක් හැදුව නම් රටත් ගොඩ ගිහින් සජිත් සහ සමගි ජනබලවේගයත් ගොඩ ගිහින් ගෝඨාත් රාජපක්‍ෂ පවුලටත් වැලේ වැල් නැති වන බව ගෝඨාම තේරුම් ගත් නිසාය. එහෙම වුණා නම් ඔටුන්න හිමි කුමරා නාමල්ගේ හීනය බොඳ වෙන්නේ කිරි මුට්ටිය ගඟේ ගියා වගේය.

ගෝඨාටත්, රාජපක්‍ෂ පවුලටත් ඕන වුණේ රට ගොඩදමන එක්කෙනෙක් නොව රාජපක්‍ෂ පවුල ගොඩදමන එක්කෙනෙක්ය. රනිල් ඒ වැඩේට කියාපු මිනිහාය. බැසිල්ගේ කොන්දේසියට ටක්කෙටම හරි යන මිනිහාය.

‘ඩලස් තමා අගමැති ධුරය බාර ගන්න කැමැති යැයි ප්‍රසිද්ධියේ කියා ඒ සඳහා රාජපක්‍ෂලාට බය නොවී අවශ්‍ය 113 හදාගත්තා නම් රනිල්ට අගමැතිකම ලැබෙනවාද..?’

උත්තරය ‘නැත’ යන්නයත

‘සජිත් කිසිදු කොන්දේසියක් පනවන්නේ නැතිව රනිල් වගේ පක්‍ෂයෙන්වත් අහන්නේ නැතිව ගෝඨාගේ දුරකතන ඇමැතුමට දුවල ගිහින් අගමැති ධුරය බාරගත්තා නම් රනිල්ට අගමැති ධුරය ලැබෙනවාද..?’

උත්තරය නැත යන්නය. එහෙනම් මේ රනිල්ගේ ගේමක් නොව රාජපක්‍ෂ පවුල ගොඩදමන්න ඩලස් සහ සජිත් බැහැ කිව්ව නිසා රනිල්ට අගමැති ධුරය ලැබී ඇත.

යූ.ඇන්.පී.ය ගැන රනිල්ගේ සමාජ මාධ්‍යකාරයන්, ජාතික මාධ්‍යකාරයන් කතා කරන්නේ මහා උජාරුවටය. හැබැයි පක්‍ෂයේ නායකයා පක්‍ෂයේ ලොකුම හතුරා වූ රාජපක්‍ෂවරු රකින්න අගමැතිකම ගන්නවා පක්‍ෂයවත් දන්නේ නැත.

‘අහෝ… යූ.ඇන්.පී.ය…’

නවීන් දිසානායක ට්විටර් පණිවුඩයකින් කීවේ ආණ්ඩුවට එක්වී අගමැති ධුරය බාරගන්නා බව රනිල් පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයටවත් නොදැන්වූ බවය. දැන් යූ.ඇන්.පී.ය පොදුජන පෙරමුණේ පක්‍ෂ හවුලේ තවත් පක්‍ෂයකි. රනිල් වගේ පිං අගමැති හිඟමනේ සජිත්ද ගියා නම් සජිත්ට වෙන්නේත් ඔය ටිකමය.

‘හොඳයි… ගෝඨා සජිත්ගේ කොන්දේසිවලට එකඟ වෙලා සජිත් අගමැති ධුරය බාරගත්තා නම්..?’

එහෙම වුණා නම් අද රට ආණ්ඩු කරන්නේ ගෝඨා නොව සජිත් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂවල නායකයන්ගේ කමිටුවකින්. ඇමැති මණ්ඩලය පත්කරන්නේත් එම කමිටුව යෝජනා කරන නම්වලින්ය. සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් කියන්නේ ඒකටය. මූල්‍ය අරමුදල ආධාර දෙන්න ස්ථාවර ආණ්ඩුවක් ඕනා කියන්නේ මේ වගේ සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් ඔළුවේ තියාගෙනය. යූ.එස්.ඒඩ් ප්‍රධානී සමන්තා පවර් ආධාර දෙන්න නම් දේශපාලන ප්‍රතිසංස්කරණ ඕනෙ කියන්නේ මේ වගේ ආණ්ඩුවක් හදන්න ඕනෑ කියා පෙන්වමින්ය. මේ රාජපාක්‍ෂික ආණ්ඩුවක්. විපක්‍ෂයේ ප්‍රධාන පක්‍ෂය වූ සමගි ජනබලවේගයේ හතුරකු වූ රනිල්ව අගමැති කරවල ඔහු ලව්වා විපක්‍ෂය කඩා දුර්වල කරන්න හදපු ආණ්ඩුවකි. චන්ද්‍රිකා 1999 යූ.ඇන්.පී.යෙන් විජයපාල මෙන්ඩිස්ලා ගෙනා මේ වගේ ආණ්ඩුවක් හැදුවේය. 2006 මහින්ද, කරු ජයසූරියලා ගෙනා මේ වගේ ආණ්ඩුවක් හැදුවේය. විජයදාස රාජපක්‍ෂ, මේ ආණ්ඩුවේ ඇමැති ධුරය බාරගන්න කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 21 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරගෙන ඇමැති ධුරය බාරගෙන ඒ ඉවත් කරගත් ව්‍යවස්ථා සංශෝධනය කපා කොටා ගෝඨාට හරියන 21ක් ගේන්නේ මේ රාජපාක්‍ෂික ආණ්ඩුවක් නිසාය.

‘ආණ්ඩුව පත්තර අච්චු ගහනවා වගේ සල්ලි අච්චු ගහලා රට විනාශ කරනවා.’

මේ රනිල් 2021 මාර්තු 09 මාධ්‍යයට කී කතාවය.

එදා සල්ලි අච්චු ගැහුවේ මුදල් ඇමැති බැසිල්ය. ඔහු කළේත් සල්ලි අච්චු ගහල රාජපක්‍ෂලා ආරක්‍ෂා කරගන්න අඩු ආදායම්ලාභීන්ට සහන දීමය. රජයේ සේවකයන්ට සහන දීමය. දැන් රනිල් කරන්නේත් ටි්‍රලියනයක් සල්ලි අච්චු ගහලා රජයේ සේවකයන්ගේ පඩි වැඩි කොට රාජපක්‍ෂලා ආරක්‍ෂා කර ගන්නටය. සහන දීලා බංකොලොත් වූ රාජපක්‍ෂලා ගොඩ ගන්න පුළුවන්ය. රටක් ගොඩගන්න බැරිය.

මේ ඇවිල්ලා රාජපාක්‍ෂික ආණ්ඩුවකි. ගෝඨා ජනාධිපති කරවන්න ගෝඨාගේ මාධ්‍ය ගහපු අන්තිම තුරුම්පුව කැලණි පන්සලේ ගඟෙන් මතු වූ මණිඅක්ඛිත නාග රාජයාය. රනිල් කැලණි පන්සලේ දායක සභාවේ හිටපු සභාපතිය. ගෝඨාව ජනාධිපති කරවන්න මණිඅක්ඛිත නාගරාජ නාඩගම පෙන්වූ කැලණි පන්සලටම සම්බන්ධ රනිල් හරහා ගෝඨාගේ ජනාධිපතිකම රැකගන්න නාලාගිරි නාඩගම පෙන්වමින් තිබීම හරිම අපූරුය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මාලිගා කුමන්ත්‍රණවලට අපි නෑ! රනිල්ගේ රැස්වීම අනුර වර්ජනය කරයි!

Next Post

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.