• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දෙවියනි ඔබ කොහෙද ඥානක්කේ දැන් එන්න එළියට…

May 15, 2022
in Exclusive
Reading Time: 11 mins read
A A
දෙවියනි ඔබ කොහෙද ඥානක්කේ දැන් එන්න එළියට…
Share on WhatsAppShare on Facebook

හෙට දවසේ හෝ අනාගතයේ කවදා හෝ දවසක සිදුවන්නට තිබෙන යම් සිදුවීමක් හෝ සංසිද්ධියක් ගැන අනාවැකි කීමේ කලාව මෙලොවට පහළ වූයේ අද ඊයෙක නොවේය.

‘පෙරනිමිති’ යනුවෙන්ද හඳුන්වන… ඒ ‘අනාවැකි පළකිරීමේ කලාවට තියෙන්නේ බොහෝ ඈත අතීතයකි.

ශුද්ධ වූ බයිබලයෙහි සඳහන් වන්නේ ජේසු නසරේණුගේ උපත ගැන, පෙරළිකාර ජීවිත රටාව ගැන, මරණය සහ උත්ථානය ගැන, සිමියොන් නම් දිවැස්වරයා බොහෝ අනාවැකි කී බවකි.

සිදුහත් කුමාරයාගේද, උපත, අබිනික්මන සහ බුදුවීම ගැන බොහෝ වියතුන් සතරපෙර නිමිති පහළ කළ බව බුදුදහම ගැන ලියැවුණු පොතපතෙහි සඳහන් වේ.

එලෙසම සාස්තර සහ පෙරනිමිති කලාව, ඉහත කී කුලවත්ය කියන පුද්ගලයන් අතර සේම මහමඟ තැනින් තැනට ගිහින් කූඩාරම් අටව ගන්නා, ඉන්නට හිටින්නට තැනක් නැති අහිගුණ්ඨික සමාජය තුළද මුල්බැස ගත්තේ එදා වේල සොයා ගන්නා රැකියාවක් ලෙස කීයක් හරි හම්බ කරගන්නටය. අහිගුණ්ඨිකයන්ට ඇත්තේ මුහුණ බලා හෝ අත බලා බොහෝ විට මුසාවාද දොඩන කපටි සාස්තර කලාවකි.

කොහොමත් ඈත අතීතයේ ඉඳන්ම පැවැත ආ ඒ සාස්තර කලාව විලාසිතාවක් ලෙස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වැනි රටවල මිනිසුන් අතර මුල්බැස ගත්තේ මීට දශක කිහිපයක පළමුවය. සිංහල බසින් ‘ජ්‍යොතිෂය’ යන වචනයත්, ඉංග්‍රීසි බසින් ඇස්ට්‍රොලොජි (Astrology) යන වචනයත් මාධ්‍ය හරහාද ප්‍රචලිත වන්නට ගත්තේ එහෙමය.

‘ජ්‍යොතිෂය’ යනු උත්තරීතර ශිල්පයක් වුවත්, එය වංචනික ලෙස මෙහෙයවමින් එයින් හම්බකර ගන්නා බොරු ජ්‍යොතීර්වේදීන් බුරුතු පිටින් පහළ වන්නට ගත්තේද විලාසිතාවක් ලෙසිනි.

සුන්වී ගිය බලාපොරොත්තු සමග මුදල් අතින්ද මානසිකවද පිරිහී ගිය මිනිසුන්ගේ ඉහමොළ කමින් එකී ඊනියා සාස්තරකරුවන් ඇති පදමට තම සාක්කු පුරවා ගත්තේ… නිවැරැදි ක්‍රමවේදයට ගෞරවනීය ලෙස ජ්‍යොතිෂ කලාව මෙහෙය වන ජ්‍යොතීර්වේදීන් පසෙක සිටියදීය.

ඔය කියන ජ්‍යොතීර්වේදීන් ඒ විදියට කූට ලෙස හරිහම්බ කරගනිද්දී විවිධ ආරූඪයන් මත සාස්තර කියන කලාවක් මෑත කාලයේ ජනප්‍රිය විය.

ඒ ආරූඪයන්ද විවිධාකාරය…

ඒ ආරූඪයන්ට වැඩිපුරම මැදිව සාස්තර ජොබ් එක කරන්නේ බවලතුන්ය. ඒ බවලතුන්ද වැඩිපුරම තරුණත් නැති එතරම් වයසටවත් ගිහින් නැති හැද වයසක සිටින එකියන්යැ. එලෙසම බොහෝ විට ඒ කියන කාන්තාවන් හැඩකාරය. පෙනුමෙන් ‘බෝ පැළ’ මෙන් සැදැහැවත්ය.

