• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම ඕනෑම චරිතෙකට ඔට්ටුයි! මම තමයි පොර කියලා කියන හැඟීමක් නැහැ!

May 25, 2022
in Heart
Reading Time: 8 mins read
A A
මම ඕනෑම චරිතෙකට ඔට්ටුයි! මම තමයි පොර කියලා කියන හැඟීමක් නැහැ!
Share on WhatsAppShare on Facebook

වේදිකාව මගේ ජීවිතයේ කොටසක්…
එයට මා දක්වන ඇල්ම ආත්මීයයි…
පොතේ ගුරාට තෝරා ගත්තම මට දැනුණු උද්දාමය ගැන කියන්න වචන තිබුණෙ නැහැ…
අධ්‍යක්‍ෂණයට මම හීන දකිනවා…
ටීවී, ස්මාර්ට් ෆෝන් නැති ඒ කාලේ කොයිතරම් ලස්සනයිද…

වටවංගි ගහන්නෙ නැතුව කෙළින්ම කතාවට බහිනවා නම්, මේ කියන්න යන්නේ රිචඩ් මානමුදලි ගැන කතන්දරයයි. රිචඩ් මානමුදලි කියන්නේ තරුවක් නොවුණාට අති විශිෂ්ට ගණයේ චරිතාංග නළුවෙක්. තවත් විදියකට කියනවා නම් නොම්මර එකේ නළුවෙක්. ඕනෑම මට්ටමේ චරිතයකට සාර්ථකව මැදිවෙන්න පුළුවන් හැකියාවක්, දක්‍ෂකමක් රිචඩ්ට තිබුණා යැයි කිව්වොත් ඒක වැරැදි නැහැ. දීග සෝමපාල නම් වූ ප්‍රවීණ නිර්මාණකරුගේ අති සාර්ථක ටෙලිනාට්‍යයක් වෙච්ච ‘රිදී ඉට්ටංකරයෙහි පස්දරු පියා’ ලෙස ඔහු කළ රංගනය කවදාවත් අමතක නැහැ. ‘බහුභූතයෝ’ චිත්‍රපටයේ ‘නපුංසක චමින්ද’ගේ චරිත නිරූපණය හරහා රිචඩ් පෙන්වූ රංගන රටාව වෙනස්ම එකක්. ප්‍රහර්සනය, උපහාසය, ගමේ ගොඩේ අහිංසක චරිත වාගෙම ‘රැල්ලට, වෙරළට ආදරෙයි’ ටෙලිනාට්‍යයේ කරන මැර චරිතයන්ද ‘රිචඩ් හොඳ අපූරුවට රඟපෑවා. ඉතින් ඔහු ගැන තව මොන කතාද..? මාකර්ටිං වෙන්නට අකැමැති ‘කැරැක්ටර්’ එකක් වුණු මේ දක්‍ෂ රංගවේදියා.., තමා ගැන ලිපියක් පළකර ගන්නට තම කෙරුවාව ගැන පාරට්ටු කියන්නට කවමදාකවත් පත්තර පස්සෙ ගියේ නැහැ. රිචඩ් මානමුදලි සරලව හිතන පතන නිහතමානී කලාකරුවෙක්.., ඔහු ගියෙත් බොහොම හෙමින් ගමනක්, ඒ හෙමින් ගමන යන අතරතුර අප කළ ආරාධනය අබියස ඔහු මොහොතකට නතර වූ නිමේෂයයි මේ.

කොහොමද ඉතින් මේ දවස්වල වැඩකටයුතු..?
විකාශන වෙමින් පවතින ‘රැල්ල වෙරළට ආදරෙයි’ ඇතුළු ටෙලිනාට්‍ය කිහිපයකම රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ අතර පුබුදු චතුරංගගේ ‘මායා ජාල’ චිත්‍රපටයෙහි වැඩකටයුතු සඳහාද කාලය වෙන් වෙනවා.

