• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්වයි හරීන්වයි එකට තියලා ලාල්කාන්ත දෙන්නගේම රෙදි ගලවයි! ජන්දෙකට ලෑස්ති වෙන්න! පාර්ලිමේන්තුවේ 225ටම අනතුරු අඟවයි!

May 26, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
රනිල්වයි හරීන්වයි එකට තියලා ලාල්කාන්ත දෙන්නගේම රෙදි ගලවයි! ජන්දෙකට ලෑස්ති වෙන්න! පාර්ලිමේන්තුවේ 225ටම අනතුරු අඟවයි!
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ සිරකර , ඒ ඔස්සේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලපෑම් කර මැතිවරණයක් ලබා ගැනීමට ළගදීම අරගලය මෙහෙයවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත පවසනවා.

ගෝඨා ගෝ හෝම් ලෙස ඇති ගෝල්ෆේස් අරගලයේ සටන් පාඨය වහාම මැතිවරණයක් ඉල්ලන තැනට වෙනස් විය යුතු බවත් ආණ්ඩුවට මැතිවරණයක් පැවැත්වීමට මුදල් නැතිනම් තමන්ගේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ සේවකයින් නොමිලේ යොදවා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත් ඔහු පවසයි.

ලාල්කාන්ත මේ බව ප්‍රකාශ කර සිටියේ එප්පාවල, කටියාව යාය 07 ප්‍රදේශයේ පැවති ජනහමුවකදී අදහස් දක්වමිනි.

‘‘ඊළඟ අරගලයේ තැන මම කියන්නම්, මේ කියන්නේ පාර්ලිමේන්තුවේ අයටත් භය වෙන්නත් එක්ක.භය වෙනවා නම් භය වෙයල්ලා. පාර්ලිමේන්තුව ඇතුළට ගිය එවුන් එකෙකුටවත් එන්න දෙන්නේ නෑ,එළියට එන්න ඕන උඹලා පාර්ලිමේන්තුව විසුරුවලා, ජනතාවට ඡන්දයක් දෙන්න ලෑස්ති වෙලා.ලෑස්ති වෙලා හිටපල්ලා එදාට, මේ අරගලය එතන්නට ගෙනයනවාමයි , ඒ නිසා රනිල් වික්‍රමසිංහටත් අපි කියනවා, ඔය අගමැතිකම වැඩිකල් කරන්න වෙන්නේ නෑ, ගෝඨාටත් කියනවා ඔයාගේ ජනාධිපතිකම කරන්න වෙන්නෙත් නෑ,

රනිල් වික්‍රමසිංහට කියන්න තියෙන්නේ ඔයා ගේන අයවැය ඔයාම තියාගන්න, ඒක රෝල් කරලා අහක් කර ගන්න.කවුරුත් සූදානම් වෙන්න ලඟම දවසක් එනවා පාර්ලිමේන්තු ගියාට පස්සේ අපහු එන්න වෙන්‌නේ නෑ, පාර්ලිමේන්තුව විසුරුවලා ජනතාවට ඡන්දයක් නොදී .

ඔන්න දැන් මහජන බැංකුවෙයි, ලංකා බැංකුවෙයි කොටස් ටික විකුණනන්න හදනවා ඩොලර් වලට, ලංකා බැංකුවේ මහජන බැංකුවේ ඉන්න සියලු සේවකයින්ට අපි කියනවා ඔයාලා තාම මේක දැක්කේ නෑ, රනිල් ලඟදී ගේනවා අලුත් අයවැයක්, ඒ අයවැයේ තියෙන්නේ මෙතෙක් අලෙවි කරන්න බැරි වෙච්ච, ඉඩම්, ආයතන, ආයතන වල කොටස්, සේවාවවන්, ඒ ඔක්කොම කොටස් කරලා විදේශ රටවලට විකුණනවා ඩොලර් වලට, අපිට ගෙනල්ලා දෙනවා තෙල්, රනිල් අගමැති වෙලා එළියට බහිනකොටම කිව්වේ මම එන්නේ තෙල් ටික ගෙනත් දෙන්න, ගෑස් ටික ගෙනත් දෙන්න, විදුලිය දෙන්න කියලා. ඇයි එපාද? ආපදාව පාවිච්චි කරනවා ඒ ගොල්ල මෙච්චර කල් කරගෙන ආපු වැඩේ කරන්න. ඊළඟට කියනවා එයාර් ලංකා එක පාඩුයි, ඇත්ත, කවුද පාඩු කලේ, ජේ.වී.පී කාරයෝද? මේ ගම්වල ඉන්න මිනිස්සුද? ආයතන පාලනය කලේ අපිද?

හරීන්ලටත් කියන්නේ නිකං බයිලා ගහන්න එපා, ගියා නම් නම්බුකාර පිට කියන්න ගියා කියලා.තාම නායකයා සජිත්ලු, අපි මේ මේක දාලා ගියේ මේක හදන්න තියෙන බොක්ක උණු වෙලාලු, ගියා නම් ගියා.පක්ෂයක තීරණයක් තියෙනවා නම් ආණ්ඩුවට යන්නේ නෑ කියලා, ඒක තමයි තීරණය.ගියා නම් ගියා, කවුරු හරි කියනවා නම් ම‌ට ජනතාව ගැන අනුකම්පාව ඇති වුණා, බොක්ක උණු වෙලා වැක්කෙරෙන්න පටන් ගත්තා ඒ හින්දා මම ස්වාධීන වෙලා ගියා.ඒවා බොරු බයිලා, මේවා මිනිස්සු දැකලා තියෙනවා.හරීන්ලා, මනූෂලා පක්ෂයේ ප්‍රථිපත්ති කඩලා ගිහින් තියෙන්නේ.

