• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දළදා වහන්සේ ගැන ඔබ නොඇසූ රහස් මෙන්න…

May 14, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 3 mins read
A A
දළදා වහන්සේ ගැන ඔබ නොඇසූ රහස් මෙන්න…
Share on WhatsAppShare on Facebook

බලය අතහරින්නට බලය ගිලිහී යනවාට අද මෙන්ම එදත් කිසිදු පාලකයකු කැමැති වූයේ නැත. තමන්ට ලැබුණු කුමන බලයක් වුවද ජීවිත කාලයම තමන් වෙතම රඳවාගත හැකිද යන්න සිහින දැකීම එදා මෙදාතුර බොහෝ පාලක කාරකාදීන් තුළින් ඉස්මතුව පෙනුණු කාරණාය. එහෙත් අද මෙන් එදා පාලකයා බලය තමන් සතුව රඳවාගෙන ඉන් අයථා වාසි ලබන්නට සිතුවේ නැති වග නම් අතීතයේ විවිධ යුගවල රාජ්‍ය පාලකයන් රජවරුන් ගැන විමසීමේදී මනාව හඳුනාගත හැකිය. එවක සෑම පාලකයකුම පාහේ රටේ බලය තමන් සතුවූ පසු උත්සාහ කර ඇත්තේ රටට යමක් කිරීමටත්, රටේ අනාගත පැවැත්ම උදෙසා මොනවා හෝ විශේෂ දෙයක් රට වෙනුවෙන් සිදුකිරීමටත් බව එවක පාලකයන් සිදුකළ විවිධ වූ සංවර්ධන මෙන්ම ශාසනික කටයුතු ගැන අවධානය යොමු කිරීමේදී පෙනී යයි.

කෙසේ නමුත් එදා පාලකයන් රටේ පාලන බලය සුරක්ෂිත කර ගැනීම මෙන්ම රටේ ආරක්ෂාව යන කාරණාවලදීත් ප්‍රධානම කාරණාව ලෙස ප්‍රමුඛත්වය ලබාදී ඇත්තේ දළදා වහන්සේට බව පැහැදිලිව හඳුනාගත හැකිය. ඒ අනුව තම හැකියාව මත උපරිම ශක්ති ප්‍රමාණයෙන් පුද පූජා පවත්වා දළදා වහන්සේව ආරක්ෂා කිරීමට කටයුතු කර තිබේ. ඒ සඳහා විවිධ පාලන යුගයන්හි කළ කී දේ අප්‍රමාණය. විවිධ රජවරුන් දළදා වහන්සේගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස ඉදිකළ වෙහෙර විහාර, මාලිගාවන් ගැනද අසන්නට දකින්නට තිබේ. ඒ අතරින් වර්තමානයේ දළදා වහන්සේ වැඩසිටින නුවර දළදා මාලිගය සුවිශේෂ ආරක්ෂාවක් සහිත විශේෂ මාලිගයක් ලෙස හඳුන්වා දිය හැකි අතර එම මාලිගයේ දළදා වහන්සේ තැන්පත් කිරීමෙන් පසු මේ දක්වාම එහි වැඩසිටින අතර එතෙක් මෙතෙක් බිහිවූ සෑම රාජ්‍ය පාලකයකුම සිය ශක්ති ප්‍රමාණයෙන් දළදා වහන්සේ වෙනුවෙන් පුද පූජා පෙරහැර මංගල්‍ය පවත්වමින් කටයුතු කළ බව රහසක් නොවේ. එම තොරතුරු රටවැසි මෙන්ම ලෝවාසී බෞද්ධ සැදැහැවතුන්ද දන්නා මුත් දළදා වහන්සේ පිළිබඳ නොදන්නා නොඇසූ අප්‍රකට පුවත් රාශියක් වෙයි.

එවැනි කරුණු අතර දළදා වහන්සේගේ ආරක්ෂාව උදෙසා වැඩම කරවූ මෙන්ම සඟවා තැබූ ස්ථාන විශේෂ වෙයි.