ඉඩ ඇති වෙලාවට ඔබ නවකයන් වෙනුවෙන් වැඩමුළුද පවත්වනවා..?
ඔව්… මම මේ තැනට ආවේ ප්‍රවීණයන්ගේ අතහිත දීම තුළිනුයි. ඔවුන්ගේ ඇසුර හරහායි. ඉතින් මමත් හිතුවා මට ලැබුණු ඒ වරප්‍රසාදය, එදා මා වාගේම ප්‍රවීණයන්ගේ ආභාෂය බලාපොරොත්තු වන නවක දූ-පුතුන් වෙනුවෙන් දායාද කරන්න.

ඔබේ කලා ජීවිතය ආරම්භ වූයේ… ප්‍රවීණයන් මෙහෙය වූ වැඩමුළු තුළින්ද..?
නැහැ… කලාව කියා සොඳුරු ඉසව්වට මම පය තැබුවේ කතෝලික පල්ලිය තුළින්… මගේ ගම කටුවාපිටිය, පල්ලියේ ගීතිකා කණ්ඩායමට ඇතුළත් වුණේ කුඩා කොලුගැටයකු අවධියේමයි. එතැනින් පසු පාස්කු නාට්‍ය නත්තල් නාට්‍ය ආදියට සහභාගි වුණා. ඒ අතර මම අධ්‍යාපනය ලැබූ ශාන්ත සෙබස්තියන් විදුහලේ එවකට විදුහල්පතිව සිටි ඇලෝසියස් සිරිවර්ධන මහත්තයා මගේ හැකියාව දැකල මාව පාසැලේ නාට්‍ය කණ්ඩායමට ඇතුළත් කරගත්තා. එහිදී 1977 අවුරුද්දේ ‘ලෝක ළමා වර්ෂය’ වෙනුවෙන් ‘ලෝක ළමා සංවිධානයේ ලේකම් කාර්යාලය මගින් පැවැත්වූ නාට්‍ය උළෙලේදී මම හොඳම නළුවා ලෙස සම්මාන ගත්තා.

එතැනිනුයි ඔබ ප්‍රසිද්ධ රංගනය සඳහා යොමු වෙන්න ගත්තේ..?
ඔව්… උසස් පෙළ කරන අතරම මම නාට්‍ය කලාව හදාරන්න ගත්තා. නාට්‍ය වැඩමුළු ගැන, වේදිකාව ගැන උනන්දු වෙන්න ගත්තා.

ඔබට හරි ලස්සනට සින්දු කියන්න පුළුවන්..?
මට විතරක් නෙවෙයි. අපේ පවුලේ හැමෝටම සින්දු කියන්න පුළුවන්. අම්මටත් තිබුණා මිහිරි කටහඬක්… අපේ ගෙදර තිබුණේ වෙලක් ළඟ… නිවාඩු පාඩුවේ ඉන්න සති අන්තෙට මිදුලේ පැදුරු දාගෙන අපේ පවුලේ හැමෝම රෑට සින්දු කියනවා. පවුලේ පිරිමි දරුවො අටදෙනයි, ගැහැනු දරුවෝ දෙන්නයි.

අම්මා සින්දු කියනවා, අපි හැමෝම ඒකට තාල අල්ලනවා, තාත්තා තබ්ලාව ගහනවා… ‘ටීවී, ස්මාර්ට් ෆෝන්’ නැති ඒ කාලේ කොයිතරම් ලස්සනයිද කියලා. මට අදටත් හිතෙනවා. පවුල් පසුබිමෙන් ආව ඒ කලා රසය, එකමුතුව… වගේ හිතේ උපන් කලාව ගැන තියෙන ඇල්මට සොඳුරු පිටිවහලක් වුණා කිව්වොත් හරියට හරි.