‘ඥානක්කාද එහෙම සාස්තර කියන්නියකි..,

‘ඥානක්කා… ඒ කවුද..?’

කවුරුවත් එහෙම ප්‍රශ්නයක් අහන්නේ නැති තරමට ඥානක්කා දැන් ප්‍රසිද්ධය. ලංකාවේ සුපිරි තරුවකටවත් නැති ප්‍රසිද්ධියක් අද ඥානක්කාට ඇති බව නොරහසකි.

පත්තරවල, සමාජජාල වෙබ් අඩවිවල වාගෙම ෆේස්බුක් එකේද අද ඥානක්කා ජයපහට සැරිසරන්නීය.

ඥානක්කාට ඒ ප්‍රසිද්ධිය ලැබුණේ විශේෂයෙන්ම තවමත් ජනපති අසුනෙහි සිටින ගෝඨාභය රාජපක්‍ෂ නිසාය. ගෝඨාභයට විතරක් නෙවෙයි, ‘ඥාන අක්කා’ නමින් ප්‍රසිද්ධ මේ හැඩකාර සාස්තරකාරිය අපේ රටේ තව බොහොමයක් වූ දේශපාලන ලොක්කන්ගේ හිත දිනාගත් එකියකි. වරදවා හිතන්න එපා… ‘හිත දිනාගත්’ කියලා කිව්වේ, එය ඇගේ චරිතයට, අශෝභන කිළුටක් ඇති කරවන අදහසකින් කී දෙයක් එහෙම නෙවෙයි.., එතැනදී එහි සරලම තේරුම වන්නේ ‘ඥාන අක්කා’ ප්‍රසිද්ධ දේශපාලකයන්ට නැතුවම බැරි ඔවුන්ගේ අපල උපද්‍රව දුරුකරවන… ඔවුනට සිදුවීමට නියමිතව තිබෙන අන්තරායවල් අත්හිටුවන හිතහොඳ සාස්තර කියන්නියක් නිසයි.

මුළු අනුරාධපුරයම හොල්ලන් ඉන්නවාය කියන ඥානා අක්කාට සමහරු ‘ඥානා අම්මා’ කියලත් කියනවලු, ‘ඥානා මෑණියෝ’ කියලත් කියනවලු… ඇගේ ඇඳුම-පැලඳුම උඩරට පන්නෙට තමයි සැකැසුණේ… පෙනුමත් එහෙමයි… සුපිරි දේශපාලකයො විතරක් නෙවෙයි සුපිරි පන්තියේ ධනපති ව්‍යාපාරිකයෝ… සමාගම් ලොක්කෝ පවා ඥානා අම්මගේ සාස්තර සහ පෙරනිමිති අනුව තමයිලු තම තමන්ගේ ඊළඟ පියවර ඉස්සරහට තිබ්බේ. බොරුද දන්නේ නැහැ… ඥානාගේ සමීපතමයෙක් නම් කීවේ විද්වතුන් සහ නිලමේ පට්ටම් දරන අයත් ඥානා අක්කව හොයාගෙන ආව කියලා තමයි කියන්නේ.

ඥානා අක්කගේ සාස්තරවල ඒ තරම් බලයක් තිබුණද..?

ඥානා අක්කා සාස්තර කීවේ තාරකා ක්‍රමයකටවත්, කොටු ගණින ලග්න ක්‍රමයටවත් නෙවෙයි… උන්දෑගේ ළඟ හස්ත රේඛා සාස්තරය ගැන දැනුම තිබුණෙත් නැහැ. ඇය සාස්තර කීවේ ආරූඪයෙන්. ඒ ආරූඪය මියගිය ඥාතියකුගේ ආත්මයක් එහෙම නෙවෙයි. ආරංචියේ හැටියට ඇයට ආරූඪ වෙන්නෙ ‘කාලි මෑණියො’ලු.

ඒ කියන්නේ ඒක ‘දේවාරූඪයක්…’

ඔව්… ඒක එසේ මෙසේ ආරූඪයක් නොවන කාලි අම්මාගේ දේවාරූඪයක්. ඒ දේවාරූඪයෙන් ඕ තොමෝ කියන සාස්තර පෙරනිමිති කිරිගහට ඇන්නහේ හරි යනවලු..,

ඒවා ඇත්තය කියන්න සාක්ෂි තියෙනවද ඇගෙන් සාස්තර අහපු අය ළඟ…?

