සුදු වෑන් රථයකින් පැහැර ගැනීමකට ලක් වූවේ යැයි කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ කාන්තාව රහස් පොලිසියට ප්‍රකාශයක් ලබා දීමට කැමැත්ත පළ කොට ඇත.
ආණ්ඩුව සහ තානාපති කාර්යාල නිලධාරීන් අතර පසුගිය දින කිහිපය පුරාම පැවැති සාකච්ජාවල ප්‍රතිපලයක් ලෙස මෙම එකගතාව ඇතිව ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් ස්විස් තානාපති කාර්යාලය කොන්දේසියක් ඉදිරිපත් කරමින් කියා ඇත්තේ අදාළ ප්‍රකාශය ගැනීම ස්විස් තානාපති කාර්යාලය තුළ සිදු කළ යුතු බවකි.
නමුත් ආණ්ඩුව ඊට එකගතාව පළ කොට නැති අතර ආණ්ඩුව පෙන්වා දී ඇත්තේ සෑම පුද්ගලයකුම රහස් පොලිසිය වෙත පැමිණ ප්‍රකාශ ලබා දෙන නිසා මෙම කාන්තාවද රහස් පොලිසිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දිය යුතු යැයි කියාය.
මේ සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර තවමත් සාකච්ජා පැවැත්වෙමින් ඇති බවද දැනගන්නට තිබේ.