ප්‍රසිද්ධ චරිත රංගනයට ඔබ පළමුව යොමුවුණේ වේදිකා නාට්‍ය කලාවෙන්..?
වේදිකාව මම අතිශයින්ම ප්‍රිය කළ තැනක්. තරුණ ගැටවරයකු කාලෙම මට වේදිකාවට පය තියන්න ලැබුණා. මුලින්ම මගේ වයසෙම වාගෙ තරුණ ළමයි එකතුවෙලා කලා සංගමයක් හදා ගත්තා… ඒකට නම දුන්නේ ‘සංකල්ප කලා කවය’ කියලයි… එයට මූලිකත්වය දුන්නේ ප්‍රවීණ නාට්‍ය නිර්මාණකරු සුනිල් කොස්තා මහත්තයයි.
ඒ කලා කවය තුළින් අප නිතර වැඩමුළුවලට සහභාගි වුණා. ප්‍රවීණයන්ගේ ආශ්‍රය හරි හරියට අපට ලැබුණා. එම ප්‍රවීණයන් අතර වසන්ත විට්ටච්චි, එච්. ඒ. පෙරේරා, පරාක්‍රම නිරිඇල්ල, ඩග්ලස් සිරිවර්ධන සහ රවීන්ද්‍ර මාපිටිගම යන මහත්වරු වඩාත්ම සුවිශේෂී වුණා. ඒ අතරම සතිෂ්චන්ද්‍ර එදිරිසිංහ මහත්තයා විසින් සංවිධානය වූ ‘සතිස්චන්ද්‍ර සංස්කෘතික සංවිධානයේ වැඩමුළුවලටද මම නිතර සහභාගි වුණා.

ඔබේ පළමු වේදිකා නාට්‍ය..?
ඇන්ටන් කොළඹගේ නිර්මාණය කළ ‘රූකඩ නළුවෝ’ තමයි මගේ පළමු ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය වුණේ. කෙමෙන් කෙමෙන් මනුසත්තු වේදිකා නාට්‍යයෙන් මම 1989 අවුරුද්දේ යෞවන නාට්‍ය සම්මාන උළෙලේ හොඳම නළුවා වුණා.

මහා නාට්‍යකරු එදිරිවීර සරච්චන්ද්‍රට ඔබව නැතුවම බැරි නළුවකු වුණා..?
ආඩම්බරයි ඒ ගැන කියන්න… එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයා… එතුමගේ ‘මනමේ’ සහ ‘සිංහබාහු’ නාට්‍යවල ‘පොතේ ගුරා’ට මාව තෝරා ගත්තම මට දැනුණු උද්දාමය ගැන කියන්න වචන තිබුණෙ නැහැ. එතුමගේ නාට්‍ය පෙළකට මම දිගින් දිගටම රඟපෑවා. පල්ලිය තුළින්… ගීතිකා කණ්ඩායම තුළින් මා ලද ආභාෂයට එතුමා ප්‍රිය කළා. මගේ හඬ ස්වරයට වචන සහ අකුරු අතර පරතරය රැඳි රිද්මයට එතුමා තුළ තිබූ පැහැදීම සහ කැමැත්ත මට විශාල සතුටක් වුණා. ඒ අතරතුර රජිව් ආනන්දගේ ‘පරදේශී’ නාට්‍යයේ හොඳම සහාය නළුවා ලෙසින් මම සම්මානයට නිර්දේශ වුණා… ඇත්තෙන්ම කියනවා නම් වේදිකාව කියන්නේ මගේ කලාවේ, රංගන ජීවිතයේ තෝතැන්නයි.