ඒක නම් දන්නෙ නැහැ… හැබැයි සාස්තර, පෙරනිමිති සහ සුබ-අසුබ බලලා හරියටම හරියන සුබ නැකැත් හදා දීපු අයගෙන් ගත්ත තෑගිබෝගවලින් තමයි ‘ඥානා අක්කා’ ඔය විදියට මහ මන්දිර තට්ටු ගණනට ගහන තරමට පෝසත් වුණේ. අනෙක හිතල බලන්න ටිකක් නන්දසේන ගෝඨාභය වැනි යුද සෙන්පතියෙක්, ජනාධිපතිවරයෙක් ඥානා අක්කට තමන්ගේ වෙලාව, අවේලාව තීරණය කරන රාජකාරිය භාරදුන්නේ නිකමටද…? සමහරු කියන්නේ නීතිය අවනීතිය කිරීමට වාගෙම තම සරණය පතා එන බැතිමතකුගේ මාර්ගය අවහිර කිරීමට වෙර දරන විරුද්ධවාදියකුගේ දෙපා අඩපණ කිරීමටද ඥානා අක්කාට බලයක් ඇතැයි කියාය.

ඒ බලය දෙන්නේ ඇගේ හිසට ආරූඪ වන කාලි මෑණියෝය. එම ආරූඪයෙන් ඇය තම පිහිට පතා පැමිණි අයගේ හිතේ තියෙන කාරණය දිවැසින් කියයි. ඒ කාරණය අපල දෝෂයක් නම් එය දුරු කරන කාලයද කියා දෙයි. එයට පසුව පැමිණි අය ඥානා අක්කාගේ යාවජීව සාමාජිකයකු වෙයි. එය තහවුරු කිරීමට ඥානා ඒ අයගේ අතේ රතුපාට නූල්පොට කිහිපයක්ද ගැටගසන්නීය. ගැට ගැසූ ඒ නූල්පොට කිහිපය කිසිවිටෙක ගලවා නොදමන අණ ඥානා විසින් නිකුත් කරන්නේ හරි කොමල තාලෙටය. ඒ කාලේ බන්ධනීය බව කෙතරම් වශීකෘතද කියනවා නම් ඒ රතු නූල්පොට පොදිය ගලවා දමන්නට කාටවත්ම සිතෙන්නේද නැති බව සැලය.

එයට හොඳම නිදසුන වන්නේ ජනාධිපති නන්දසේන ගෝඨාභයගේ සුරතය..,

රතුපාට නූල් පොදියෙහි යම් බලයක් තිබුණා වෙන්නට බැරිද…

බලයක් ගැන දන්නේ නැත… ඇතැමුන් කියන්නේ එය ඥානා අක්කා තමා වෙත පැමිණෙන බැතිමතුන්ව දැපනේ දා ගැනීමට කරන ඇස්බැන්දුමක් බවය. තවත් අය කියන්නේ, එය ඥානා අක්කාගේ සාස්තර මැඳුරට නෑකම් කියන විචිත්‍රවත් සංකේතය කියාය. කොහොම නමුත් ඥානා අක්කා ඒ ඇස්බැන්දුම් තුළ ලබාගත් ලාබ ප්‍රයෝජන සුළුපටු නැත. ඇගේ වත්කම ගැන ගණනය කිරීම ලෙහෙසි පහසු නැත. එම වත්කමින් ඉතාම සුළු යමක් ගැන කියනවා නම්… අනුරාධපුර ගුවන්තොටුපොළ පාරේ වන ‘ලේක් මොනැක්’ හෝටලය දැන් ඒ ඇත්තිගෙය. කෝටි ගණනක මුදල් ලංසුවක් මත ඇය අනුරාධපුර නගරයේ කඩ පේළියක්ම තම අයිතියට ගෙන ඇත. ඒ කීවේ ඇගේ ධනයෙන් ඉතා අල්පයකි. සුළු රෝහල් සේවිකාවක ලෙස මීට කලකට ඉහත සේවය කළ ඥානා මේ විදියට පොහොසත් වීමේ රහස ඇත්තේ ඇගේ කදිම ඇස්බැන්දුම තුළම පමණය.

