මීට පෙර අප පළ කළ පුවතකින් පෙන්වා දුන්නේ කෝටිපතියන් දෙදෙනකුට ආණ්ඩුවේ ප්‍රධාන ආයතන දෙකක සභාපති ධූරයන් භාරගන්නා ලෙසට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවකි.
මෙම කෝටිපතියන් දෙදෙනා වන්නේ සොෆ්ට්ලොජික් ආයතනයේ ප්‍රධානියා වන අශෝක් පතිරගේ මහතා සහ දැවැන්ත සමාගම් කිහිපයක හිමිකරුවා වන ධම්මික පෙරේරා මහතාය.
කෙසේවෙතත් සොෆ්ට්ලොජික් ආයතනයේ සභාපතිවරයා වන අශෝක් පතිරගේ මහතා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති ධූරය භාරගැනීමට එකගතාව පළ කොට ඇති බව දැනගන්නට ඇති නමුත් අනෙක් කෝටිපතියා වන ධම්මික පෙරේරා මහතා විදුලි බල මණ්ඩලයේ සභාපති ධූරය භාර ගැනීම ප්‍රතික්ෂේප කොට ඇති බව වාර්තා වේ.
ඒ මහතා ආණ්ඩුවේ ප්‍රධානීන්ට පෙන්වා දී ඇත්‌තේ ආර්ථික කළමනාකරණය සහ ප්‍රතිපත්ති සැලසුම් සම්බන්ධ යම් වගකීමක් ඉටුු කිරීමට තමන්ට හැකියාව ඇතැයි කියාය.
ඒ අනුව ආර්ථිකය පැත්තෙන් වන වගකීමක් භාරගැනීමට ඒ මහතා එකගතාව පළ කොට ඇති බව වාර්තා වේ.










