• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මම ගියා කොටුවට දැන් කොටුව හරියට මරාගෙන මැරෙන බෝම්බ පුපුරන යුද්ධ කාලෙ තිබ්බ කොටුව වගේමයි…

May 23, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මම ගියා කොටුවට දැන් කොටුව හරියට මරාගෙන මැරෙන බෝම්බ පුපුරන යුද්ධ කාලෙ තිබ්බ කොටුව වගේමයි…
Share on WhatsAppShare on Facebook

කොළඹ කොටුවට ශ්‍රී ලංකා ආර්ථිකයේ හිමිවනුයේ සුවිශේෂ වටිනාකමකි. බි‍්‍රතාන්‍ය මාදිලියේ පරැණි ගොඩනැගිලි රැසකින් යුත් කොළඹ කොටුව සැබැවින්ම ශ්‍රී ලංකාවේ ආර්ථික මර්මස්ථානයකි. ශ්‍රී ලංකා මහබැංකුව ඇතුළු බැංකු ගණනාවක මූලස්තාන පිහිටවා ඇත්තේ එහිය. ඊට අමතරව ජනාධිපති නිල නිවෙස සහ වැදගත් ව්‍යාපාරික ස්ථාන රැසක් කොළඹ කොටුව කේන්ද්‍ර කර පිහිටා ඇත. ඒසා වැදගත්කමක් සහිත කොළඹ කොටුව තිස් වසරක යුද සමයේ පැවැතියේ බරපතළ ආරක්ෂක පාලනයකට නතුවය. ඊට හේතුවූ ප්‍රධානතම කාරණය වූයේ කොටි සංවිධානය ශ්‍රී ලංකා මහබැංකුවට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයයි.

කොටි සංවිධානය එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර අතරින් මහබැංකු බෝම්බ ප්‍රහාරය විශේෂ තැනක් ගන්නේ එය මෙරට ප්‍රධානම ආර්ථික මර්මස්ථානයක් වීම නිසාය. 1996 ජනවාරි 31 දා එල්ල කරන ලද එකී ප්‍රහාරයට ප්‍රධානතම හේතුව 1995 ඔක්තෝබර් මස ආරම්භ කරන ලද රිවිරැස මෙහෙයුමෙන් කොටි සංවිධානයට යාපනය නගරය අහිමි වීමය. ‍යාපනය අහිමි වීමෙන් තමන්ට සිදුවුණු මදිපුංචිකමට පළිගැනීමට සිතූ කොටි සංවිධානය දකුණේ ප්‍රධානතම ආර්ථික ම‍ර්මස්ථනයකට ප්‍රහාරයක් එල්ල කිරීමට තීරණය කළෝය. තමන් ශ්‍රී ලංකාවේ අග නගරය අක්‍රිය කරවන ආකාරයේ ප්‍රහාරයක් එල්ල කරනා බව ඔවුන් 1996 ජනවාරි මස දෙවන සතියේදී ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ලිඛිතව දන්වා තිබූ අතර එම තොරතුරු ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය හරහා මෙරට ආරක්ෂක අංශ වලටද දැනගැනීමට ලැබී තිබිණි.

ඒ වන විට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පදිංචිව සිටියේද කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයේය. එහෙයින් කොළඹ කොටුව අවට ආරක්ෂක විධිවිධාන තරකර තිබූ අතර මාර්ග බාධක සහ ආරක්ෂක මුරපොළ කිහිපයක්ද අලුතින් ස්ථාපිත කර තිබිණි. එහෙත් කොළඹ කොටුව හරහා වාහන ගමනාගමනය නතර කර තිබුණේ නැත. ප්‍රහාරය සැලසුම් කළ ත්‍රස්තවාදීන් මේ සියලු කාරණා සැලකිල්ලට ගෙන තිබූ අතර කිලිනොච්චියේ සිට බෝම්බ සවිකරන ලද ලොරියක් සහල් ලොරියක් ලෙසින් කොළඹට එවීමට ත්‍රස්තවාදීන් කටයුතු සම්පාදනය කර තිබිණි. ඒ වන විට කොළඹ කොටුව අවට ක්‍රියත්මක වෙමින් තිබූ දැඩි ආරක්ෂක වැඩ පිළිවෙළ නිසා බෝම්බ සහිත ලොරිය කොළඹ කොටුවට ගෙන ඒම ඔවුනට සැලකිය යුතු ප්‍රශ්නයක් බවට පත්ව තිබිණි. එහෙත් 1990 ජනවාරි 31 දින ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග කොළඹින් බැහැර යාමට නියමිතව තිබූ බැවින් එදින කොළඹ කොටුව අවට ආරක්ෂක විධිවිධාන යම් තරමකට ලිහිල් වීමට නියමිත බව කොටි සංවිධානයට දැන ගැනීමට ලැබී තිබිණි. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට තීරණය කළ කොටි ත්‍රස්තයෝ ජනවාරි 31 සිය ප්‍රහාරයට තෝරාගත්හ.