ඔය විදියට බලන කොට ගෝඨාභය ඇයට මොන තරම් තෑගි බෝග දෙන්නට ඇතිද…

සමහර විට එය ඇයට ලැබුණු හොඳම සංග්‍රහය වන්නටද පුළුවන. නමුත් ඒ සඳහා සාක්කි නැත… තොරතුරු නැත… සියල්ල රහසක්ය. හැබැයි එකක් කියන්නට හැකිය. ඒ ඥානා අක්කා වෙනුවෙන්, සිය ගණනක් වූ හමුදා සෙබළුන් සහ පොලිස් නිලධාරීන් ආරක්‍ෂාව සපයන්නට තරම් ගෝඨාභය ඇයව නතුව සිටි කාරණය අරබයා කුමක් හෝ ‘යටිකූට්ටු කතන්දරයක්’ තියෙන බවය. පසුගිය දවස්වල මුහුණුපොත සහ සමාජජාලා වෙබ්අඩවිවල පළවූ පෝස්ට් සහ පින්තූර තුළින් ගම්‍ය වූයේ ගෝඨාභය ඥානා අක්කාගේ ඇකයේ නැළවෙන කිරි දරුවෙක් යන අරුතය. සරලව කියනවා නම් ඥානා ගෝඨාභය ජනාධිපතිව හොඳ හැටි අන්දවා ඇති බව ලෝකයා දැනගෙන හමාරය.

එවැන්නක් කොහොම වෙන්නද..?

රෝහලක සුළු රැකියාවක නියුතුව සිටි ගමේ අම්මණ්ඩියෙකුට එතරම් හපන්කමක් කරන්නට පුළුවන්ද..?

එතකොට කාලි අම්මාගේ දේව බලයෙහි වරප්‍රසාදය ලැබ එයින් යම් අනුහසක් ආරූඪ කරගන්නා ඥානා අක්කාට ඇත්තටම යම් බලයක් තිබුණද..?

කතාවේ හොඳම තැන එතැනය..,

ඥානා අක්කා පමණක් නොව… බොහෝ ආසියානු කාන්තාවෝ අද ඔය ආරූඪ යැයි කියන වචනය ඔළුවට ගෙන බොහෝ කූට ව්‍යාපාර කරගෙන යති. ඔතැනින් අතළොස්සකට පමණ උපතින් පැමිණි යම් හැකියාවක් මත සාස්තර කලාව සුළුවට පිහිටියද බොහොමයක් දෙනාට එහෙම අනුහසයක්වත් නැති ගානය. එහෙම අනුහසක් තමාට ඇතැයි යන මතය හෝ මේනියාව බොහෝ කාන්තාවන් හිතට ගන්නේ තමනට ළැදිව සිටි කිසිවෙකු මියගිය පසුවය. අම්මා, තාත්තා හෝ ආච්චි, සීයා වැනි අය ඒ හැඟීමට විශේෂ වේ. තවත් අය දෙවියනගේ බලය තමාට ඇතැයි යන ආරූඪය හිතට ගනිති. ඒ අනුව ‘දේවානු බලයෙන් අනාවැකි කියනු ලැබේ.’ යනුවෙන් බෝඩ් ලෑල්ලක් කොහේ හෝ කාමර කෑල්ලක අමුණා වැඩේට බසිති. ඥානා ද මුලින් කළේ ඒ තාලයටය.

ඥානා අක්කා සිය ව්‍යාපාරය පුංචියට වාගේ, පටන්ගත්තේ සැමියාගේ හදිසි මරණයෙන් පසුව යැයි රාවයක් වේ. 88-89 අවධියේ මියගියා කිව්වාට ඔහුව මරා දැමූ කතන්දරයක්ද ප්‍රසිද්ධය. එදා ඉඳන්ම ඥානා තම සැමියාව එලෙස මරා දැමුවේ කවුරු විසින්දැයි යන අබිරහසේ සුලමුළ සොයයි. නමුත් තවමත් ඒ ආරංචියත් ඇයට ලැබී නැතුවාසේය. එය නම්, ටිකක් හිතන්නට ඕනෑ කාරණයකි. ඇයිද..? කියනවා නම් අනුනට නිමිති කියන ඔය තරමට බලය ඇති කාලි අම්මා’ගේ ‘දූට’ තම සැමියා මරාදැමූ අය සහ ඊට හේතුව සොයාගන්නට බැරි නම් ඒ නිමිති බලයේ ඇති ඵලය කුමක්ද…?