වේදිකාවෙන් ඔබ ටෙලි තිරයට පැමිණියා..?
මගේ හිතේ ලොකු උනන්දුවක්, ආශාවක් තිබ්බා ටෙලියක රඟපාන්න. ඒක වේදිකා රංගනයට වඩා වෙනස් මාධ්‍යයක් නිසා එයට යොමු වෙන්න… එය ස්පර්ශ කර බලන්න මට හිතුණා.
ඒ සඳහා මට සහාය දුන්නේ අපේ අසල්වැසියකු වූ ක්ලීටස් මෙන්ඩිස් මහත්තයයි. ඔහුට මම කිව්වා විතරයි මට ටෙලියක රඟපාන්න ආසයි කියලා. ඔහු මාව බර්ට්‍රම් නිහාල් මහත්තයට හඳුන්නලා දුන්නා. එතැනදී ඔහුගේ ‘ආශිර්වාද’ නාට්‍යයේ චරිතයක් මට ලැබුණා. ඒක නත්තල වෙනුවෙන් කළ ඒකාංගික ටෙලිනාට්‍යයක්.

ඉන්පස්සෙ ඔබ වේදිකාව මගහැර ටෙලිතිරයට යොමුවුණා..?
අපොයි නැහැ… මම වේදිකාව මගහැරියෙ නැහැ. මඟහරින්නෙත් නැහැ. වේදිකාව කියන්නේ මගේ ජීවිතයේ කොටසක්. එයට මා දක්වන ඇල්ම ආත්මීයයි.
ඒ වාගේම මම පුංචි තිරයටත් ප්‍රිය කළා. රඟපාන්න තව තව ටෙලිනාට්‍යය ලැබෙනවා නම් හොඳයි කියන සතුට, කැමැත්ත තමයි හිත කොනක තිබුණේ. ඒ අතරතුර තමයි ‘මනුසත්තු’ වේදිකා නාට්‍ය බලන්න ආපු සුදත් සේනාරත්න වේදිකාවේ තිරය පිටුපසටම ඇවිදින් ‘මගේ ඊළඟ ටෙලිනාට්‍යයට ඔයාව මම තෝරාගෙන ඉවරයි ඔන්න’ කියලා කිව්වේ.
ඒ ටෙලිනාට්‍ය ‘සිව්මංසල… සතිස්චන්ද්‍ර එදිරිසිංහ ඇතුළු ප්‍රවීණයන් බොහොමයක් රංගනයෙන් දායක වූ එහි රචනය කළේ ප්‍රවීණ වේදිකා නාට්‍ය නිර්මාණකරු ඩග්ලස් සිරිවර්ධන. කාගෙත් කතාබහට ලක්වූ ඒ චරිත නිරූපණයෙන් පසු මට දිගින් දිගට ටෙලිනාට්‍යවල රඟපෑමේ වරම උදාවුණා.

වේදිකාවේ වගේම ඔබ ටෙලි තිරයේද සම්මානනීය වුණා..?
ඔව්… මොහාන් දි රංගනාථගේ ‘අසනි වැසි’ ටෙලිනාට්‍යයේ හොඳම සහාය නළුවා ලෙස මා සුමති සහ ‘ඕ.සී.අයි.සී.’ සම්මාන ලැබුවා. එය මගේ කලා ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වුණා.

‘රිදී ඉට්ටංකරය’ ඊට වඩා ඔබට සුවිශේෂී වුණා කිව්වොත් හරි නේද..?
එය මගේ ටෙලිනාට්‍ය ජීවිතයේ අමතක නොවන චරිත අතර එකක්. පස්දරු පියෙකුගේ ඒ උදාර චරිත නිරූපණය වෙනුවෙන් මගේ නම සම්මාන උළෙල කිහිපයකම ‘හොඳම නළුවා’ සඳහා නිර්දේශ වීම ලොකු සතුටක් වුණා.