කලින් සැලසුම් කළ පරිදි සන්නද්ධ ත්‍රස්තයන් දෙදෙනෙක් වෙඩි තබමින් මහබැංකුවට කඩාවැදුණු අතර ඊට සුළු මොහොතකට පසු බෝම්බ රැගත් ලොරිය මහබැංකුව පරිශ්‍රයට ඇතුළු වනු රිසින් මහබැංකුවේ ආරක්ෂක වැටේ ගැටිණි. අඩි 20ක පමණ වළක් ඇති කරමින් අධිබල බෝම්බය පුපුරා ගිය අතර සෙලින්කෝ ගොඩනැගිල්ල ඇතුළු අවට ගොඩනැගිලි රැසකට පිපිරීමෙන් හානි සිදුවිය. සියයකට ආසන්න ප්‍රමාණයක් මියගිය අතර දහසකට ආසන්න ප්‍රමාණයක් බරපතළ තුවාල ලැබීය. මෙම සිදුවීමෙන් පසු කොළඹ කොටුව අවට ප්‍රදේශ සියල්ල දැඩි ආරක්ෂක ක්‍රමවේදයකට යටත් කරනා ලද අතර වාහන ඇතුළත් කිරීම නවතා දමන ලදී. පාගමනින් යන එන අය පවා දැඩි සෝදිසි කිරීමකට ලක් කරන ලදී. කොළඹ කොටුව අවට ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද අතර ඒ අවට පිහිටි කාර්යාල සහ වෙළෙඳසල්වල සේවකයන් මෙන්ම පාරිභෝගිකයන්ද එම නිසා දැඩි අසීරුතාවයනට පත්වෙන ලදී. මේ නිසා මාර්ග බාධකවලට එරෙහිව ඇතැම් පාර්ශ්ව උසාවි ගිය අතර හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා විසින් මාර්ග බාධක ඉවත් කරන ලෙස අධිකරණ නියෝගයක්ද පැනවූවා අපට මතකය. එහෙත් එකී බාධක යම් තරමකට ලිහිල් වූවා මිස මුළුමනින්ම ඉවත්වූයේ නැත.

මේ සියලු ආකාරයේ සිදුවීම් වූයේ ශ්‍රී ලංකාව ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය සමග යුද වැදී සිටි සමයේය. මහබැංකුවට එල්ල වූ ආකාරයේ තවත් ප්‍රහාරයක් වළක්වා ගැනීම මේ සැලසුම් සියල්ලේම අවසාන අරමුණ විය. එහෙත් යුද්ධය නිම වීමත් සමග රට පුරා තිබූ ආරක්ෂක මුර කපොලු‍ කෙමෙන් ලිහිල් කර පසුව ඉවත් කර දමන ලදී. කොළඹ කොටුවේද වසාදමා තිබූ බොහෝ මාර්ග යළි විවෘත කෙරුණු අතර ජනතාවට නිදහසේ යාමට ඒමට හැකි තත්ත්වයක් උදාවිය. කොටුවේ ජනාධිපති මන්දිරය ඉදිරිපිටද සාම්ප්‍රදායික ආරක්ෂාවට පමණක් සීමාවූ මුර සේවා ක්‍රියාත්මක විය. ජනතාවගේ මනසින් යුද්ධය පිළිබඳ කටුක මතකයන් කෙමෙන් වියැකී යමින් තිබිණි.
යුද්ධය නිමවීමේ 13 වැනි වසර පසුගිය සතියෙ අපි සැමරූවේ මෙවන් සාමකාමී රටකය. දශක තුනක යුද්ධයේ බිහිසුනු මතකයන් කෙමෙන් වියැකී යමින් පැවැති සාමකාමී රටක සිට එකී සැමරුම සිදුවුවද පසුගිය 18 වැනිදා වන විටත් කොළඹ නගරයේ බොහෝ තැන්වල යුද්ධයේ පැරණි මතකයන් යළි හිස ඔසවමින් තිබෙනු දැකගත හැකි විය. මෙම තත්ත්ව විශේෂයෙන්ම කොළඹ කොටුව අවට වඩාත් හොඳින් දැකගත හැකි විය. වසර ගණනකට පෙර කොළඹ කොටුවෙන් ඉවත් කරන ලද මාර්ග බාධක වෙනුවට යකඩ පයිප්ප යොදා සාදන ලද ස්ථිර මාර්ග බාධක කොළඹ කොටුවේ ඉදිවකරන්නට කටයුතු කර තිබේ. ඇතැම් තැන්වල මුළු මාර්ගයම හරස් වන ලෙස තාප්පයක් බැන්දා සේ මේ යකඩ වැටවල් ඉදිකර ඇති අතර පොළොව හාරා කොන්ක්‍රීට් යොදා ඇති බැවින් මේ යළි ඉවත් කිරීමේ අදහසක් නැතිව ඉදිකළේ දැයි කෙනකුට අනුමාන කළ හැක. අද කොළඹ කොටුවට පිවිසෙන කෙනකුට බාධක දිවීමේ තරගයකදී මෙන් වැටවල් යටින් රිංගා උඩින් පැන ගමන් කරන තැනට කටයුතු සිදුව ඇති බව එහි ගිය අපට පැහැදිලි විය. මෙම තත්ත්වය නිසා විදෙස් සංචාරකයෝ ඉතා දැඩි අසීරුතාවකට ලක්ව සිටිනු දැකගත හැකි විය. එමෙන්ම කොළඹ කොටුව අවට සංචාරකයන් කේන්ද්‍ර කර පවත්වාගෙන ගිය ව්‍යාපාර වැසීයන තැනට අද වන විට පත්වෙමින් තිබෙන අයුරු දැක ගත හැක.

