21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අගමැතිවරයා සමඟ ඊයේ පැවැති සාකච්ඡාව සඳහා ජාතික ජන බලවේගය සහභාගී නොවූ බව එහි නායක අනුර කුමාර දිසානායක පවසනවා.
එහෙත් අධිකරණ අමාත්‍යංශය විසින් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය පක්ෂයේ යෝජනා ලිඛිතව ඉල්ලා ඇති බවත් එය තව දින දෙකකින් පමණ අධිකරණ අමාත්‍යංශයට තම යෝජනා භාරදීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කර ගැනීමේ ක්‍රියා පටිපාටියක් ඇති නිසා ඒ අනුව කටයුතු කරමින් සිය යෝජනා ඉදිරිපත් කරන අතර අගමැතිවරයා හෝ අන්කවරෙකු වුවත් කැඳවන මාලිගා කුමන්ත්‍රණ සඳහා සහභාගී නොවන බවයි අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ.