මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව පනවනු ලැබූ ඇඳිරි නීතිය සම්බන්ධයෙන් නිවේදනයක් අද ගාලු මුවදොර අරගල භුමියේ සිටින පිරිස වෙත පොලීසිය විසින් ලබාදී තිබෙනවා.
ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදූ ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නොමැති බවයි දැනුම්දී ඇත්තේ.
කෙසේ නමුත් ගාලුමුවදොර අරගලකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
අද (11) දහවල් මානව හිමිකම් කොමිසමෙන් පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, එම ස්ථානයේ සිටින අය සාමකාමීව සිටින තුරු කිසිඳු ගැටලුවක් ඇති නොවන බවයි.