ඒ අනුව දළදා වහන්සේ විවිධ රාජ්‍ය පාලන යුගවලදී ඒ ඒ රාජ්‍යයන් ආශ්‍රිතව ඉදිකෙරුණු විශේෂිත මාලිගයක වැඩවාසය කර ඇති අතර ඒ සෑම තැනකදීම එම පාලන කාලයට ගැළපෙන විශේෂතා සහිතව මාලිගා ඉදිකරවා ඇති බව පැහැදිලි වෙයි.

කෙසේ නමුත් ලංකාව මෙන්ම ලක්වැසියන්ද විදෙස් ආක්‍රමණ තුනකට මුහුණදී විවිධ හැලහැප්පීම් මැද අභියෝග මැද ඉදිරියට පැමිණි වග අතීත තොරතුරු විමසීමේදී හෙළි වෙයි.

ඒ අනුව පෘතුගීසි ලන්දේසි සහ ඉංග්‍රීසි යන ජාතීන් තුන් වර්ගයක ආක්‍රමණයන් සිදුවූ අතර එම ආක්‍රමණ තුනේදී මෙරට ජනයා සිය වටිනාකම්, චාරිත්‍ර වාරිත්‍ර මෙන්ම සිය උරුමයන් සුරක්ෂා කරගැනීමටත් මහා වෙහෙසක් ගත්තේය.

උඩරට රාජ්‍යය ඉංග්‍රීසින් සිය සම්පූර්ණ බලයට යටත් කරගන්නා තුරු මෙරට ජනයා රටේ ප්‍රදේශ පාලන බලතල අල්ලගෙන සිටි පෘතුගීසීන් මෙන්ම ලන්දේසින්ද තමන්ට අවස්ථාවක් ලද විගස විවිධ උපක්‍රම යටතේ උඩරට ආක්‍රමණයට කටයුතු කර තිබේ. එසේ විවිධ අවස්ථාවන්හි අධිරාජ්‍යවාදී ආක්‍රමණයන් උඩරට ඉලක්ක කරගනිමින් සිදුවෙද්දී එවක උඩරට පාලන බලය හැසිරවූ රජවරු දළදා වහන්සේගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම තම ප්‍රථම රාජකාරිය ලෙස සිතා කටයුතු කළ බව පැවසෙයි. ඒ අනුව ඒ මොහොතේ දළදා වහන්සේට උපරිම ආරක්ෂාවක් ඇතැයි විශ්වාසයක් ඇති ස්ථානයට දළදා වහන්සේ වැඩම කරවීමට එවක රජවරු කටයුතු කර තිබේ. ඉතා රහසිගතව අප්‍රකටව සිදුකර ඇති එම කාර්යය හේතුවෙන් දළදා වහන්සේ රැක ගැනීමට එවක සිටි පාලකයන්ට හැකි වූ බවද සඳහන් වේ.

එවැනි රහසිගත ස්ථාන අතර බඹරගල විහාරයට හිමිවනුයේ සුවිශේෂ තැනකි. මහියංගනය මාර්ගයේ ගමන් කර බඹරගලට ළංවිය යුතු අතර ස්වභාවික පාරිසරික පිහිටීම අනුවද එම විහාරයේ ඇත්තේ විශේෂ ආරක්ෂාවකි. ඉතා පැරැණි විහාරයක් ලෙස මෙම විහාරය ගැනත් එහි ඉතිහාසය ගැනත් සාක්ෂි සාධක සහිතව ඔප්පු වී ඇත. පළමුවැනි සියවසටත් වඩා පැරැණි බ්‍රාහ්මී අක්ෂර බඹරගලින් හමුවී ඇති අතර අතීත ආරණ්‍යවාසී හිමිවරුන්ගේ මූලස්ථානයක් ලෙසටත් බඹරගල විහාරය හඳුනාගෙන තිබේ. මෙහි ලෙන් විහාර රාශියකි. එහෙත් කොතරම් ආරක්ෂා සහිත තැනක් වුවද එකම ස්ථානයක දළදා වහන්සේ තැන්පත් කර තැබීම ගැන විශ්වාසයක් නොවූ නිසාදෝ තවත් අවස්ථාවක මැදමහනුවර රජමහා විහාරයටත් දළදා වහන්සේ වැඩමවීමට කටයුතු කළ බව පැවසෙයි. තවත් විටෙක කෙවුල්ගම රජමහා විහාරයටත් දළදා වහන්සේ වැඩමවා ඇති බව පැවසේ. පරිසර පිහිටීම් අතින් අතිශය දුෂ්කර ස්ථානයක් වුවද එය ආරක්ෂාව අතින් ඉහළම අගයක තිබූ විහාරයක් බවයි පැවසෙන්නේ. එම විහාරයේ තාවකාලිකව වුවද දළදා වහන්සේ වඩම්මවා සිටියදී අදාළ පුද පූජා තේවා ආදියට බාහිර ප්‍රදේශ හා තිබූ සම්බන්ධතා අවම වූ හෙයින්දෝ එම ආවතේව කටයුතු සඳහා වෙනමම තේවා උපකරණ පවා එම විහාරයට ලබාදීමට එවක පාලකයන් කටයුතු කර ඇත. එම උපකරණ අදටත් ඒ විහාරය ආශ්‍රිතව තැන්පත් කර තිබීමෙන්ම ඒ බව මනාව පැහැදිලි වෙයි.