එදා ලෝකයේ දරුණුතම ත්‍රස්ත සංවිධානයට එරෙහිව ශ්‍රී ලාංකික හමුදා යුද වැදුණු සමයේ පවා ඉදි නොවුණු ස්ථිර මාර්ග බාධක කොටුවේ ඉදිව ඇත්තේ නිරායුද මිනිසුන්ගේ සාමකාමී අරගලයට මුහුණ දීමටය. අද වන විට කොටුවේ ඉදිව ඇති ස්ථිර මාර්ග බාධක සියල්ලම එක රැයින් ඉදිකළේ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය සති කිහිපයකට පෙර ගාලු‍මුවදොර අරගල බිමට පා ගමනින් පැමිණීම වළක්වාලන්නටය. ඒ කියන්නේ නිරායුද ශිෂ්‍ය අරගලය ත්‍රස්තවාදී ප්‍රහාරයකට සමාන කර ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සලකනවා විය යුතුය. එමෙන්ම ඇතැම් මාර්ග බාධක මර උගුල් ලෙස දැක්වීමේ වරදක් නැත. මාර්ග බාධකවලට උල් ලෝහ කටු සවිකර ඒවා ඝන කළු ඉටිරෙදිවලින් ආවරණය කර තිබෙනු දැකගත හැකි වූ අතර මෙවැනි බාධකයකදී උද්ඝෝෂකයන් සමූහයක් ගැටුණේ නම් මරණීය අනතුරු පවා සිදුවීමට ඉඩ තිබිණි. කොටුවේ සුළු වෙළෙඳ ව්‍යාපාරිකයෙක් අප හා පැවැසුවේ මේ මාර්ග බාධක නිසා ආබාධ සහිත වූවන් බරපතළ අපහසුතාවයනට මුහුණ දෙන බවත් එවැනි සිදුවීම් දිනකට දෙක තුනක් නොවරදින බවත්ය.

කොළඹ අග නගරයේ වාණිජ කේන්ද්‍රස්ථානය වන කොටුව සහ අවට ආණ්ඩුවෙන් ඉදිකර තිබෙනා ස්ථිර මාර්ග බාධක නිසා ජනතාව පත්වන පීඩාව මෙතකැයි කියා කීමට අවශ්‍ය නැත. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන සංචරණයේ අයිතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. එම නිසා මෙකී අනීතික මාර්ගා බාධකවලට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ ශ්‍රේෂ්‍ඨාධිකරණයේ නඩුකරයක්ද ගොනුකර ඇත.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ලංකාවේ තියෙන බෙහෙත් හිඟය ගැන විපක්ෂනායක හා WHO නියෝජිතයා අතර සාකච්ජා! (VIDEO)

Next Post

ජවිපෙ පොලිස්පති හමුවෙයි! රට පුරා ගිනි තියපු අය ගැන කතා කරයි! පොහොට්ටුව කියන්නේ ඇත්තද බොරුද කියලත් හොයාගනී! (VIDEO)

MORE NEWS

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

Load More
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ භාර්යාව වන මනෝරි සලේ බන්දුසේන විසින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි...

Read more
බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.