ඥානා අක්කාගේ නිමිති බලය ගැන හෑල්ලුවට ගන්නටද බැරිය… මොකද… ඈ කාමර කෑල්ලක ඉඳන් පටන්ගත්ත සාස්තර ගෙදර අද පිහිටා තියෙන්නේ සුපිරි පන්නයේ මන්දිරයකය. සාස්තරකාරයන් හැමෝටම එහෙමය… මොන බොරු කියා අසරණ මිනිසුන් රැවැට්ටුවද අහවල් සාස්තර තැන තමාව රැවටූ බව ඒ ඒ අයට දැනෙන විට සාස්තරකාරයා පොහොසත් වී හමාරය. ඥානාගේ සාස්තර කලාවද සිදුවූයේ ඒ තියරියටය. පුංචියට වාගේ පටන්ගත්ත ඥානාගේ සාස්තර කුටිය ඒ කාලේ ගම්වාසීන් හඳින්වූයේ ‘ඥානාක්කාගේ සාස්තර ගෙදර’ යන ගැමි වහරකිනි. දැන් කවුරුත් එය හඳුන්වන්නේ ‘දේශපාලන සාස්තර ගෙදර’ කියලාය. ඒ නම ඒකට පටබැඳුණේ එය දේශපාලකයන්ගේ ‘දුක්ගන්නා රාළ’ චරිතය රඟදැක්වූ නිසා එතැන සිදුවූයේ එකෙකු ඥානාගේ ඇස් බැන්දුමට රැවටී රතුපාට නූල්පොට මිටිය අතේ බැඳගෙන අවුත් අනෙක් දේශපාලන සගයාව අවුස්සවන කලාව නිසාය. ඒ කලාව තුළ ඥානාගේ මඩිය තරවී පොහොසත් වූයේ ‘දේශපාලනය’ කියන වටපිටාව තුළ ‘මැම්බර්ගේ සිට ඉහළ තනතුරු දරන මැති ඇමැතිගොල්ලන් සමග ජනාධිපතිවරයාද ඥානාගේ රසවත් සාස්තරයට රැවටී ඇස්බැන්දුමට හසුවූ නිසාය.

ටක්කෙට හරිගිය නිමිතිද ඇයගේ සාස්තරවල සමහර විට තිබුණා…

ඔව්… ඒක කොහොමත් සාස්තර කලාවේදී එහෙමය. නිමිති දහයක් කී විට එකක් හෝ හරියන කණා චාන්ස් ඇත. ඥානා අක්කාගේ ආරූඪ සාස්තර කලාවේදී එය සම්මත වන්නට ඇත. අනෙක තම දුක කියන්නට… පෙරමග කොහොමදැයි නිමිති බලා ගන්නට අපල උපද්‍රව සමනය කරගන්නට යමෙකු මොන කලාවට හෝ සාස්තර කියන අයකු ළඟට යන්නේද ඒ මනුස්සයට සිදුවන්නේ අබිං කෑ කතාවේ අනෙක් එකය. ආරූඪයෙන් සාස්තර කියන විට සහ ඥානා අක්කා වැනි හැඩකාර ගැහැනු රුවක් අබියසදී ඒ අබිං ගුළියෙහි වශිය වඩාත්ම අවදානම්ය.

නිදසුනක් දෙන්නට බැරි නැත.

ශ්‍රී ලාංකේය දේශපාලන ඉසව්වේ ප්‍රබල චරිතයක් පුටු මාරුවක් ඉහළ තලයකට සිදුවන අවස්ථාවක ඥානා අක්කා ළඟට ආවේ බොහොමයක් වූ පඬුරුපාක්කුඩම් අරගෙනය.

ඒ තනතුර මට කොහොම හරි ඕනෑ ඥානා අක්කේ…

දේශපාලකයා ඥානාට වැන්දේය… ඥානා සර්වබලය සහිතව ආරූඪයෙන් සිය වත්පිළිවෙත් කොට රතු නූල් පොදියද ගැටගැසුවාය. දේශපාලකයා ගෙදර ගියේ හීන ලෝකයක අතරමං වෙමිනි.
සිදුවූයේ කුමක්ද..?

අනේ පුටුමාරුවේදී ඇති වූ හුටපටයක් හේතුවෙන් ඉහත කී දේශපාලකයාගේ කැබිනට් ඇමැතිකමද ගහලා ගියේය. පුංචි පුංචි නිමිති සමහර විටෙක අර මොකක්දෝ හේතුවකට හරියට කියන ඥානා අක්කා බොහෝ කෙරුම්කාර සංගදි හමුවේ පරාදය. හැබැයි මෙය හරිහැටි තෝරා බේරා ගන්නට නොදන්නා ඥානාගේ ‘ඩේලි කස්ටර්මර්ස්ලා’ සමහර අවස්ථාවල ‘වැරැදුණේ ඇයි ඥානා අක්කේ…?’ කියා දැනගන්නත් දේශපාලන සාස්තර ගෙදරට තව තව පඬුරු අරගෙන වඩිති.

