ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අමෙරිකානු අධිකරණයක් හමුවේ පවරා තිබූ නඩුවක් ඉවත් කර ගැනීමට කටයුතු යොදා ඇත.
රෝයි සමන්තානන් නැමැති පුද්ගලයකු විසින් වදහිංසා පැමිණවීමක් සම්බන්ධයෙන් චෝදනා කරමින් ඉකුත් අප්‍රේල් මාසයේ කැලිෆෝනියා අධිකරණයක් හමුවේ මෙම නඩුව පවරා තිබිණ.
මේ වනවිට ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාව සිටින බැවින් මෙම නඩු කටයුත්ත තාවකාලිකව ඉවත් කරගත් බව ඔවුන් අධිකරණයට දැනුම් දී තිබේ.