කෙසේ නමුත් දළදා වහන්සේ ගැන රාජ්‍ය පාලකයන් දැක්වූ විශේෂත්වය මෙන් සියදහස් ගුණයක වගකීමක් වගවීමක් කැපවීමක් භික්ෂුන් වහන්සේද සිදුකර තිබේ. මන්ද විවිධ විහාරස්ථාන ආශ්‍රිතව දළදා වහන්සේ වඩම්මවා රහසිගතව ආරක්ෂා කරන අවස්ථාවන්හි ඊට අදාළ සියලු තේවා කටයුතු නොපිරිහෙළා ඉටුකරන්නට උන්වහන්සේලා කටයුතු කළා සේම දඹුලු කැලේ ආශ්‍රිතව දළදා වහන්සේව සඟවාගෙන ආරක්ෂා කළ අවස්ථාවකත් සියලු පුද පූජා තේවා ටයුතු කිරීමට භික්ෂුන් වහන්සේ කැපවීමෙන් කටයුතු කර තිබේ.

දඹුලු කැලේ ආශ්‍රිතව දළදා වහන්සේ සඟවාගෙන ආරක්ෂා කරද්දී එවක සිටි ඉතා විශිෂ්ට භික්ෂුන් වහන්සේ නමක වූ වාරියපොළ සුමංගල හිමියන් ගැන ඇත්තේ ඇදහිය නොහැකි මහා කැපකිරීමක පුවතකි. එවක දළදා වහන්සේ සුමංගල හිමියන්ගේ උරහිසේ සිවුරු වාටියේ ඉතා ආරක්ෂිතව රඳවාගෙන සිට ඇති අතර උන්වහන්සේ දළදා වහන්සේට ගෞරවයක් ලෙස එම දින ගණනාවම එකම දිශාවකට හිස හරවාගෙන සිටීම නිසාම උන්වහන්සේගේ හිස අනෙක් දිශාවට හැරවීමට නොහැකි ලෙස හැඩගැසී තිබූ බවයි පැවසෙන්නේ. මොනම හේතුවකටවත් තම හිස අන් දිශාවකට නොහරවා සිටිමින් එදා වාරියපොළ සුමංගල හිමියන් කළ කැපකිරීම කොතරම්දැයි එයින්ම පැහැදිලි වනු ඇත.

මේසා විශාල කැපවීම් කරමින් එදා මෙදාතුර ඉතිහාසයේ දළදා වහන්සේ සුරකිමින් කටයුතු කරන ලක්වාසීන්ට ලක්බිමට අවැඩ සිදුවීමට කිසිදු ඉඩක් නැතැයි තතු දන්නෝ විශ්වාස කරති. එහෙයින් අද මෙන්ම හෙටත් තුන් හෙළයේ මුදුන්මල්කඩ වූ දළදා වහන්සේගේ පිහිට ආරක්ෂාවෙන් මේ මහා භූමිය ආරක්ෂා වේවායි අපි පතමු.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

රන්ජන් කී දේ අද සත්‍ය වී ඇත! වෙසක් සඳ නැග එද්දී ඔහු නිදහස ලබනු ඇතැයි මම විශ්වාස කරමි! සනත් ගුණතිලක!

Next Post

ඉදිරි මාස හයේ එයාගෙ ආදරේ වැඩියෙන් දිනාගන්න…

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.