හැබැයි ඒ එක් අවස්ථාවක හෝ ඔබට හොඳම නළුවා සම්මානය ලැබිය යුතුව තිබුණා..?
සම්මානනීය ප්‍රවීණ නාට්‍ය නිර්මාණකරුවකු වූ දීග සෝමපාල ‘රිදී ඉට්ටංකරය’ චරිත නිරූපණය මට බාර දුන්නේ ලොකු විශ්වාසයකින්. ඒ විශ්වාසය තුළ මම මට හැකි උපරිමය කළා. ‘සම්මානය මට ලැබිය යුතුයිද… නැතැයිද යන්න තීරණය කරන්නේ ජූරිය විසිනුයි. ඒ නිසා ජූරියේ තීරණයට අප ගරු කළ යුතුය කියා මම හිතනවා. කෙසේ වෙතත් සම්මානයකට නිර්දේශ වීම තුළද වන්නේ සම්මානනී රංගනයක් කළාය යන ඇගැයීමයි. ඒ නිසා ඉහත කී සම්මානනීය නිර්දේශිත බවද මගේ හිතට මා ගැන ලොකු අගයක් ගෙන ආවා.

එයට පසුව ඔබ චිත්‍රපට ක්‍ෂේත්‍රයටද පිවිසුණා..?
ඔව්… ඒ උදයකාන්ත මහත්තයගේ ‘බහුබූතයෝ’හී ‘බහුබූතයෝ’ තුළින්… ඒ සඳහා මාව ඔහුට හඳුන්වා දුන්නේ උදේනි අල්විස්. ‘අහවල් චරිත නිරූපණයට උදය කාන්ත නළුවෙක් හොයනවා’ කියලා ඔහු මට කීවා. මගේ රංගනය ගැන ඔහු පැහැදුණා. හැබැයි ‘Not Bad’ කිව්වා. මිසක ‘Very Good රිචඩ්’ කියලා නම් ඔහු මට කිව්වේ නැහැ.

ඔබ බලාපොරොත්තු වුණෙ උදයකාන්ත ඔබට ‘Very Good’ කියයි කියලාද..?
අයියෝ නැහැ.., චරිතයක් වෙනුවෙන් මට හැකි උපරිමය කරනවා මිසක අධ්‍යක්‍ෂවරයා ‘Very Good’ කියයි කියන බලාපොරොත්තුවක් මා තුළ කවදාවත් තිබුණේ නැහැ… මම ඒක කීවේ පොඩි ජෝක් එකකටයි.

හැබැයි ‘රිදී ඉට්ටංකරය’ට තෝරගනිද්දී ඔබ අධ්‍යක්‍ෂවරයාගෙන් ඇසුවා ‘මට මේ චරිතය කරන්න පුළුවන් වෙයිද…’ කියා..?
මම දීග සෝමපාලගෙන් එහෙම ඇහුවා තමයි. හැබැයි ඒ ඇහුවෙ ‘මම තමයි පොර’ කියලා කියන හැඟීමෙන් නොවෙයි. හොඳ චරිත සඳහා ප්‍රවීණයන් මාව තෝරාගත් විට මම දැඩි සතුටකට පත්වෙනවා. ඔවුන් මා කෙරෙහි තැබූ විශ්වාසය මට ලොකු ගෞරවයක් නේදැයි හිතෙනවා. අන්න ඒ ගැම්ම තුළ මම ඔවුන්ගෙන් අහනවා ‘මට මේ චරිතය කරන්න පුළුවන් වෙයිදැයි’ කියලා. මොකද… ඔවුන් මා ගැන තැබූ විශ්වාසය තහවුරු කරගන්නයි මගේ හිතට ඕනෑ වුණේ. ‘සැකයක් ඇතිකර ගන්න එපා රිචඩ්… ඔයා තමයි හරියන මිනිහා මේකට’ කියා ඔවුන් කියන කොට මට දැනෙනවා මම ඒ චරිත නිරූපණයට සූදානම්ය කියලා.

මගතොට දී ප්‍රේක්‍ෂකයන් ඔබට ඉහළ ප්‍රතිචාරයක් දෙන බව ආරංචියි..?
ඔව්… මගතොට හමුවන හැමෝම මාව දැක්කම ළඟට ඇවිදින් කතා කරනවා. ‘අර චරිතය මරු… අර ටෙලිය ඔයා හොඳට කළා..’ කියනවා. ඒ තරම් සතුටක් කලා ශිල්පියෙකුට තව කොයින්ද ඉතින්.