ජනපති නන්දදාස ගෝඨාභය ඒ ජාතියේද…

දැන් නම් සියල්ල වෙනස් වෙලා වාගේය. ‘ෆේස්බුක්’ එකේ පෝස්ටු කිහිපයකම ඥානා අක්කාගේ රතුපාට නූල්පොට නැති ඔහුගේ සුරත ගැන මරු යාග හෑලි ටිකක් ඊයේ පෙරෙයිදා සටහන්ව තිබුණා මතකය. හොඳම කාරණය වන්නේ, කාලි මෑණියන් වැනි ප්‍රබල දේවානුභාවයකින් සාස්තර කියන ඥානා අක්කා තමා හඹා එන අරගලකරුවනට බයේ පොලිස් ආරක්‍ෂාව අයැද සිටියේ ඇයි කියන එකය. ඒ මොහොතේ ඇගේ ආරූඪ බලයෙන් දුමක් පිඹ හෝ අරගලකරුවන්ගේ බලය සුනුවිසුනු කරන්නට ඇයට බැරි වුණේ ඇයි..?
යාතිකාවක් කොට ඔවුන්ව ලෙහෙසියෙන් පලවා හරින්නට ඈ කියනා ආකාරයට ඇයට බලයක් තිබුණද ඇගේ ඒ බලය ඒ මොහොතේ චුතවී ගියේ ඇයි..?

තමා වෙත එන අනුගාමිකයන්ගේ හිත්වල සහ ජීවිතවල ඇති දෝෂ පහකරන ගින්දර නිවා දමන ඥානා තම දේශපාලන සාස්තර ගෙදර ගින්නෙන් අළුවී යන දෙස කොහේක හෝ සිට බලා සිටියේ ඇයි..?

ගිනි තියන්නට පන්දම් උස්සනවුන්ගේ අත-පය ගල්කිරීමට ඥානාට බැරි වුණු එක පුදුමෙනුත් පුදුමය.., දේවාරූඪයෙන් ඥානා අක්කාට කාලි අම්මාගේ පිහිට ඒ මොහොතේ ඉල්ලන්න තිබිණි. මහ හඬින් කෑගසා හඬමින් කාලි අම්මාට යාතිකාවක් කොට තමාට විරුද්ධව එන ජන ගංගාව සුනුවිසුනු කර දමන්නට නොහැකි වීම මහා විස්මයක් නොවේද…?

මේ විලම්බීතවලට දියයුතු උත්තර මොනවාදැයි අසන්නට ඥානා අක්කා නැත… ඈ කොහේදෝ හැංගිලාය. ඈ අතුරුදන්ය.

හැබැයි උත්තරය අපට දෙන්නට පුළුවන. සරලම උත්තරය…

‘ඥානා අක්කා ෆේල්ය…’

එයට දැනට ඇති ඇසින් දුටු සාක්‍ෂිය වන්නේ තවමත් ජනාධිපති අසුන හොබවන නන්දසේන ගෝඨාභය තම සුරත ඥානා අක්කාගේ රතු නූල්පොට කිහිපයෙන් නිදහස් කරගැනීමය.

ඉතින්.., ඥානා අක්කාගේ කාලිමෑණි දේවාරූඪය ගැන කවර කතාද…

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ශ්‍රීලනිපය දෙකට කඩා ඇමැතිකම් දෙන්න සියල්ල සූදානම්! එහෙම කළොත් මෛත්‍රී බරපතළ දේශපාලන තීන්දුවක් ගන්න ලෑස්තියි!

Next Post

අරලියගහ මන්දිරය වට කරල තියෙද්දී මිනිසුන්ගෙන් බේරිලා දවස් පහක් තිස්සෙ මහින්ද හැංගිලා හිටපු මොකක්ද මේ සෝබර්ස් දූපත…

MORE NEWS

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

සජබය සහ එජාපය එකතුවීම සම්බන්ධයෙන් එජාප මහලේකම් තලතා අතුකෝරාල මහත්මියගෙන් මාධ්‍ය නාලිකාවක් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී අතුකෝරාල මහත්මිය ඊට ප්‍රතිචාර...

Read more
ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.