රටේ මේ තියෙන ප්‍රශ්න වලට උත්තර හම්බෙන්න, දේශපාලන ස්ථාවරයක් ගේනනන, පාර්ලිමේන්තුව විසුරුවලා, ඡන්දයක් තියලා අලුත් ආණ්ඩුවක් හදන්න අවශ්‍යයි.අලුතින් එන ආණ්ඩුව කවුරු ආවත්, හොරකම- දූෂණය-වංචාව නොකරන ආණ්ඩුවක් වියයුතුයි.ආයේ මේ රටේ බෑ ඒවා, ජනතාව දැන් අවදියෙන් ඉන්නේ, පුරවැසි අරගලයක් ආරම්භ වෙලා තියෙන්නේ, ඒක දොලොස්මහේ පහන වගේ.දැන් මුළු රටම පෙලගස්වන්න අවශ්‍යයි පාර්ලිමේන්තුව විසුරවපල්ලා, පාර්ලිමේන්තු මැතිවරණයක් දීපල්ලා කියලා.එතකොට කියනවා සල්ලි නෑ කියලා, සල්ලි නෑ කියන්නේ මේ පාලකයෝ.සල්ලි නැති කථාව කියන්නේ රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය, මහින්ද රාජපක්ෂ, පාර්ලිමේ්නතුවේ ඉන්න අය.එයාලට දිගටම ඉන්න අවශයයි, ජනතාවත් මේක ගලලා ඉන්නේ.ඡන්ද තියන්න සල්ලි තියනවා. මැතිවරණ රාජකාරී නොමිලේ කරන්නම් කියනවා රජයේ සේවකයෝ, අපේ වෘත්තීය සමිති ව්‍යාපාරය භාර ගන්නවා රජයේ සේවකයෝ හරහා නොමිලේ කරන්නම් මැතිවරණ රාජකාරී.

ගෝල්ෆේස් අරගලය ගෝඨා ගෝ හෝම් එච්චරයි එතනින් එහාට නෑ, .අපි කියනවා ගෝල් ෆේස් අරගලයටත් දා ගන්න වහාම මැතිවරණයක් ඉල්ලලා.රටේම ජනතාව මැතිවරණයක් ඉල්ලන්න අවශයයි.ඒ මැතිවරණයේදී 74 වසරක ශාපය ඉවර කල යුතුයි.මේ අලුත් වෙනස ආරම්භ කරන්න වෙන්නේ අපිට අලුත් පාර්ලිමේන්තුවක් ගෙනල්ලා.දැන් සටන් පාඨය කර ගන්න පාර්ලිමේන්තු මැතිවරණයක් වහාම දීපල්ලා කියලා.ඊළඟ අරගලයේ තැන මම කියන්නම්, මේ කියන්නේ පාර්ලිමේන්තුවේ අයටත් භය වෙන්නත් එක්ක.භය වෙනවා නම් භය වෙයල්ලා.අපී තීරණයක් ගන්න ඔ්න, මේ ගොල්ල පාර්ලිමේන්තු යන දවසක් තියෙනවානේ, හෙට අනිද්දාට යද්දී නෙමෙයි.අපි තීරණයක් ගන්න අවශ්‍යයි රටේ සාකච්ජා කරලා දිනය ප්‍රසිද්ධියේ. මාසෙකින් කියන්නකෝ, හරි උඹලා පාර්ලිමේන්තුවට පලයල්ලා, අපි පාර්ලිමේන්තු පාරවල් ඔක්කොම වහනවා රටේ ජනතාව.යූ.එන්.පීද, ශ්‍රී ලංකාද, අරවාද, මේවාද,අර සංවිධානද, මේ සංවිධානද, ඔක්කොම ගිහින්, හාමුදුරුවරුද, මවුලවිතුමන්ලාද, කුරුක්කල්තුමන්ලාද, ඔක්කොම ජාතික වශයෙන් ගිහින්, පාර්ලිමේන්තුව වහනවා.ඇතුළට ගිය එවුන් එකෙකුටවත් එන්න දෙන්නේ නෑ,එළියට එන්න ඔ්න උඹලා පාර්ලිමේන්තුව විසුරුවලා, ජනතාවට ඡන්දයක් දෙන්න ලෑස්ති වෙලා.ලෑස්ති වෙලා හිටපල්ලා එදාට, මේ අරගලය එතන්නට ගෙනයනවාමයි ,නැත්නම් මේ රටේ අනාගත පරම්පරාව ඉවරයි. ‘‘ යනුවෙන් කේ. ඩී. ලාල්කාන්ත පැවසීය.

SendShareShare
Previous Post

28 වැනිදාට ගෝල්ෆේස් අරගලයට දින 50යි! ලංකාවම කොල්ලුපිටියට එන්න! රට පුරාම කළු කොඩි ඔසවමු! අරගල භූමියෙන් රටටම පණිවුඩයක්! (VIDEO)

Next Post

මෙන්න මහා හෙළිදරව්වක්! රටම විනාශ වුණ තීරණ අරන් තියෙන්නේ මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන්! ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එපා කියද්දි වැරදි තීරණ ගන්න අත උස්සපු ‘තීරක’ කෝටිපති ව්‍යාපාරික කව්ද මේ සමන්ත කුමාරසිංහ? කෝප් හෙළිදරව්වෙන් ඔක්කොම පුදුම වෙයි! (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.