‘බහුබූතයෝ’ හී ‘චමින්ද’ගේ චරිතයට ඒ ප්‍රතිචාරය වැඩිපුර ලැබුණාලු..?
ඒ ප්‍රහර්ෂණාත්මක චරිත නිරූපණය ගැන කවුරුත් වාගේ හැමතැනකම කතාබහ කළා. හැමෝම වාගෙ කිව්වේ මම එය හොඳ ලස්සනට කළා කියලයි.

ගුරුවරයෙක් ලෙස රැකියාව කරන ඔබට එවැනි චරිත නිරූපණයන් තුළ අපහසුතාවක් දැනුණු අවස්ථා නැතිද..?
ඇයි ඔබ එහෙම අහන්නේ… මම චරිතාංග නළුවෙක්… ඕනෑම චරිත රංගනයක් සඳහා මම ඔට්ටු විය යුතුයි. ගුරු වෘත්තිය කරන තව නළුවන් කොයිතරම් ඉන්නවද..? ඒ අයද විවිධ චරිත නිරූපණයන් තුළ නියැළෙනවා. පාසල තුළද ගෞරවනීය ලෙස ගුරු වෘත්තිය කරනවා. ශ්‍රී ලාංකේය සිනමාව තුළ වාගෙම සෑම රටකම එය එහෙමයි.

මම වෘත්තියෙන් සිංහල විෂය උගන්වන ගුරුවරයෙක්. මගේ ගෝලබාලයන්ද උසස් පෙළ හදාරන සිසු, සිසුවියන්… හැබැයි මොන මට්ටමක චරිත නිරූපණයක යෙදුණත් ඔවුන් මට ගුරුවරයකුට දිය යුතු ගෞරවය දෙනවා. විහිළුවකටවත් සිසු දරුවන් මට උපහාසමය වචනයක් කියලා නැහැ. ඔවුන් දන්නවා ‘රිචඩ් සර්’ කවුද කියලා. ඔවුන් ‘රිචඩ් සර්’ව හොඳින්ම හඳුනගෙන ඉන්නේ. ඒ වාගෙම ඔවුන් මගේ රසිකයන් වගේ රංගනයෙහි හොඳ නරක කියාදෙන විචාරකයන්. අප තුළ තිබෙන බැඳීම හරිම සුහදයි.

ඔබ නාට්‍ය පිටපත් කිහිපයක් අතැතිව සිටින නිර්මාණකරුවෙක් නේද කියා ඇහුවොත්..?
එයට තියෙන කෙටිම උත්තරය ‘ඔව්..’ කියන එකයි. මම වේදිකා නාට්‍ය කිහිපයක්ම අධ්‍යක්‍ෂණය කිරීමට සිහින දකින නිර්මාණකරුවෙක්. වේදිකා නාට්‍ය කලාව නැවැත හිස ඔසවන තුරු… ඕඩියන්ස් එක ප්‍රේක්‍ෂකයන්ගෙන් පිරෙනතුරු මම බලා සිටිනවා ඒ හීන හැබෑකර ගන්න.

රිචඩ්… ඔබ කලා ශිල්පියෙකු ලෙස හුඟාක් වැඩ කරන කෙනෙක්..?
ඔව්… මම ‘එළිමහන් පාස්කු’ නාට්‍ය නත්තල් නාට්‍ය එළිදක්වනවා… ආගමික ගීත අඩංගු සී.ඩී. තැටි නිර්මාණය කරනවා. ‘අමු පැල්ලම’ යනුවෙන් කෙටි චිත්‍රපටයක්ද නිර්මාණය කළා. ඒ අතර ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණය සඳහාද පිවිසෙන්නටයි සූදානම. නිෂ්පාදන අංශය ගැන හොඳ දැනුමක් ඇති අයකු හමුවන තුරු මම එය නිර්මාණය කිරීමට බලාගෙන ඉන්නවා.

