කතානායක කරු ජයසූරිය මහතා හා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර විශේෂ හමුවක් ඉදිරි දින කිහිපය තුළ සිදුවීමට නියමිත බව දැනගන්නට ඇත.
පාර්ලිමේන්තුවේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් සහ විපක්ෂයේ ආසන පැනවීම ඇතුළු වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී දෙදෙනා අතර සාකච්ජා වනු ඇති බව දැනගන්නට තිබේ.
මීට අමතරව ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන්ද මෙම හමුවේදී අදහස් හුවමාරු වනු ඇති බව වාර්තා වේ.










