ඉන්ධන මිල රුපියල් සිය ගණනින් ඉහළ නැංවුවද තවමත් පෙට්‍රල් ලීටරයකින් රුපියලක් පාඩු බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීමට අනුරාධපුරේ ජනතාව පියවර ගෙන තිබිණ.
ඒ, ‘කංචනගේ පිං කැටය’ නමින් රුපියලක් එකතු කිරීමේ වැඩසටහනක් ආරම්භ කරමිනි.