ඔබ කළ ‘මා නොවන මම’ ප්‍රසංගික වැඩසටහන කාගෙත් කතාබහට ලක්වූ එකක්..?
කැළුම් ශ්‍රීමාල්ගේද සහාය ඇතිව මම එයට මුහුණ දුන්නේ වෙනස්ම විදියකටයි. එයට මම පසුබිම් කරගත්තේ මගේ කුඩා අවධිය සහ පවුල් පසුබිමයි. ගීත හතම කිව්වේ ඒ සිදුවීම් අනුවයි. බොහෝ දෙනා එය නරඹා දැඩි සංවේදීභාවයකට පත්ව තිබුණා. විදේශගතව සිටින අය පවා… මට දුරකතන ඇමැතුම් දුන්නේ ඔවුන්ගේ අතීතය මගේ පවුල් පසුබිම සමග ඉතාම සමාන බව කියමිනුයි. ඇතැම් තරුණ දූ-පුතුන් මට තාත්තේ කියලයි ඒ වෙලාවෙ කතා කළේ… මමද ඒ මොහොතේ තදින් සංවේදී වුණා.

ඔබ ආදරණීය දරු පවුලක හිමිකරුවෙක්. ඒ ගැනත් අපට කියන්න..?
මගේ පවුල ඔබ කීවා වගේම හරිම ආදරණීයයි. මගේ බිරිය සම්මානනීය වේදිකා නාට්‍ය නිළියක වූ උදේනි කනකසිංහ. කලාව තුළ ඇගේ ගමන නතර වුණේ මගේ ගමනට ඉඩ හදන්නයි. ඈ බොහෝ පරිත්‍යාගශීලී සහකාරියක්. අපට දූවරු තිදෙනෙක් සහ පුතෙකු ඉන්නවා.
මගේ නිර්මාණ මෙහෙවර සඳහා දරුවන්ගෙන් වගේම බිරියගෙන් ලැබෙන සහයෝගය සුළුපටු නැහැ.

මොනවද ඉතින් තව ඔබට කියන්න තියෙන්නෙ..?
එච්. ඒ. පෙරේරා මහත්තයා ඒ දවස්වල මට නිතර කී කතාවක් තිබුණා. ඒ තමයි ‘හොඳ කලාකරුවන් බොහෝ විට බිහිවන්නේ හොඳ මිනිසුන් තුළින් කියලා. ඔය කතාව මගේ හිතට හරි තදින් වැදුණා. අදටත් මම උත්සාහ කරන්නේ හොඳින් ජීවත් වෙන්නයි. මම බිහිසුනු රිය අනතුරු දෙකකටම මුහුණ දුන් කෙනෙක්. ඒ වගේම මම හෘද රෝගියෙක්. ඒ නිසා කොයි මොහොතේ හෝ මරණය මා වෙත එන්නට පළමුව කාට හෝ හොඳක් කරලා දවස ගෙවන්නයි මම හැමදාමත් බලාපොරොත්තු වෙන්නේ. ‘මා නොවන මම’ විශේෂාංගයේදී කැළුම් ශ්‍රීමාල් මට කිව්වා ‘ඔබ ඉපදී ඇත්තේ මිනිසුන් පිනවන්නැ’යි කියා.. ඉතින් ඔහු කීවා වාගෙම මියෙනතුරු මිනිසුන් පිනවන්නට මම බලා සිටිනවා.

-දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පඩි කැපීම ඇරඹේ! ‌දොස්තරලාගෙන් රුපියල් 30,000ක් කපලා! GMOA එක දැඩි තීන්දුවක් ගැනීමේ සූදානමක!

Next Post

පාස්කු බෝම්බයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් වූ ඉල්හාම්-ඉන්සාෆ් සහෝදරයන්ගේ කෝටිපති පියා ඊබ්‍රාහිම්ට ඇප ලැබෙයි!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.