ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන ලබාදීම අවසන් වනතුරු ඉදිරි දින 03 තුළ ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වල සිටීමෙන් වළකින ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කචන විජේසේකර පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඊයේ (15) දිනයේ ඩීසල් තොගයක් මෙරටට පැමිණි අතර ඉදිරි සති 2 තුළ ශ්‍රී ලංකාවට ඉන්දීය ණය පහසුකම යටතේ ඉන්ධන රැගත් නෞකා තුනක් පැමිණීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
අමාත්‍යවරයා ඩීසල් පිළිබඳව පවසා සිටියත් පෙට්‍රල් හා භූමිතෙල් පිළිබඳව කිසිවක් ප්‍රකාශ කර තිබුණේ නැහැ.
එලෙසම හෙට (17) සිට යලිත් සුපුරුදු පරිදි කාර්යාල කටයුතු මෙන්ම පාසල් කටයුතුද ආරම්භ වීමට නියමිතව ඇති හෙයින් ඉන්ධන නොමැතිවීම බරපතල ප්‍රශ්නයක් බවයි ඇතැම් දෙනා කියන්නේ.









